Tuesday, September 16, 2014

Interview with JR


C- දේශය

Sunday, July 20, 2014

පලස්තීන අර්බුදය මතුපිටින් නොව ගැඹුරින්

පලස්තීනය නැවතත් යුද පිටියක් වී තිබේ. ගාසා තීරයේ ඉස්ලාම් අන්තවාදී හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන රොකට් ප්‍රහාර බොහෝ විට උඩදී ම විනාශ කරනු ලැබේ. එයින් සිදු වන හානිය අවම ය. එහෙත්, ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ප්‍රතිප්‍රහාරවලින් පලස්තීන ජනයාට සිදු වන හානිය අති මහත් ය. කුඩා දරුවන් ඇතුළු සිය ගණන් පලස්තීන ජනයා මේ ප්‍රහාරවලින් මිය යති. 

ප්‍රහාරවලට ලක්ව මිය ගිය දරුවන්ගේ හා වැළපෙන මිනිසුන්ගේ ඡායාරූප මේ දිනවල ලොව පුරා බෙදා හැරෙමින් තිබේ. එසේ කරන්නේ පලස්තීන ජාතිකයන් කෙරෙහි ලෝකයේ අනුකම්පාව දිනා ගන්නට ය. ඊශ්‍රායල් හා ඇමරිකන් විරෝධය කුළුගන්වන්නට ය. එහෙත්, මේ වන විට ලෝකය ඇති තරම් පලස්තීනයට අනුකම්පා කර තිබේ. කොටින් ම ලංකාවේ ජනාධිපති පවා පලස්තීනයට අනුකම්පා කරයි. 

එහෙත්, මේ අනුකම්පාවන්ගෙන් සිදු වන කිසිවක් තිබේ ද? නැත. පලස්තීන වැසියන්ට අවශ්‍ය වන්නේ සාමයයි. ආරක්ෂාවයි. ඔවුන්ට නො ලැබෙන්නේ ද එයයි. 

පලස්තීන ප්‍රශ්නය වැනි ප්‍රශ්න උග්‍ර වීමට එක් හේතුවක් වන්නේ ලෝක බල දේශපාලනික උවමනාවන් ඔස්සේ මෙම ප්‍රශ්නය විග්‍රහ වීමයි. ඊශ්‍රායලය පවතින්නේ ඇමරිකානු ආරක්ෂාව මත බව ඇත්තකි. අැමරිකාව ලෝකය මත පතුරුවන ආධිපත්‍යය ප්‍රශ්න කිරීමේදී මැදපෙරදිග කලාපයේදී ඇමරිකාව ඊශ්‍රායලය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ බරපතල ගැටලුවක් මතු වේ. එය අපගේ දැඩි විවේචනයට ලක් වන අතර ම අප මෙම ප්‍රශ්නය ගැන ගැඹුරින් බැලීම ද අවශ්‍ය ය.

ඇමරිකාව පෙනී සිටින්නේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවා‍දයේ ආරක්ෂකයා ලෙස ය. එහෙත්, ඇමරිකා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ ගෝලීය ධනවාදයේ සීමාව තුළයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආයෝජකයන්ට සංචලනය සඳහා ඇති ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම ශ්‍රමිකයන්ට නැත. ආයෝජකයන්ට සංවර්ධනය පිළිබඳ තීන්දු ගැනීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිළින්දන්ට නැත. 

එහෙත්, ගෝලීය ධනවාදයට එරෙහි අරගලය සමාජවාදය දෙසට නැඹුරු නො වෙමින්, ජාතිවාදය වෙත කේන්ද්‍ර වීමේදී, සමාජවාදීහු ද ඉතා කණගාටුදායක ලෙස ජාතිවාදය වෙත ම තල්ලු වනු දක්නට ලැබිණි. ගෝලීය ධනවාදයට එරෙහි අරගලය ජාතිවාදය තුළින් සොයා ගත නො හැකි බවට සාක්ෂි අද වන විට ඕනෑ තරම් ලැබෙමින් තිබේ. ලංකාවේ දෙමළ ජාතික විමුක්ති අරගලය මේ සඳහා අපට සමීප නිදසුනකි. 

මේ සඳහා හොඳම නිදසුන පලස්තීනයයි. ‍ගෝලීය ධනවාදයේ නියෝජනයන් වන ඇමරිකා එක්සත් ජනපදයට හා ඊශ්‍රායලයට එරෙහිව පලස්තීනය විසින් හමාස් නම් ජාතිවාදී හා ආගම්වාදී අන්තවාදී සංවිධානය බිහි කරගෙන තිබේ. ඉස්ලාමීය, බෞද්ධ, හින්දු ආදී අන්තවාදයන් යනු ලෝකය පසුගාමිත්වය වෙත යොමු කරන ප්‍රවණතා ය. ප්‍රශ්නවලට විසඳුම් සඳහා වන අරගලය තිබෙන්නේ ගෝලීය ධනවාදයත්, ජාතිවාදයත් යන දෙක ම ප්‍රතික්ෂේප කිරීම තුළ ය. 

පීඩක ඊශ්‍රායල් ජාතිවාදයට හා ‍ගෝලීය ධනවාදයට එදිරිව පීඩිත පලස්තීනුවන්ගේ ජාතිවාදය වෙනුවෙන් ලෝකය පෙනී සිටිය යුතු නැත. 

පලස්තීනය හා ඊශ්‍රායලය වැනි නම් මධ්‍යධරණී මුහුද සහ ජෝර්දාන් නදිය අතරතුර භූගෝලීය ප්‍රදේශය සහ වෙනත් යාබද භූමීන් විස්තර කිරීම සඳහා ඉතිහාසය මුළුල්ලේ භාවිතා කර තිබේ. යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී ආගම් ගණනාවක මුල් ඇදුණු ආගමික භූමියක් වන මෙය ඉතිහාසය මුළුල්ලේ සිදු වූ ආගමික යුද්ධ, මහා ජන සංචලන ආදිය හේතුවෙන් කලින් කලට දැවැන්ත විපර්යාසයන්ට ලක් වී තිබේ. ඊජිප්තු මම්ලුක් සුල්තාන් රාජ්‍යයේ හා පසුව ඔටෝමාන් අධිරාජ්‍යයේ සිරියානු ප්‍රාන්තයේ කොටසක්ව පැවති පලස්තීනය 1917දී බ්‍රිතාන්‍යය විසින් යටත් කර ගන්නා ලදී. කලක් මෙම ප්‍රදේශය දකුණුදිග සිරියාව ලෙස ද හැඳින්විණි. 

