Thursday, December 29, 2011

විභාගය ෆේල් උන මල්ලිලා වෙනුවෙන්


මම මේ කතාව කියන්නේ විභාගය Fail උන මල්ලිලා වෙනුවෙන් මයි.....ඔයාලා මගේ යාළුවෙක් කියලා හිතලා මම මේ කතාව කියන්නම්....එතකොට ඔයාලාගේ හිතට මාව සමීප වෙයි....

Result බලන්න දෙයක් නෑ...උඹ දන්නවා උඹ Fail කියලා....
ඒක විභාගය ලියන්න කලින්,ලියල ඉවර උනහම තේරිලා ඉවරයී...
ඔන්න ලගඳි Result එනවා අල්ලපු ගෙදර ඇන්ටි ඔයට ඔයාගේ අම්ම ඉස්සරහම කියනවා...
උඹට එන තරහා....
කුණුහරප කෝටියක් කටට එනව කියන්න....
ඇයි මල වදේ මුන්ගෙන් අපි කාලා ඇඳල ඉන්නවද....??
ඕනේ නැති දෙයක් නෑ...
උඹ අල්ලපු ගෙදර ඇන්ටිව හිතෙන් මරල ඉවරයී....
Result එනවා කියනකොටම මතක් වෙන්නේ...
විභාග දෙපාර්තමේන්තුවට බොම්බයක් ගහන්න...
ශික්... කොටි හිටියනම් කියල වැඩක් නෑ....

මම දන්නව මල්ලි උඹේ හැටි...
කොල්ලෙකුගෙ මළ ගෙයක් ,දානේ ගෙයක් මිස් කලේ නෑ...
යළුවෙක් මොකකට හරි කතා කොලොත්...
උඹ බොක්ක උනත් දෙන්න ගියා....
කොල්ලොත් එක්ක එකතු වෙලා බීපු හැටි මතකද...?
අම්මට සිරී මතක් වෙනකොටත් උඹේ දිව ටිං ටිං ගානවා නේ....
පන්ති Cut කරලා යඵවොත් එක්ක Film එකක් බලන්න ගියා...
නැත්නම් පොඩ්ඩක් සෙට් වෙන්න ගියා....
කොල්ලොත් එක්ක Collection දාලයි මේක කරේ...
වත නැති උන්වත් උඹ ඇදන් ගියා...
මම දන්නව මලේ උඹේ හැටි...
එළ කිරි කලේ...

මේ කොල්ලෝ..
මතක් කරපන්කො දැන් උඹ යාළු වෙලා ඉන්න පුන්චි නංගියා ගැන...
අන්න කොල්ලගේ හිතට දුක අතරින් පැණි හිනාවක් ආවා....
මේ මගුල් විභාගේ නෙමෙයි...
මොනා නැති උනත් එකී මාත් එක්ක හැමදාම ඉන්නවා...
උඹේ හිතට දැන් හිතුනේ එකයි....
ඔන්න ඔතනට මල්ලි මම පස්සෙ එනවා....
උඹ එකිගේ පන්ති ඉවර වෙන වෙලාවට එනවා උඹ පංති නොගිහින්..
උඹට එකි දැක්කත් ඇති හිත පිරෙනවා...
උඹ ඒකිට කියන්නේ නෑ පන්ති නොගිය බවක්,,,
කිව්වොත් වසලා හමාරයි නේ...
උඹලා දෙන්නත් එක්ක පොඩි කයියක් දාගෙන ඉඳලා ...
ඒකිව ඇරලන්න බස් එකෙත් යනවා...
උඹ කොච්චර බස් පදින්න ඇතිද මල්ලී...
පාරේ තියෙන වලක් වලක් ගනේ උඹට කියන්න පුළුවන්....
එකිව හම්බ වෙන්න තියෙනවනම් උඹ බෙල්ල කඩන් එන බව මම දන්නවා මල්ලී....
මේ සියලු දහ අට සන්නියක් නටන ගමන් උඹ විභාගයට සෙට් වෙන්නේ මාසයක් තියලා...
අවුරුදු 2.5 ඒවා මාසෙන් අදින්න සක්කරයටවත් බෑ...
උඹත් දන්නවා ඒක,,ඒත් ගෙදර මිනිස්සුන්වත් රවට්ටන්න ඕන නේ...
කොහොහොම හරි විභාගය ලිව්වා....

ඔන්න ගෙදර ආවහම අම්ම අහනවා මොනවද පුතේ Paper එකේ තිබුනේ කියලා...
උඹට අසූ හාරදාහට මළ...
අකුරු මිසක් වෙන මොනවද...?
උඹ අම්මට එහෙම කියලා ලිස්සලා යනවා....

දැන් ඔක්කොම හරි ගෙදරින් බල කරන නිසා උඹ යනවා Result බලන්න...
ගෙදර එන්නත් මොකක්ද වගේ ...
ඒත් උඹ ගෙදර එනවා ..
වෙන කොහේ යන්නද...
මළා..!!!!!!!!
අද තාත්තත් ගෙදර කලින්ම ඇවිල්ලා..
ඒ මිනිස්සු පෙර මගට ඇවිත් උඹව පිලි ගන්නවා..
ඒත් තාත්තට නම් උඹව දැක්ක ගමන් කියන්න පුලුවන්....
මොකක් හරි අවුලක් කියලා....
උඹ Result Sheet එක අම්ම අතට දීලා කාමරයට Shape වෙනවා...

