මේ වැලන්ටයින් සමයම ළඟ ළඟ එන්නේය. සොරි සොරි මට වැරැදුණාය. වැලන්ටයින් සමයමේ නෙවෙයි.. වැලන්ටයින්ස් සමයේ කියා එය නිවැරැදි විය යුතු වන්නේය. ඒත් ඇතැමෙකුට වැලන්ටයින්ස් යනු සමයමක් විය හැකි වන්නේය. කෙසේ වෙතත් මේ වැලන්ටයින්ස් සමයේ අධිවේගී පහන් සංවේගී හැඟුම් ඔබට තිබිය හැකි වන්නේය. එම නිසා Love කරන ඇතැමුන් සතුටු වන්නේය. Love නොකරන ඇතැමුන් දුක් වන්නේ වැලේ වැල් නැතේ වැලන්ටයින්ස් වැල් නැතේ නම් වූ කියමන මාගේ කටට එන්නේය. තවද, වැලේ වැල් නැතේ ටාසන් බිම වැටේ යන ප්‍රකාශයට මාගේ මතකය දිවයන්නේය.
මට අමු සියඹලා කරල් මතක් වන්නේය. අමු සියඹලා කරල් කන කෙනාගේ කට සහ දත් හිරිවැටෙන්නේය. කට ඇඹරෙන්නේය. මූණ ඇඹුල් වී කොරවී චොර වී යන්නේය. ඒත් සියඹලා කරල කන කෙනාව දකින වෙනත් කෙනකුගේ කටට කෙළ උනන්නේය. එමෙන්ම, විවාහ වී සිටින පුද්ගලයාගේ ජීවිතය හිරිවැටෙන්නේය. ඒත් විවාහ වී සිටින අයව දකින විට තනිකඩයන්ගේ කටට කෙළ උනන්නේය. කෙළ පෙරෙන්නේය... කෙළ බේරෙන්නේය. දිය රෙද්දෙන් කෙළ බේරේ... කට වටකර රෙදි බේරේ යැයි මට කියැවෙන්නේය. කතාව එපමණය. වියදම් අපමණය. කොත්තුමී වගේද චංගුමී කියාද සිතෙන්නේය. තවත් විටෙක චංගුමී වගේද කොත්තුමී කියා සිතන්නේය. ආදරය... එහෙමත් නැත්නම් විවාහයත් ඒවගේ සියඹලා කරලක් යැයි සමහරු කියන්නේය. ලව් යනු මොන ඉ'ලව්' වක් දැයි නොතේරෙන්නේය. කන්න'ලව්' හත්ඉ'ලව්' මලඉ'ලව්' ලව් නිසා බොහෝ දෙනාට වරදින්නේය. පල'ලව්' සිදුවන්නේය.
Love කිරීම දුකක් බව බොහෝ දෙනා කියන්නේය. ඒත් හැමෝම Love කරන්නේය. ඇනගන්නේය. නාගන්නේය. Love කරන විට පැඟිරි විසේ ඇවිස්සෙන්නේය. දෙල් ෙදාෙදාල් වන්නේය. තොල් තොෙ¼දාල් වන්නේය. ලල් කෙළින් වන්නේය. එම නිසා කොල්ලෙක්ට කෙල්ලෙක්ව නැතිව සිටින්නට බැරි වන්නේය. කෙල්ලෙක්ට කොල්ලෙක් නැතිව සිටින්නටද බැරිවන්නේය. ජීවිතේ හැටි එසේ වන්නේය. එය රෝගයක් ලෙස නම් කළ හැකි වන්නේය. ඒ නිසා Love කරන අය වවුලන් වඳුරන් මෙන් ගස් ගල්වල එල්ලි එල්ලී එල්ලේ ගසන්නාක් මෙන් Love කරන්නේය. එම නිසාය එයට Love ඉඪජඬ කියා කියන්නේය. තුරු වදුලේ වඳුරො නටයි - කිරි වවුලෝ හිසට කොටයි නම් කියමන වෙත මාගේ මතකය දිවයන්නේය. කතාව එපමණය. වියදම අපමණය.