යුදෙව්වන් යනු ව්‍යාපාරික ප්‍රජාවක් ලෙස ලොව පුරා ම පැතිර සිටි ජන කණ්ඩායමකි. ඔවුන්ට‍ එරෙහි ජාතිවාදී අදහස් යුරෝපයේ පැතිරෙන්නට පටන් ගත්තේ 19වන සියවස තරම් ඈත කාලයේ සිට ය. විශේෂයෙන් ම ජර්මනිය වැනි නැගෙනහිර යුරෝපීය රටවල සිදු වූ යුදෙව් සංහාරයන් සමග යුදෙව් ජනයා තුළ ද ජාතික හැඟීම් හා ජාතියට දේශයක් පිළිබඳ හැඟීම වර්ධනය විය. අද අපි සියොන්වාදය ලෙස දකින ජාතිවාදයේ නැගීම සිදු වන්නේ මෙම සංදර්භය තුළයි. 

වාමාංශික, දක්ෂිණාංශික, ආගමික, නිර්ආගමික ආදී ලොව පුරා යුදෙව් ජනකොටස්වල සහයෝගයෙන් සාමූහික ජනාවාස බිහි කිරීමේ දේශපාලනික සංචලනයක් 19වන සියවසේ සිට සිදු විය. ආලියා නම් වූ මෙම වැඩසටහනේ මුල් පියව‍රේදී 1882 සිට 1903 දක්වා කාල පරිච්ඡේදය තුළ යුදෙව් ජාතිකයෝ 35,000ක් වත්මන් ඊශ්‍රායලය පිහිටි භූමියට සංක්‍රමණය වූ හ. 1890 වන විට ජෙරුසලමේ බහුතර ප්‍රජාව බවට පත් වන්නට ඔවුන්ට හැකියාව ලැබිණි. එහෙත් අවට ප්‍රදේශවල තවදුරටත් බහුතකරය වූයේ ගෝත්‍රික අරාබි ජනයා හා ක්‍රිස්තියානි අරාබිවරු ය. 

1897දී බිහි වූ පළමු සියොන්වාදී කොංග්‍රසය විසින් පලස්තීන භූමියේ ඊශ්‍රායල් රාජ්‍යයක් බිහි කිරීම පිළිබඳ යෝජනාව සම්මත කර ගන්නා ලදී. එහෙත්, ඔටෝමාන් අධිරාජ්‍යය තුළ මෙම යෝජනාව ඉදිරියට ගෙන යාමට සියොන්වාදීන්ට අවස්ථාව නො ලැබිණි. 

දෙවන ආලියා ලෙස හැඳින්වෙන 1904 - 1914 සමයේදී යුදෙව් ජාතිකයෝ 40,000ක් දකුණුදිග සිරියාවේ ජෆා නගරය කේන්ද්‍ර කරගෙන පදිංචි වූහ. මෙම සංක්‍රමණිකයන්ගෙන් බහුතරය රුසියාවේ හා පෝලන්තයේ සිදු වූ යුදෙව් සංහාරයන්ගෙන් මිදී පළා ආ ජනයා ය. සියොන්වාදීන් සිය ජාතික භාෂාව ලෙස හීබ්‍රෑ බස යළි පිහිටුවන්නේ ද මෙම සමයේදී ය. 

විසිවන සියවසේ මුල් පනස් වසර තුළ ලොව පුරා යුදෙව්වෝ මිලියන ගණනින් පලස්තීනයට සංක්‍රමණය වී පදිංචි වූ හ. මේ දැවැන්ත, සංවිධිත සංක්‍රමණය සාධාරණීකරණය කළ හැකි සිද්ධි දාමයක් ද තිබේ. ඒ අතර ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ නාසිවාදීන් විසින් කරන ලද දැවැන්ත යුදෙව් සංහාරයයි. මෙම වකවානුවේදී යුදෙව් ජනයා මිලියන ගණනින් මිත්‍ර හමුදා සමග යුද්ධයට ද සම්බන්ධ වූ හ. මේ යුද ප්‍රවීණයෝ පසු කලෙක පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් බිහි කිරීමේ සටනට නායකත්වය දුන් හ. පසු කලෙක, දෙවන ලෝක යුද්ධයෙන් දුර්වල වූ බ්‍රිතාන්‍යයට එරෙහිව නිදහස් අරගලයක් ද සියොන්වාදීන් විසින් ආරම්භ කරන ලදී. 

අවසානයේදී 1948 වන විට, සම්ප්‍රදායිකව මුස්ලිම් ආධිපත්‍යයක් පැවති පලස්තීනය තුළ බිහි කරන ලද කෘත්‍රිම ජනාවාස ඔස්සේ භූමියට අයිතිවාසිකම් කියමින් ඊශ්‍රායල් රාජ්‍යයක් බිහි කර ගැනීමට සියොන්වාදීහු සමත් වූ හ. වෙන් වෙන්ව පලස්තීන රාජ්‍යයක් හා ඊශ්‍රායල් රාජ්‍යයක් බිහි කිරීමේ එක්සත් ජාතීන්ගේ සැලැස්ම පලස්තීන අරාබිවරු මෙන් ම, යුදෙව් ඊශ්‍රායල්වරු ද ප්‍රතික්ෂේප කළ හ. 
පලස්තීන් යුද්ධයෙන් පසු 1949දී පලස්තීනය හා ඊශ්‍රායලය


ඊජිප්තුව, සිරියාව, ජොර්දානය හා ඉරාකය පලස්තීන භූමිය ආක්‍රමණය කළ හ. ඊශ්‍රායලය ද පෙරළා පහර දුන්නේ ය. අරාබි රටවල් විසින් ද අරමුණු කරනු ලැබුවේ ස්වාධීන පලස්තීනයක් බිහි කිරීමට නොව පලස්තීන‍යේ කොටස් තමන්ට ‍ඈඳා ගැනීමටයි. 

