ලෝක රූ රැජනක් වූ ප්‍රියංකා චොප්රා, මේ වසර ආරම්භයේදී පැවැත්වූ සමීක්ෂණ දෙකකින් ඉහළම ප්‍රතිචාර ලබාගත්තා. අන්තර් ජාතික ඒජන්සියකින් කරපු සමීකරණයකට අනුව ලොව අතිශය ජනප්‍රිය හා අතිශයම ලස්සන කාන්තාවන් තෝරා ගැනීමකදී ප්‍රියංකා චොප්රා, ලොව අතිශය ජනප්‍රිය හා රූමත් කාන්තාවන් අතර දහතුන්වැනි තැනට පත්වුණා
අනෙක් සමීක්ෂණය පැවැත්වුණේ බොලිවුඩ් හි රූගත කිරීමට නියමිත යථාර්ථවාදී කලාත්මක අන්තර්ජාතික සිනමා කෘතියක් සඳහා ප්‍රධාන රංගන ශිල්පිනිය තෝරා ගැනීමේ සමීක්ෂණයකදී. සියයට පනස්තුනක ප්‍රතිශතයක් ලබා දෙමින් නව නිර්මාණයට බොලිවුඩ් රසිකයන් ප්‍රියංකාව ඔසවා තැබුවා මේ සමීක්ෂණයේදී දෙවැනි හා තෙවැනි තැනට කත්‍රිනා කයිෆ් හා දීපිකා පදුකෝන් පිළිවෙළින් රසික ප්‍රතිචාර දිනා ගනිද්දී බොලිවුඩ්හි යුගයක ආකර්ෂණය දිනාගත් කාජල්ට හිමිවුණේ සියයට තුනක් වූ ප්‍රතිශතයක්. කාජල් මෙම සමීක්ෂණයට අනුව සිව්වැනි තැනටද විද්‍යා බාලන් පස්වැනි තැනටද පත්වෙද්දී මධුරි ඩික්ෂිත්ට හිමිවුණේ සියයට දෙකක ප්‍රතිශතයක් සමගින් හයවැනි තැන.
ප්‍රියංකා චොප්රා වසර ආරම්භයේම ලැබූ ඉහළ ප්‍රතිචාර පිළිබඳ මාධ්‍යයට පැවසුවේ අන්තර් ජාතික දැවැන්ත කලා නිර්මාණයකට තමන් සුදුසු යැයි බොලිවුඩ් රසිකයන් නිර්දේශ කිරීම තුළින් ඇගේ ජීවිතයේ අලුත් පරිච්ජේදයක් ආරම්භ වූ බවයි. එමෙන්ම ලොව අතිශය ජනප්‍රිය හා රූමත් කාන්තාවන් අතර 13 වැනි තැනට පත්වීම ගැන ප්‍රියංකා පවසන්නේ තමන්ගේ රූපය ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වුවත් මෙවැනි ජයග්‍රහණයක් ලැබිම සතුටු බවයි. කෙසේ වුවත් ප්‍රියංකා චොප්රා තම රූපලාවණ්‍ය කටයුතු සදහා වැඩි මුදලක් වියදම් කරන බව නොරහසක්. බොලිවුඩ් තිරයේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු ප්‍රියංකා චොප්රා පසුගිය වකවානුවේ ගායිකාවක් ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්වූවා. ඇගේ හඬ වශීකරවන සුලු එකක් බවයි බොලිවුඩ් මාධ්‍ය විචාරවල සඳහන් වන්නේ. ප්‍රියංකා චොප්රා ලෝකයේ ඉතා ලස්සන අතිශය ජනප්‍රිය කාන්තාවන් අතර දහතුන්වැනියා බවට පත්වූවාට වඩා සතුටක් ඇයට තියෙන බව බොලිවුඩ් ගොසිප්වල සඳහන් වෙනවා. ඒ ඇගේ ප්‍රියතම ගායිකාව ලෝක ප්‍රසිද්ධ බියොන්සේගෙද නම එම ලැයිස්තුවට ඇතුළත් වීම නිසා.