සිංහලයන් එහෙම කියන්නේ හැම තිස්සෙම කේන්ති යන මනුස්සයකු දැකපු විටය. එහෙම නැත්නම් ගස්සාගෙන පුම්බාගෙන යන ගැහැනියක දැකපු විටය.
"ඇත්තටම මොනවද මේ නයි මිරිස්?"
"නයි මිරිස් වගේ"
සිංහලයන් එහෙම කියන්නේ හැම තිස්සෙම කේන්ති යන මනුස්සයකු දැකපු විටය. එහෙම නැත්නම් ගස්සාගෙන පුම්බාගෙන යන ගැහැනියක දැකපු විටය.
"ඇත්තටම මොනවද මේ නයි මිරිස්?"
නයි මිරිස් කියන්නේ අමුතු ජාතියක් නොව පට්ට සැර මිරිස් ජාතියකි. නයි කියලා කියන්නේ නයා වාගේ සැර නිසාය. නයි මිරිස් කෑවොත් දුම් පිටවන්නේ කන් දෙකෙන් විතරක් නොවේ. හැබැයි නයි මිරිස් කියන්නේ ඉව්වාම පුදුම රසක් තියෙන වෑංජනයකි. ඒ නිසා දුම් පිටකර ගන්නේ නැතිව නයි මිරිස් කන්න පුළුවන් නම් ඒක ඉතින් පෙර පිනක්ය. හැබැයි මිරිස් වෑංජන කාලා හොඳ පළපුරුද්දක් තියෙන කෙනකුට මිසක් වෙන කෙනකුට නම් නයි මිරිස් වෑංජනයක් කන එක ලේසි නැත. හැබැයි කන්න පුළුවන් නම් හරි ෂෝක්ය. රස නහර පිනා යයි
‘ෂ් . . .’ දිවට සැර මිරිස් සැර නො මැතිව සමහරුන්ට කෑම පිඟානට අත ගසන්නවත් සිත් නො දෙයි.
එපමණටම ඔවුනගේ දිවට මිරිස් සැර අවශ්‍යය. මේ අවශ්‍යතාව විශාල වාසියක් මිනිස් සිරුරට සලසන බව විද්‍යාඥයන් සොයා ගෙන තිබේ.
දිනපතා මිරිස් කෑමට එක් කර ගැනීමෙන් කුසගින්න අඩු වෙන බව ඉන්දියානා හි පර්ඩු සරසවියේ පර්යේෂකයන් සොයා ගෙන තිබේ.
මිරිස්වලට සැර ගෙන දෙන කැප්සෙයිසින් රසායනය කුසගින්න අඩු කරන අතර ශක්තිය ද දහනය කරයි.
ආහාර වේලට නො වරදවාම මිරිස් එක් කර ගැනීමෙන් දිග දුරක දිව යාමට ද හැකි වේ.
ආහාර ජීර්ණය කිරීමේ අපූරු ගුණයක් මිරිස් සතුව ඇත. සිරුරේ උණුසුම මිරිස් කෑමත් සමඟ වැඩි වන නිසා සීත දේශගුණයකදී ෂ්, ෂ් . . . ගා සැපීමට ද මෙය කදිමයි.
සිරුරේ උෂ්ණත්වය වැඩි වීම නිසා අනවශ්‍ය කැලරි දහනය වෙයි.
ලෝකයේ සැරම මිරිස් වර්ග.
- Serrano pepper
-
Tabasco
-
Cayenne
-
Tepin
-
Guntur
-
Scotch Bonnet
-
Habanero
-
Red Savina
-
Ghost Pepper
-
Trinidad Moruga Scorpion Pepper
-
0 comments:
Post a Comment