යුද්ධයෙන් පසු ජෝර්දානය ජෝර්දාන් නදියේ බටහිර ඉවුර තම රටට ඈඳාගෙන එහි පලස්තීන අනන්‍යතාව මකා දමා පලස්තීනුවන් ජෝර්දාන් පුරවැසියන් බවට පත් කිරීමට පියවර ගත්තේ ය. ඊජිප්තුව ගාසා තීරය යටත් ප්‍රදේශයක් බවට පත් කර ගත් මුත් එහි වැසියන්ට ඊජිප්තු පුරවැසිභාවය පිරිනැමුවේ නැත. ඒ වෙනුවට ඔවුන් අනාථයන් පිරිසක් බවට පත් කරන ලදී. ඊජිප්තුව පලස්තීන වැසියන් පාවිච්චි කළේ ඊශ්‍රායලයට එරෙහිව සිය උපායික අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි. 

එහෙත්, පලස්තීනුවන්ගේ ජාතික හැඟීම් අකා මකා දැමීමට ඊශ්‍රායලයට හෝ අරාබි රටවලට බැරි විය. 1964දී පලස්තීන විමුක්ති සංවිධානය බිහි විය. 

1967දී ඊජිප්තුව, ජෝර්දානය හා සිරියාව ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටියදී මුලින් පහර දුන් ඊශ්‍රායලය සය දින යුද්ධයකින් මේ රටවල් තුන විසින් අත්පත් කරගෙන තිබුණු ගාසා තීරය, බටහිර ඉවුර හා සිරියාවේ ගෝලාන් කඳුකරය ද ඊශ්‍රායලයට ඈඳා ගත්තේ ය. 

වර්තමානයේ පලස්තීන රාජ්‍ය හිමිකම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝකයේ බොහෝ රටවල් විසින් පිළිගෙන ඇතත්, පලස්තීන භූමිය තවමත් ඊශ්‍රායල් ආධිපත්‍යයට යටත් ය. ගාසා තීරයේ ජනගහණයෙන් 99%ක් ම පලස්තීන මුස්ලිම් ය. බටහිර ඉවුරේ 75%ක් මුස්ලිම් ය. ඊශ්‍රායලය තමන්ට හිමි භූමිය යයි සලකන බිමේ මුස්ලිම් ජනගහණය 16%කට වැඩි ය. පලස්තීනුවෝ මේ බිමේ යුදෙව්වන්ට පමණක් දෙවන වන විශාලතම බහුතර ප්‍රජාවයි. 


පලස්තීන අර්බුදයට විසඳුම් සෙවීමේදී සියොන් ජාතිවාදයට වි‍රුද්ධ පදනමකින් පලස්තීන ජාතිවාදය සමග සිට ගැනීම ලොව පුරා වාමාංශිකයන් අතර ජනප්‍රිය ස්ථාවරයක් වී තිබේ. එහෙත්, අද වන විට පලස්තීන විමුක්ති අරගලය ද භේද භින්න වී තිබේ.  ගාසා තීරයේ බලය හොබවන හමාස් සංවිධානයත් බටහිර ඉවුරේ බලවත් ෆාටා සංවිධානයත් අතර උග්‍ර ගැටුමක් නිර්මානය වී තිබේ. 

පලස්තීනය හා ඊශ්‍රායලය අතර ලේ හැලෙන අර්බුදය ඇමරිකාවට අභියෝග කරන්නට යොදා ගැනීම හේතුවෙන් අවසානයේදී සිදු වී තිබෙන්නේ ධනවත් ඊශ්‍රායලයට කෙසේ වෙතත්, දිළිඳු පලස්තීනයට නම් අපායක් නිර්මානය වීමයි. 

පලස්තීන අර්බුදයට එකම භූමියක රාජ්‍ය දෙකක් පැවතිය හැකි විසඳුමක් යෝජනා වී තිබෙන අතර දෙපැත්තේ ම ජනතාවගෙන් ම එයට සුබවාදී ප්‍රතිචාර ලැබී තිබේ. ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැක්කේ මේ ඔස්සේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමෙනි. පලස්තීන මෙන් ම ඊශ්‍රායල් වැසියන්ට ද ගෞරවනීය සාමයක් අවශ්‍ය ය. යුද්ධය අවශ්‍ය වන්නේ අන්තවාදීන් අතළොස්සකට හා මේ ප්‍රශ්නයෙන් වාසි ලබන තුන්වන පාර්ශ්වයන්ට ය.

පලස්තීන අර්බුදයේ ඉතිහාසය හැදෑරීම වැදගත් ය. මන්ද, අප මෙම ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ ඇමරිකන් විරෝධී හැගීම්වලට වහල් වී නො වේ. එහෙම හැඟීම්බර වූ විට අප ගොස් සිට ගන්නේ අන්ත ජාතිවාදයන් සමගයි. අප සෙවිය යුත්තේ සමාජවාදී ස්ථාවරයක් ය
----w3lanka-----

Friday, July 18, 2014

අනතුරට පත් මැලේසියානු ගුවන් යානයේ රහස් රැසක් එළියට


Around 100 Attendees Heading To Australia AIDS Conference Among Victims Of Downed Malaysia Airlines Flight
----------------------------------------------------------
ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්හිදී පැවැත්වෙන එ්ඞ්ස් සමුළුව සඳහා සහභාගි වන විදේශ නියෝජිතයන් 100 දෙනකු ඊයේ අනතුරට පත් මැලේසියානු ගුවන් යානයේ සිට ඇතැයි හෙළිවී තිබේ.

එ් බව  ඕස්ටේ‍්‍රලියානු රජය විසින් තහවුරු කර ඇත. 