බැනුම් කෝටියයි උඹ ඇඳේ නිදි...
අම්මා බැන බැන කාමරේට එනවා...
මේ Result වලින් ගමටම Light දෙන්න පුලුවන්...
පන්ති යනවයි කියල රට වටේම දිව්වා..
බලපන් මොනවද උඹ කරේ...
උඹටත් මල,,මොන මොනවද උඹත් අම්මට කියෙව්වා...
අම්මත් ටිකකින් කාමරෙන් එලියට ගියා...
එලියට බහින්නත් මොකක්ද වගේ..
කවුරු හරි ඇහුවොත් දෙන්න උත්තර නෑ....

දැන් ඔක්කොම ඉවරයි..

මගේ මල්ලි උඹට මම බනින්නේ නෑ..

උඹ දැන් ගත්ත තීරනය මොකද්ද...?
ආපහු සැරයක් විභාගේ කරනවද...?
එහෙම තීරනය කලා නම් බැහැලා කරපන්....
අපත ජේවිතේ අත ඇරපන්...
ආපහු ඔය Result එකම ඕන නම්....
දෙයියන්ගේ නාමෙන් අපහු සැරයක් විභාගේ කරන්න එපා,,
යකෝ උඹේ අම්මා පව්...
ඒ මනුස්සයගේ හිතේ තියෙන ගින්දර උඹට දැම්ම දැනෙනේ නෑ...
එකට කාලයක් යනවා...
උඹේ හැකියාව තියෙන්නේ වෙන පැත්තකටනම්...
ඒ අංශයෙන් ඉස්සරහට පලයන්...
ජනවාරි මාසයේ සියලු පාඨමාලා පටන් ගන්නවා...

ඒත් මල්ලී මම උඹට කියන්නේ......
තව පරක් විභාගේ කරන්න කියලා...
බොක්කෙන්ම කරපන්...
උඹ වෙන ඒවා බැහැල කරනවනම්....
ඇයි මේ පැය තුනක Paper එකකට පාඩම් කරල ලියන්න බැරි...
මම උඹට බණ කියනවා නෙමෙයි...

මල්ලි උඹ තව දුරටත් දඩ අපත ජීවිතයක් ගත කලොත්,
උඹේ කෙල්ල උඹව දාලා යනවා...
බොරුනම් බලපන්..
කෙල්ලො කවද්ද මල්ලි කැමති දුක් විඳින්න..

උඹට මම කියන්නෙ නෑ Degree ගහන්න කියලා,,
හැබැයි බැරි නෑ...
උඹේ කෙල්ල උඹව දාලා ගිය දවසට උඹ විභාගේ Fail උනාටත් වැඩියෙන් ජීවිතේ වැටෙනවා..
අන්න ඒ තත්වය නැති කරගන්න පුළුවන් උඹටම විතරයි...
මල්ලි දැන් ආදරය කියන එකත් මුදල් මත යැපෙන දෙයක්,,
ඒක උඹට මට වෙනස් කරන්න බෑ..
කොල්ලො අවන්කයි ඒකම මම දන්නවා...
ආර්ථිකය තියෙනවනම් Aishwarya Rai වගේ කෙල්ලො උඹ පස්සෙන් එනවා...
මම කියන්නේ බොරු කියලා හිතෙනවනම් මෙහෙම දෙයක් කරපන්..

"උඹ කාගේ හරි අදුනන කෙනෙක්ගේ Hybrid කර් එකකින් ....
පන්තියක් ගාවට ගිහින් Phone එකත් කනේ ගහන් බැහැපන්..
උඹ කලින් Try කරලා දාගන්න බැරි කෙල්ල විතරක් නෙමෙයි ,
එතන ඉන්න හැමදෙනාගේම අවධානයට උඹ ලක් වෙනවා...
කොටින්ම කිව්වොත් උබට Aunt කෙනෙක් උනත් වැටෙනවා..."

ඔන්න ඕකයි මල්ලියේ සරළම කතාව...
සල්ලි හම්බ කරන්න නේ අපි හැම දෙනාම මේ දහ දුක් විඳිනේ...

ගැරජ් එකක් හරි දාගනින් තව අවුරුදු හයක් යනකොට උඹට ලොවෙත් සල්ලි හම්බ කරන්න පුලුවන්....

තීරණය උඹේ අතේ........

මල්ලි උඹට මම මේ කිව්වේ වැදි බණ නෙමෙයි..

උඹට මම රහසක් කියන්නම්.....
මටත් ඔය හැමදෙයම උනා...
මට හැම දෙයම නැති උනා...
උඹට වගේම මේ මගේත් ජීවිත අත්දැකිම්..
ජීවිතේ දිනපන් මගෙ මල්ලි...
උඹට පුලුවන් ඒක කරන්න ...
උඹට හිනා උන අයට,
අපිව දාල ගිය අයට,
ජීවිතේ දිනල පෙන්නපන්.....
හිතුවොත් කරන්න බැරි දෙයක් ලොවෙත් නෑ....
අසරණ අම්මටයි තත්තටවයි තව කලයක් ජීවත් කරපන්...
ඒ මනුස්සයෝ උඹ හින්දා විඳෙවා ඇති...
මම කැමති නෑ මල්ලි උඹව අමාරුවේ වැටෙනවා බලන් ඉන්න...

මගේ මල්ලිට ජය වේවා...