Tuesday, September 10, 2013

පාසල් සිසුන්ට යකඩ, ෆෝලික්‌ අම්ල සහ විටමින් සී ලබා දීමේ වැදගත්කම

පාසල් සිසුන්ට යකඩ, ෆෝලික්‌ අම්ල සහ
විටමින් සී ලබා දීමේ වැදගත්කම

පාසල්වල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්‌වා ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා යකඩ පෙති, ෆෝලික්‌ අම්ල පෙති සහ විටමින් C පෙති ලබා දීමේ දීපව්‍යාප්ත වැඩසටහනක්‌ සෞඛ්‍ය අමාත්‍යංශය ම`ගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ ඇති රක්‌තහීනතාව වළක්‌වාගැනීමට මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ වසරේ ජුලි මාසයේ සිට මේ අතිරේකය ලබා දීමට අපේක්‍ෂා කර තිබිණි. මේ ලිපිය මේ වැඩසටහන පාදක කරගෙන සැකසෙයි.

වයස අවුරුදු 10ත් 19ත් අතර පසු වන්නන් යොවුන් වියේ හෙවත් ගැටවර වියේ පසු වන්නන් ලෙස සැලකේ. යොවුන් වියේ සිටින අය ගේ එදිනෙදා කටයුතුවලට, ඉගෙනීමේ කටයුතුවලට සහ පසුකාලීනව රැකියාවලටත් රත්තහීනතාව හෙවත් නීරක්‌තිය අහිතකර ලෙස බලපායි.

මේ කාලයේ දී නොයෙක්‌ පාඨමාලාවලට සහභාගී වීම, ක්‍රීඩා කිරීම වැනි ක්‍රියාශීලී ජීවන රටාවකට හැම යෞවනයෙක්‌ ම යොමු වේ. මේ අතර මස්‌ පිඬු වර්ධනය, කොණ්‌ඩය දික්‌ වීම, උස යැම ආදිය ද සිදු වේ. මේ කටයුතු සඳහා සිරුරේ අඩංගු යකඩවලට වැඩි කාර්යයක්‌ කිරීමට සිදු වේ. ඒ අතර ඔවුන් ගේ සමහර වැරැදි ආහාර පුරුදු නිසා සිරුරට ලැබෙන යකඩ ප්‍රමාණයත් අඩු වේ. මේ නිසා හොඳ පෝෂණයක්‌ නො ලැබුණ හොත් නරක ප්‍රතිඵලයක්‌ ලැබිය හැකි ය.

ලේ හි`ගකම හෙවත් රක්‌තහීනතාව නිසා ක්‍රියාශීලී ජීවන රටාවකට බොහෝ අවාසි සිදු වේ. ඒවා අතර නිතර නිතර අසනීප වීම, සුළු වැඩක්‌ කළත් බොහෝ වෙහෙස දැනීම, කම්මැලි ගතිය, කොපමණ පාඩම් කළත් මතකයේ නො රැඳීම වැනි අවාසි වේ. එසේ ම ඇෙ`ග් තෙහෙට්‌ටු ගතිය, ඇස්‌ සුදුමැලි ස්‌වභාවයක්‌ ගැනීම, නිතර කේන්ති යැම, හිස කෙස්‌ ගැලවී යැම, කැම අරුචිය ද ඇති විය හැකි ය. මේ පෝෂණ ගැටලු අඩු කිරීමට ප්‍රධාන ආහාර වේල් සඳහා සමබල ආහාර ගැනීම ඉතා වැදගත් වේ. අපේ සිරුරේ ලේ වැඩීම සඳහා යකඩ, ෆෝලික්‌ අම්ල සහ විටමින් C උපකාර වේ.

පාසල් යන දරුවන් බොහෝ දෙනකුට ප්‍රධාන ආහාර වේල් 3න් එකක්‌ හෝ කීපයක්‌ ම`ගහැරේ. ඔවුහු ඒ වෙනුවට සුළු ආහාරයක්‌ ගැනීමට පුරුදු වී සිටිති. මේ නිසා නිසි පෝෂණයක්‌ නොමැති වීම අද පාසල් දරුවන් අතර දක්‌නට ලැබෙන ප්‍රධාන ගැටලුවක්‌ බවට පත් ව තිබේ.