එ්ඞ්ස් රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ද මෙම යානයේ ගමන්ගෙන තිබූ අතර ඔහු ද අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම යානය නැෙඟනහිර යුක්රේන ගුවන් කලාපය හරහා ගමන් කිරීමේ සූදානමක් නොතිබූ බවත් එය ගුවන් පාලක මැදිරියේ දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව මැලේසියානු ගුවන් සේවා බලධාරීහු පවසති. 
මේ අතර, චීනය සහ ඇමෙරිකානු ගුවන් සේවා යුක්රේන ගුවන් කලාපය හරහා පියාසර කිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ.
මගීන් 295 දෙනකු සමඟ යුක්රේන ගුවන් සීමාවේදී මැලේසියානු බෝයිං 777 ගුවන් යානය ඊයේ අනතුරට ලක්වීමත් සමඟ එම රටවල් මෙම පියවර ගෙන ඇත.
අනතුරුදායක කලාපයක් ලෙස නම්කොට තිබූ මෙම ගුවන් කලාපය මඟහරිමින් ගුවන් සේවා ක‍්‍රියාත්මක කිරීමට ඇතැම් රටවල් කටයුතු කර තිබිණ.
කෙසේවෙතත් ඉදිරි ගුවන් වාරවලදී චීනය සහ ඇමෙරිකාව ද මෙම ගුවන් කලාපය මඟහරිනු ලබන ලැයිස්තුවට එක් වන බව විදෙස් වාර්තා පවසයි.
මෙම යානයේ නෙදර්ලන්ත ජාතිකයන් 154ක්, මැලේසියානු 43ක්,  ඕස්ටේ‍්‍රලියානු 27ක්, ඉන්දුනීසියානු 12ක්, බි‍්‍රතාන්‍යයන් 9ක්, ජර්මානුවන් 4ක්, බෙල්ජියම් ජාතිකයන් 4ක්, පිලිපීන ජාතිකයන් 3ක්, කැනඩා 3ක් හා හඳුනානොගත් විදේශිකයන් 41 දෙනකු සිටි බව තහවුරු වී තිබේ.
යුක්රේන සටන්කාමීන් පාලනයේ තිබෙන ප‍්‍රදේශයේ ගුවන් කලාපය හරහා ගමන් ගනිමින් තිබූ මැලේසියානු ගුවන් යානය රුසියානු හමුදා අවි ප‍්‍රවාහන යානයක් යැයි සිතා මිසයිල ප‍්‍රහාර එල්ල ඛළ බව යුක්රේන බෙදුම්වදී නායකයා ප‍්‍රකාශ කර ඇත
---11.00 am
යුක්රේන අහසේදී මිසයිල ප‍්‍රහාරයකින් මගීන් 295 දෙනකු සමඟ අනතුරට පත් මැලේසියානු එම්.එච්.17 ගුවන් අනතුර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද පෙරවරුවේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
එහිදී බි‍්‍රතාන්‍යය විසින් යෝජනා කර ඇත්තේ අනතුර පිළිබඳ විස්තරාත්මක, පූර්ණ ස්වාධීන විමර්ශන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා පවසා ඇත්තේ මෙම අනතුර පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවයි.
----