Love නිසා හිනාවෙන අයට වඩා අඬන අය වැඩිවන්නේය. ඔබද Love කිරීමට ගොස් හැඬූ අයෙක් විය හැකිවන්නේය. Love කිරීමට ගොස් සාර්ථක වුණු අය අඩුය. Love කිරීමට ගොස් අසාර්ථක වුණු අය වැඩිය. Love කිරීමට ගොස් වැරැදුණු අය වැඩිය. මල්වියේ සොරි විය වැඩි වියේ කෙළ විය නම් ප්‍රකාශය වෙත මාගේ මතකය දිවයන්නේය. සමහරු Love කිරීමට ගොස් වැරැදුණු විට පරාජය පිළිගෙන මුළු ආත්මයම විනාශ කරගන්නේය. සමහරු ආත්මය පමණක් නොව ජීවිතයද විනාශ කරගන්නේය. එය, තමන්ගේ සවලෙන් තමන්ගේ ඔළුවටම තඩිබාගැනීමක් වන්නේය. එක හැන්දයි සවල් දෙකයි යන කියමනට මාගේ මතකය දිවයන්නේය. කතාව එපමණය. වියදම අපමණය. කෙසේ වෙතත් මිත්‍රවරුනි, Love කිරීමට ගොස් වැරැදීම යනු පරාජයට හේතුවක් නොවන්නේය. නමුත් බොහෝ දෙනා එසේ නොසිතන්නේය. වැරැදීමක් යනු ජීවිතයට හොඳ අත්දැකීමක් වන්නේය. එම අත්දැකීම අනාගත ජයග්‍රහණය උදෙසා හේතු වන්නේය. Love කිරීමට ගොස් වැරැදුණු නිසා පැරැදුණු අයෙක් ලෙස ජීවිතයෙන් පලායෑම මෝඩකමක් වන්නේය. එසේ කරන්නේ සමස්ත ලංකා ගම කන්නන්ගේ සංගමයේ මාසික මහසභා රැස්වීම්වලට යන අය යැයි මට සිතෙන්නේය. ඇතැමුන් Love කිරීමට ගොස් වැරැදුණු විට අනෙකාගෙන් පමණක් නොව තමන්ගෙන්ද පළිගන්නේය. එසේ කරන්නේ Love කිරීමට ගොස් වැරැදුණු විට එය පැරැදුමක් ලෙස දකින නිවටයන්ය. මට ප්‍රේමය වැරැදුණාය එම නිසා මම මුළු ජීවිතෙන් පැරැදුණාය කියා සිතීම ගොංකමක් වන්නේය. එවැනි ගොංකම් සිදුවන්නේ ඔවුන්ගේ මුල් ළමා විය සංවර්ධනය නොවූ නිසාය. නැතහොත් ඔවුන්ගේ මුල් ළමා විය සංවර්ධනය වූයේ පොල් සංවර්ධන මණ්ඩලයේ නිසාය. පෙමින් පැරැදුණු පළියට මුළු ජීවිතයම වැරැදුණු බව සිතන අය සඳහා තණකොළ සහ පුන්නක්කු වඩාත් සුදුසු වන්නේය. කතාව එපමණය. වියදම අපමණය. ප්‍රේමයේදී මට වැරැදුණා තමයි. ඒත් තාමත් මම ජීවිතෙන් පැරැදුණේ නෑ කියා යමෙක් සිතන්නේ නම් ඇය සුපිරි කෙල්ලෙක් වන්නේය. එසේ සිතන කොල්ලා සුපිරි කොල්ලෙක් වන්නේය. ඇතැම් විට දිවිහිමියෙන් කළ අසීමිත ආදරය තමන්ට අහිමිවී යන්නේය. එසේ වැරැදුණු ඇතැම් තරුණියන් නැවතත් ජීවිතය සහ ආදරය ජයගැනීම උදෙසා සටන් කරන්නේය. එසේ කිරීම අද්විතීය වීර ක්‍රියාවක් වන්නේය. උගත් පාඩම් තුළින් අපි නැඟී සිටිය යුතු වන්නේය. උගත් පාඩම් සහ ප්රතිසංවිධාන කොමිසමේ වාර්තාව වෙත මාගේ මතකය දිවයන්නේය. යුද ගිනි නිවේවා - අපි යමු ජිනීවා යැයි මට ඉබේටම කියැවෙන්නේය.
ඇතැම් යුවතියන් Love නම් වූ බුරියානි රස බැලීමට ගොස් රස නහර කපා ගන්නේය. එක පැත්තකින් අක්කගේ බුරියානි රස මට මතක් වන්නේය. තවත් පැත්තකින් ඇන්ටිගෙ දෝසි රසයද දැනෙන්නේය. කතාව එපමණය. වියදම අපමණය. ඇතැමුන්ට ප්‍රේමය වැරැදුණු විට තමන්ගේ ජීවිතයට ඉබාගාතේ යන්නට ඉඩ දෙන්නේය. එතැනින් එහාට ඕන එකක් වෙච්චදෙන් කියා හිතන්නේය. තමන් තමන්ගෙන්ම පිළි ගන්නේය. තමන්ගෙන්ම පළිගන්න සිතාගෙන තමන්ට කොහෙත්ම ගැළපෙන්නේ නැති කොල්ලෙක් සමඟ ඉක්මනින්ම විවාහ වන්නේය. දුක් විඳින්නේය. විඳවන්නේය. නැවැත නැවැතත් පරාජය පිළිගන්නේය. එවැනි ඇතැම් කොල්ලන් අංකල්ලා සමඟට ලිංගිකව එක්වෙමින් තමන්ගෙන්ම පළිගන්නේය. තවද, අල්කයිඩා ත්‍රස්තවාදියෙක් තරම් අති දරුණු කොල්ලෙක් එක්ක ලව් කරමින් හිතාමතාම තමන්ටම දුක් දීගන්නේය. වාකරේ චාටරේ බංකරේ ලව්කරේ කියන ප්‍රකාශයට මාගේ මතකය දිවයන්නේය. වැරැදුණා තමයි, ඒත් පැරැදුණා කියා සිතන කෙල්ලන් මෙසේ කරන්නේය. තමන්ගේ මුළු ජීවිත කාලයෙන් සුළු කාලයකදී සිදුවූ එක් වරදක් නිසා පරාජය පිළිගැනීම මෝඩකමක් යැයි මා නැවැත නැවතත් කියන්නේය.
Tuesday, February 4, 2014
ආදරය කරලා පැරැදුණා තමයි ඒත් වැරැදුණා කියලා හිතන්න එපා
10:54 PM
No comments
0 comments:
Post a Comment