පාසල් සිසුන් අතර ඇති වන රක්‌තහීනතාව දුරු කිරීමට මාස 6ක කාලයක්‌ එනම් සති 24ක්‌ සතියකට එක දවසක්‌ යකඩ පෙති 1ක්‌, ෆෝලික්‌ අම්ල පෙති 1ක්‌ සහ විටමින් C පෙති 1 බැගින් ලබා දීමට රජය කටයුතු යොදා ඇත.

මේ අතිරේකය පටන් ගැනීමට පෙර පණු බෙහෙත් ලෙස මෙබෙන්ඩසෝල් (Mebendazole) මිලිග්රෑම් 500 පෙති 1ක්‌ ගැනීම වඩාත් සුදුසු ය.

මේ අතිරේකය සැම වසරක ම මාස 6 බැගින් ගත යුතු ව තිබේ. මේ යකඩ, ෆෝලික්‌ අම්ල සහ විටමින් C පෙති 1 බැගින් සතියකට එක දිනක්‌ උදේ හෝ රාත්‍රී ආහාරයට පැයකට පමණ පසු ජලය සමග බීම කළ යුතු ය.

මේ බෙහෙත් පෙති සුළං නො වදින ආකාරයට බෝතලයකට දමා හොඳින් වසා තැබීම ඉතා ම වැදගත් ය. සුළං වැදීම නිසා පෙතිවල ඇති ගුණය සම්පූර්ණයෙන් ම නැති වී යයි. එමෙන් ම මේව පත්තර කඩදාසිවල ඔතා නො තැබිය යුතු ය. එසේ කිරීමෙන් ද පෙතිවල ඇති ගුණය නැති වී යයි.

සමහර අයට මේ පෙති ගන්නා විට ඔක්‌කාරය, වමනය හිස රුදාව, කළු පාටට මළ පහ වීම ආදිය ඇති විය හැකි යි. එහෙත් ඒවා ටික දිනකින් ම`ගහැරී යන නිසා කලබල වීමට වත්, බිය වීමට වත් අවශ්‍ය නො වේ.

නව යොවුන් වියේ ඉන්න දරුවන්ට පමණක්‌ මේ පෙති දීමට කටයුතු කරන්නේ විශේෂ කරුණක්‌ මත ය. උස යැම, සිරුරේ වර්ධනය සිදු වන්නේ මේ අවධියේ දී ය. එසේ ම ප්‍රධාන ආහාර වේල් ම`ගහැරීමත් මේ අවධියේ දී බොහෝ දුරට සිදු වන බව දක්‌නට ඇත. ඒ අතර මාළු සහ පලා වර්ග වැනි යකඩ බහුල ආහාර වර්ග ද ම`ගහැරෙන බව පෙනේ. අද යොවුන් වියේ සිටින අය රටේ අනාගතය භාර ගන්නෙ පිරිසයි. ඒ නිසා යොවුන් වියේ සිටින ඔබ ගේ නිරෝගීකම රටට අතිශය වැදගත් සාධකයකි.

විශේෂයෙන් ම ගැහැනු ළමයින්ට තමන් ගේ ඇෙ`ග් ලේ අඩුකම ම`ගහරවා ගැනීමෙන් අනාගතයේ මවක වන විට ඇති විය හැකි රත්තහීනතාව, ගබ්සා වීම් වැනි ගැටලු අවම කර ගැනීමට ද මේ අතිරේකය උදව් වනු ඇත.

මේ පිළිබඳ වැඩිදුර විස්‌තර සහ පෙති ගැනීම නිසා යම් අසාත්මික තත්ත්වයන් ඇති වුව හොත් පවුලේ වෛද්‍යවරයාට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහතාට (MOH), මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට (PHI) හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට (Midwife) දැනුම් දිය යුතු ය. එසේ නොමැති නම් පවුල් සෞඛ්‍ය කාර්යංශයේ පාසල් සහ නව යොවුන් සෞඛ්‍ය අංශයට 0112692746 දුරකථනය ම`ගින් දැනුම් දිය හැකි ය.

(පාසල් සිසුන්ට ලබා දෙන යකඩ අතිරේකය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය ම`ගින් ප්‍රකාශිත අත් පත්‍රිකාවක්‌ ඇසුරෙනි)