නෙල්සන් මැන්ඩෙලා - Nelson Mandela

1918 ජුලි මස 18 වන දින උපත ලැබූ දකුණු අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපති නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා විය. ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 27 වසරක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණක් විය.
දකුණු අප්‍රිකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද වර්ණ භේදයට ‍එරෙහි විරුද්ධවාදීන් අතර මැන්ඩෙලා ස්වාධීනත්වයේ හා සමානාත්මභාවයේ සංකේතයක් බඳු විය. නමුදු එවකට පැවති රජය විසින් ඔහුව බොහෝ‍සේ විවේචනයට භාජනය කරන ලදී. ANC ය විසින් මැන්ඩෙලා ඇතුළු පිරිස කොමියුනිස්ට්වාදීන් හා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ අතර ඇමරිකාව තවමත් හඳුන්වනුයේ ත්‍රස්තවාදියෙකු සේය.
1990, පෙබරවාරි මස 11 වන දින සිරෙන් නිදහස් වීමත් සමඟම මැන්ඩෙලා සමඟි සන්ධාන‍වීමට හා සාකච්ඡා මාර්ගයට පිවිසීමේ ප්‍රතිපත්තියට අවතීර්ණ විය. දකුණු අප්‍රිකාවේ බහු ජාතීය ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනසක් ඇති කිරීමට එය ඉවහල් වන බව ඔහුගේ විශ්වාසය විය. වර්ණභේද යටතේ අවසාන දක්වාම මැන්ඩෙලා අතීත විරුද්ධවාදීන්ගේ පවා පැසසුමට පුළුල් ලෙස භාජනය විය.
දශක හතරක් පුරාවට සම්මාන සියයකට අධික ප්‍රමාණයකින් පිදුම් ලැබූ මොහ‍ු 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීමට තරම් වාසනාවන්ත විය. එපමණක් නොව වර්තමානයේ නෙල්සන් මැන්ඩෙලාව හඳුන්වනු ලබන්නේ කාලෝචිත මාතෘකා වෙනුවෙන් තම කටහඬ හා අදහස් පුබුදු කළ ශ්‍රේෂ්ට දේශපාලනඥයෙකු වශයෙනි. දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ වංශයේ වැඩිහිටියන් විසින් මැන්ඩෙලාට තිළිණ කළ ගරු නම්බුනාමය “මැඩිබා” නම් වේ. එකී නාමය නෙල්සන් මැන්ඩෙලා යන නාමයන් සමඟ අපූරුවට පෑහිණි.
මහත්මා ගාන්ධි යනු මැන්ඩෙලාගේ ජීවිතයේ පරමාදර්ශය කොට ගත් විශිෂ්ට චරිතයකි. මැන්ඩෙලා එකී චරිතය තම ජීවතයට නව අදහස් හා හැඟීම් ජාතික කරවීමට සමත් වූ වටිනා සම්පතක් ලෙසින් සලකනු ලබයි. එමෙන්ම මහත්මා ගාන්ධිතුමාගේ අවිනිසොවාදී දර්ශනයත්, විරුද්ධ පාර්ශවයන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කිරීමේ හැකියාවක් මැන්ඩෙලා විසින් ස්වකීය ජීවිතයට ද ඈඳා ගත් යහපත් ගුණාංග වේ.
දකුණු අප්‍රිකානු ඉතිහාසය වෙනස් කළ මිනිසා ඔහුයි. තමන් උපන් දේශයට ප්‍රජාතන්ත්‍රවාදය Mandelaකැන්දූ අසහාය නායකයා ඔහුයි. වර්ණභේදවාදයට තිත තැබූ පෙරගමන්කරුවා ඔහුයි. එහෙත් මේ මොහොත වෙද්දී නෙල්සන් මැන්ඩෙලා නම් වූ ඒ අසහාය මිනිසා තමා උපන් දේශයෙන් පමණක් නොව මුළු මහත් ලෝකයෙන්ම සමු ගෙන සිටියි. අනූපස් වසරක දිවිය තුළ ඔහු ආ ගමන් මගේ සුවිශේෂී මං සලකුණුයි මේ.
ඩීබා ලෙස 
දකුණු අප්‍රිකානුවන්ගේ ආදරය දිනා ගත් නෙල්සල් මැන්ඩෙලා උපත ලබන්නේ 1918 ජූලි 18 වනදායි. දකුණු අප්‍රිකාවේ දුෂ්කර ගම්මානයකදී රොලිලාලා මැන්ඩෙලා ලෙස උපත ලැබූ ඔහු නෙල්සන් මැන්ඩෙලා වන්නේ පාසල් අධ්‍යාපනයට ඇතුළු වූ පළමු දිනයේදීයි. ඒ සුදු ජාතික ආධිපත්‍යයේ තවත් එක් ප්‍රතිඵලයක් ලෙසිනි. පාසල් අධ්‍යාපනය නිමා කරන මැන්ඩෙලා ජොහැන්නස්බර්ග් අගනුවර වෙත යන්නේ උපාධි සිහිනය සැබෑ කර ගැනීම උදෙසායි. ඒ අනුව 1941 දී බි.ඒ. උපාධිය සම්පූර්ණ කරන ඔහු නීතිඥවරයෙකු ද වේ.
1944 දී අප්‍රිකානු ජාතික කොංග්‍රස් යොවුන් ලීගය පිහිටු වීමේ පෙරගමන්කරුවා වන්නේ මැන්ඩෙලායි. වෙනත් කිසිදු වර්ගවාදී කණ්ඩායමක් ගැන විශ්වාසයක් නොතැබූ මොහු වර්ණභේදවාදයට එරෙහිව තනිවම නැගී සිටින්නට තරම් ශක්තිවන්තයෙකු විය. දකුණු අප්‍රිකාව පුරා ඇවිදිමින් වර්ණභේදවාදී නීතියට එරෙහිව සටන් වැදි මැන්ඩෙලාට මුහුණ දීමට සිදුවූ කෙණෙහිලිකම් බොහෝයි. ඒ අතරින් දරුණුතම කෙණෙහිලිකම වූයේ විසිහත් වසරක් සිර බත් කැවීමයි. එහෙත් මැන්ඩෙලා මේ කිසිවකින් නොසැලිනි. ඔහුගේ ඒකායන අරමුණ වූයේ කළු ජාතිකයින් හට යහපත් හෙට දවසක් උදා කිරීමයි. ඔහු තම ජීවිතයේ හොඳම කාලය Mandela1සිර මැදිරියකට කොටු කළේ ඒ වෙනුවෙනි. සිරගතව සිටියද ඔහු සිය මෙහෙයුම අත්නොහැරියේය.
කෙදිනක හෝ සත්‍ය ජය ගන්නවා සේ විසි හත් වසරකට පසු 1990 දී නෙල්සන් මැන්ඩෙලාට නිදහස හිමි විය. මැන්ඩෙලාගේ නිදහසින් උද්දාමයට පත් දහස් ගණනක ජනතාවක් කේප්ටවුන් වෙත රැස් වූයේ මේ අද්විතීය මිනිසා පිළිගැනීම උදෙසායි. නිදහස ලැබුදා පටන් 1994 වසර දක්වා මැන්ඩෙලා ගෙවූයේ අතිශය කාර්යබහුල දිවියකැයි කිව හොත් එහි වරදක් නොවේ. දකුණු අප්‍රිකාවේ අස්සක් මුල්ලක් නෑර ඇවිද්ද ඔහු ලොව පුරා සංචාරය කෙළේ කළු ජාතිකයන්ට සිදුවන කෙණෙහිලිකම් තුරන් කිරීම උදෙසායි. 1993 දී ඇමෙරිකානුවට ගිය මැන්ඩෙලා දකුණු අප්‍රිකාවට එරෙහි ආර්ථික සම්බාධක ඉවත් කරන ලෙස ලෝක නායකයින්ට දැන්වූයේ තවදුරටත් සිය රට හුදෙකලා නොකිරීමටයි.
මේ සියලු හැල හැප්පීම් මධ්‍යයේ දකුණු අප්‍රිකාව ආ ගමනේ සුවිශේෂීම මං සලකුණ සනිටුහන් වන්නේ 1994 වසරේදීයි. එම වසරේ කැඳවූ මැතිවරණයෙන් ජය ලබමින් නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික නායකයා වන්නේ විසි හත් වසරක සිර දිවියට අරුතක් දෙමිනි. වත්මන් නායකයන් මෙන් බලලෝභීත්වයෙන් ඔද වැඩී නොගිය ඔහු සිය පළමු ධුර කාලය නිමා වත්ම ධුරයෙන් ඉවත් වේ. ඒ අනුව 1999 දී ඔහු ක්‍රියාකාරී දේශපාලනයට සමු දෙයි. දේශපාලන දිවියට සමු දුන්නද මැන්ඩෙලා සිය ජනහිතකාමී ක්‍රියාවලට සමු දුන්නේ නැත. අප්‍රිකාවට වසංගතයක් වූ එච්.අයි.වී. වෛරසය තුරන් කිරීම වෙනුවෙන් උර දුන් මොහු අධ්‍යාපන ක්‍ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන්ද නොමද සහයක් දුනි.
නෙල්සන් මැන්ඩෙලාගේ දරුවන් හා මුණුපුරු මුණුපිරියන් මේ වෙද්දී සමාගම් එකසිය දහයක පමණ ක්‍රියාකාරී සාමාජිකයින් වී සිටියි. අරමුදල් විසිහතරකට ආසන්න ප්‍රමාණයක  මොවුන්ගේ වත්කම් ඇතුළත්ව ඇත. ඒ අතර ජොහැන්නස්බර්ග් නගරයේ පිහිටි වටිනා දේපළ බොහොමයක් වේ. හයිඩ් පාර්ක්වල පිහිටි මැකාසිවා මැන්ඩෙලාට අයත් නිවසේ වටිනාකම මිලියන ගණනක් වන බව කියවේ. මැන්ඩෙලාගේ වැඩිමහල් දියණිය සමාගම් දහසයක අධ්‍යක්ෂිකාවක ලෙස ක්‍රියා කර ඇත. දුම්රිය ඉංජිනේරු ශිල්පය හා ඛනිජ වර්ග හා සම්බන්ධ සමාගම් කිහිපයක්ම ඒ අතර වේ. එසේම ආර්ජන්ටිනා තානාපති ධුරය දැරූ මැන්ඩෙලාගේ තවත් දියණියක් සමාගම් නවයක අධ්‍යක්ෂිකාවක් ලෙස ක්‍රියා කරයි. කොහොමටත් Mandela2නෙල්සන් මැන්ඩෙලා බොහොමයක් දේ‍පොළ ඔහුගේ නමින් ලියාපදිංචි කර නොමැති බවද ඇතැම් වාර්තාවලින් පෙන්වා දේ. 
හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෙස මොහුට ජීවිතාන්තය දක්වා ජනාධිපති විශ්‍රාම වැටුප හිමි වේ.
කෙසේ වුවද තම මුදල් හා කලා නිර්මාණ පාලනය කිරීමට පවු‍ලේ උදවියට ඉඩ ලබා නොදීම මැන්ඩෙලාගේ කැමැත්ත වී තිබේ. ඔහු සිය නීතිඥවරයාටද ඒ බව දන්වා තිබිණි. මේ නිසා පවු‍ලේ උදවිය අතර මතභේදකාරී තත්ත්වයන් ඇති වූ අවස්ථාද වේ. මැන්ඩෙලා රෝගාතුර වීමට පෙර සිටම ඔහුගේ බූදලය සම්බන්ධයෙන් පවු‍ලේ අය අතර අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව තිබිණි. මැන්ඩෙලා ජීවත්ව සිටියදීම ඔහුගේ බූදලයට ආරවුල් ඇති වුණේ නම් ඔහු මිය ගිය පසු ඔවුන් මේ ගැටලුවට කෙසේ මුහුණ දේදැයි ප්‍රශ්නාර්ථයක් වේ.
දැන් මැන්ඩෙලා මිය ගොසිනි. ඇත්තේ ඔහු කළ කී දෑවල මතකයයි. ඒ මතකය තුළින් ලොවට ආදර්ශයක් වූ ඒ මිනිසා අනුගමනය කිරීම කාගේත් යුතුකමයි. දකුණු අප්‍රිකානුවන්ට මෙන්ම ලෝ වැසි ජනතාවට අද්විතීය මෙහෙයක් ඉටු කළ මේ යුග පුරුෂයා 2013 දෙසැම්බර් 05 වනදා ලොවින් සමු ගත්තේ තවත් අසහාය නායකයෙකු ලොවට අහිමි කරමිනි. එහෙත් ඔහු තබා ගිය මතකය සදා අනුස්මරණීය වනු ඇත.

Thursday, July 17, 2014

තවත් මැලේසියානු ගුවන් යානයක් කඩා වැටෙයි - Malaysia Airlines Flights Attack in Ukraine


ගුවන් යානා නාශක අවි යොදාගනිමින් බිම හෙලන ලද මැලේසියානු ගුවන් යානය පිලිබඳ මේවනවිට ලොව පුරා ආන්දෝලනයක් ඇතිවී තිබේ. ගුවන් අනතුරකටත් වඩා වෙඩි තබා ගුවන් යානය විනාශ කිරීම බොහෝ අයගේ දුකටත් වේදනාවටත් හේතුව වී ඇත. ගුවන් යානය වෙඩි තබා බිම හෙලීමේ වගකීම රුසියාව විසින් යුක්රේනයටත්, යුක්රේනය විසින් රුසියාවටත් පවරමින් සිටී. 



රුසියානු යුක්රේන ගැටුමේ සුලමුල 

යුක්රේන හමුදා හෙලිකොප්ටර් යානාවක් රුසියානු හිතවාදී කැරලිකරුවන් වෙඩි තබා බිම හෙළීමත් සමග දෙපාර්ශ්වය අතර ඇති කරගත් යුද විරාමය පසුගිය මාසයේ දෙදරා දෙදරාගොස් ඇත.

ජුනි මස 22 වනදා යුක්රේන රජයත්, කැරලිකරුවන් සමග සටන් විරාමයට අත්සන් තබා පැය කිහිපයක් ගතවීමත් සමග මෙලෙස කැරලිකරුවන් හෙලිකොප්ටර් යානයට වෙඩි තබා ඇත.නවීන ගිනිඅවිවලින් සන්නද්ධ කැරලිකරුවන් එරට නැගෙනහිරට ආසන්න ප්‍රදේශවල පිහිටි රජයේ ගොඩනැගිලි ඇතුළු යුදමය වශයෙන් වැඩි වටිනාකමකින් යුත් ස්ථානවල පාලනය සියතට ගෙන ඇත. 

යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයෙන් බලය යළිත් යුක්රේන රජය වෙතට ලබා ගැනීම ඉතා අසීරු කාර්යයක් බවත්, යුක්රේන ජනපති පෙටේ‍රා ‍පොරොශෙන්කො කැරලිකරුවන්ගෙන් පාලනය බලය යළි ලබා ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් යුක්රේන හිතවාදී ජනයා කැරලිකරුවන්ගේ ප්‍රහාරවලට ඉතා තදින් ප්‍රති ප්‍රහාර එල්ල කරන ලෙසට යුක්රේන රජයෙන් දිගින් දිගටම ඉල්ලීම් කරයි. මෙම ජනතා ඉල්ලීමට යුක්රේන රජය කන්දීමට මැළිකමක් දක්වන්නේ කැරලිකරුවන්ට රුසියානු ආරක්ෂක අංශ සහාය ලබාදීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. 

යම් ආකාරයකින් කැරලිකරුවන් හට ප්‍රබල ප්‍රහාරයක් යුක්රේනය විසින් කළහොත් එයට රුසියානු රජය දක්වන ප්‍රතිචාරය යහපත් නොවන්නට ඉඩ ඇතැයි විශ්‍ලේෂකයන් මත පළ කරයි.

කෙසේ වෙතත් කැරලිකරුවන් අමානුෂීය ලෙස කටයුතු කිරීම හේතුවෙන් අප්‍රේල් මාසයේ සිට මේ දක්වා සිවිල් වැසියන් 420 දෙනකුට අධික පිරිසක් මරණයට පත්ව ඇත.මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මේරි හාෆ් පවසා ඇත්තේ යුක්රේන අර්බුදය අඩි දෙකක් ඉදිරියට තබා එක් අඩියක් පසුපසට තබා ඇති බවයි.

එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරමින් ප්‍රකාශකවරිය කියා සිටියේ මෙම පියවර ආරම්භයක් ලෙස සලකමින් තිරසාර විසඳුමක් ඉක්මනින් බලා‍පොරොත්තු වන බවයි.මේ අතර රුසියානු අගමැති ව්ලැඩ්මීර් පුටින් කියා සිටියේ යුක්රේන බලධාරීන් කැරලිකරුවන් සමග සෘජුව සාකච්ඡා කර තිරසාර විසඳුමකට එළැඹිය යුතු බවයි

ගුවන් අනතුරින් පසු පූටින්ගේ නිවේදනය  

ගුවන් අනතුරින් පසු වහා නිවේදනයක් නිකුත් කල රුසියානු ජනපති ව්ලැඩිමියර් ව්ලැඩීමිරොවිච් පූටින් කියා සිටින්නේ ප්‍රහාරයට වගකිව යුත්තේ යුක්රේන රජය බවත් එය රුසියාවේ හෝ රුසියානු කැරලිකරුවන්ගේ වැඩක් නොවන බවය. මෙවන් සිදුවීම් මෙම දේශයේ සාමය තිබුනානම් ඇති නොවීමට ඉඩ තිබුණු බවද ඔහු විසින් ඔහුගේ ප්‍රකාශයේ දක්වා ඇත.


ගුවන් යානය බිම හෙලීමට යොදාගත් තාක්ෂණය 

MH17 zගුවන් යානය බෝයින්ග් ගුවන් යානා සමාගමේ Boeing 777-200 වර්ගයේ ගුවන් යානයකි. එය අනතුරට පත්ව ඇත්තේ ආදී 33,000 ක් ඉහල අහසේදීය. යානයේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් බෝයින් සමාගම විසින් දැනටමත් ආරම්භ කොට ඇත. ගුවන් යානය බිම හෙලා තිබුනේ BUK නම් මිසයිල පද්ධතියක් මගිනි.

මෙම මිසයිල පද්ධතියට එකවර මිසයිල හතරක් දැමිය හැකි අතර එක් මිසයිලයක් අඩි 18 ක් දිග වන අතර බර කිලෝ 70 කි. මතුපිට සොයාගොස් විනාශකරන ආකාරයේ (sophisticated surface-to-air missile ) මිසයිල වන මේවා හට ආදී 72,000 ක් පමණ ඉහල අහසට ගොස් ගුවන් යානා විනාශ කල හැක. 



අනතුරට ලක්වනවිට ගුවන් යානයේ මගීන් 295 ක් ගමන් කල අතර ඒ අතර නෙදර්ලන්ත ජාතිකයන් 154 දෙනෙකුත්, ඕස්ට්‍රේලියානු ජාතිකයන් 27 දෙනෙකුත්, මැලේසියානු ජාතිකයන් 23 දෙනෙකුත්, ඉන්දුනිස්යන් ජාතිකයන් 11 දෙනෙකුත්, බ්‍රිතාන්‍යය ජාතිකයන් 6 දෙනෙකුත්, ජර්මන් ජාතිකයන් 4 දෙනෙකුත්, බෙල්ජියම් ජාතිකයන් 4 දෙනෙකු, පිලිපීන ජාතිකයින් තිදෙනෙකු සහ කැනේඩියානු ජාතිකයෙකුද ගමන්කොට තිබේ. 



ඉතිරි 41 දෙනා කුමන ජාතිකයන්ද යන්න තවමත් හඳුනා නොගෙන අතර ගුවන් යානයේ ශ්‍රී ලාංකිකයන් ගමන් ගත්තේද යන්න පිළිබඳවද ලංකා විසින් පරීක්ෂණයක් ආරම්භකොට තිබේ. 

රුසියානු කැරලිකරුවන්ගේ දුරකථන සංවාදයක් එලියට

රුසියානු ජනපතිවරයා එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන යුක්රේන පෙටේ‍රා ‍පොරොශෙන්කො පවසා සිටින්නේ මෙම අනතුර සම්බන්ධව වහා අන්තර්ජාතික පරීක්ෂණයක් පවත්වන ලෙසය. යුක්රේන පුවත්පතක් විසින් රුසියානු කැරලිකරුවන්ගේ බුද්ධි අංශය මගින් හුවමාරු වූ ගුවන් විදුලි පණිවුඩ හෙළිකොට තිබුනේ මෙලෙසිනි.
මේජර් : මැලේසියන් ගුවන් යානයක් බිම හෙලනු ලැබුවා...මේක අනිවාර්යයෙන් මගීන් ගමන් ගත ගුවන් යානයක්...ගොඩක් මිනිස්සු මේකේ ගිහින් තියෙනවා...

ග්‍රීක් : මොන ජාතියේ ගුවන් යානයක්ද?

මේජර් : මට තවම කියන්න බැහැ..මම තවම අනතුර සිදුවූ ස්ථානයට ගියේ නැහැ.. මම ඔබට කිව්වේ අනතුරින් පස්සේ ඇද වැටුණු සිරුරු අතින් නිරීක්ෂණය කරලයි...

ග්‍රීක් : ඔතන ප්‍රහාර එල්ලවූ මිසයිලයේ කොටස් තියෙනවද.

මේජර් : ඇත්තටම නෑ..මල සිරුරු විතරයි..ඖෂධ වර්ග, තුවා,,ටොයිලට් පේපර්..

ග්‍රීක් : මුකුත් ලියවිලි තියෙනවද?

මේජර් : ඔව් ඉන්දුනිසියාවේ විශ්ව විද්‍යාල සිදුවෙකුගේ ලියල්විලි තියෙනවා.

ඇත්තක් වූ විහිළුව

cor pon නමැති ගුවන් මගියෙකු ගුවන් යානයේ පිටත් වීමට පෙර ගුවන් යානය පිටත් වෙමට පෙර ගුවන් යානයේ ජායාරූපයක් ෆේස්බුක් වෙත එක්කොට පවසා තිබුනේ :ගුවන් යානය හදිසියේ හරි අතුරුදන් වුවත් ඒක මෙන්න මේ විදියයි.." ඔහු ඉන් අදහස් කොට තිබුනේ මෙයට කලකට පෙර නැතිවූ MH370 ගුවන් යානය පිලිබඳවය. එහිදී ඔහුට විහිලු කල යහළුවන් ආරක්ෂාකාරී ගුවන් ගමනක් සඳහා සුබ පතා ඇත. 







රුසියාවට සම්බාධක 



මෙම ගුවන් යානා අනතුර , අනතුරක් නොවන බවත් එය අහසේදී පුපුරා හරින බවත් පවසන ඇමෙරිකාව, රුසියානු කැරලිකරුවන්ට අනුබල දෙන රුසියාවට එරෙහිව සම්බාධක පැනවීමට තීරනයකොට ඇතැයි වාර්තා වේ. 

ගුවන් යානය බිම හෙලීමෙන් පසු ට්විටර් පණිවිඩය 

දුරකථන සංවාදයේදී ඇති එක් කටහඬක් ලෙස සැක කෙරෙන Igor Strelkov කොමාන්ඩෝ වරයා ට්විටර් ඔස්සේ ගුවන් යානය බිම හෙලීමෙන් පසු "අපි ඔබට අනතුරු ඇගෙව්වා...අපේ අහසේ පියාසර කරන්න එපා කියලා.." යනුවෙන් පලකොට ඇති අතර පසුව ජාත්‍යන්තරයේ ඇතිවූ කැලඹීමත් සමග එය ඉවත්කොටගෙන ඇත. 

ගුවන් යානයේ ගමන් මග පිලිබඳ සැකයක් 

මෙවැනි අනතුරු දායක "ගුවන් යානා රහිත කලාපයක්" ආසන්නයේ ගමන් කල ගුවන් යානයේ නියමුවන් ලැබුණු අනතුරු පණිවුඩ මගහැර ඇති බව එරට බලධාරීන් විශ්වාස කර සිටී. ගුවන් යානා තහනම් කලාපයට මදක් ඇතින් ගමන්කරන විට ගුවන් යානයට වෙඩි තබා බිම හෙලා තිබුණි.

මේ සම්බන්ධව ගුවන් යානා නියමු විශේෂඥයන් පවසන්නේ ගුවන් යානයේ නියමුවන් අනතුරු ඇඟවීම් නොසලකා ගමන කෙටි කරගැනීම උදෙසා "ගුණ යානා රහිත කලාපය ආසානනයෙන්ම ගමන්කොට ඇති බවයි..























ජීවීන්ගේ අනුවර්තන - Amazing Animal Camouflage

තමා ජීවත්වන පරිසරයට අනුව හැඩගැසීම් අනුවර්තන නමින් හදුන්වයි. ලෝකයේ විවිධ පාරිසරික හා දේශගුණික තත්වයන්ට ගැලපෙන ලෙස ජීවීන් අනුවර්තනය වේ. පරිසරයේ විවිධ රටාවන් තුල ආරක්ෂාකාරී ලෙස ජීවත් වීමටත් , ආහාර සොයා ගැනීමටත් පාරිසරික රෑපීය අනුවර්තනය වැදගත් වේ.

විශේෂ අනුවර්තන අවස්තා කිහිපයක්

The Elusive Leopard


American Pika



Cheetah


Giraffe


Stick Insect 


Common Baron Caterpillar


Toads


Uroplatus Geckos


Nighthawk


Blue-Crowned Parrot


Great Horned Owl




ලෝකයේ සැරම මිරිස් - The Hottest Peppers On Earth



"නයි මිරිස් වගේ"
සිංහලයන් එහෙම කියන්නේ හැම තිස්සෙම කේන්ති යන මනුස්සයකු දැකපු විටය. එහෙම නැත්නම් ගස්සාගෙන පුම්බාගෙන යන ගැහැනියක දැකපු විටය.
"ඇත්තටම මොනවද මේ නයි මිරිස්?"




"නයි මිරිස් වගේ"
සිංහලයන් එහෙම කියන්නේ හැම තිස්සෙම කේන්ති යන මනුස්සයකු දැකපු විටය. එහෙම නැත්නම් ගස්සාගෙන පුම්බාගෙන යන ගැහැනියක දැකපු විටය.
"ඇත්තටම මොනවද මේ නයි මිරිස්?"

නයි මිරිස් කියන්නේ අමුතු ජාතියක් නොව පට්ට සැර මිරිස් ජාතියකි. නයි කියලා කියන්නේ නයා වාගේ සැර නිසාය. නයි මිරිස් කෑවොත් දුම් පිටවන්නේ කන් දෙකෙන් විතරක් නොවේ. හැබැයි නයි මිරිස් කියන්නේ ඉව්වාම පුදුම රසක් තියෙන වෑංජනයකි. ඒ නිසා දුම් පිටකර ගන්නේ නැතිව නයි මිරිස් කන්න පුළුවන් නම් ඒක ඉතින් පෙර පිනක්ය. හැබැයි මිරිස් වෑංජන කාලා හොඳ පළපුරුද්දක් තියෙන කෙනකුට මිසක් වෙන කෙනකුට නම් නයි මිරිස් වෑංජනයක් කන එක ලේසි නැත. හැබැයි කන්න පුළුවන් නම් හරි ෂෝක්ය. රස නහර පිනා යයි

‘ෂ් . . .’ දිවට සැර මිරිස් සැර නො මැතිව සමහරුන්ට කෑම පිඟානට අත ගසන්නවත් සිත් නො දෙයි.
එපමණටම ඔවුනගේ දිවට මිරිස් සැර අවශ්‍යය. මේ අවශ්‍යතාව විශාල වාසියක් මිනිස් සිරුරට සලසන බව විද්‍යාඥයන් සොයා ගෙන තිබේ.
දිනපතා මිරිස් කෑමට එක් කර ගැනීමෙන් කුසගින්න අඩු වෙන බව ඉන්දියානා හි පර්ඩු සරසවියේ පර්යේෂකයන් සොයා ගෙන තිබේ.
මිරිස්වලට සැර ගෙන දෙන කැප්සෙයිසින් රසායනය කුසගින්න අඩු කරන අතර ශක්තිය ද දහනය කරයි.
ආහාර වේලට නො වරදවාම මිරිස් එක් කර ගැනීමෙන් දිග දුරක දිව යාමට ද හැකි වේ.
ආහාර ජීර්ණය කිරීමේ අපූරු ගුණයක් මිරිස් සතුව ඇත. සිරුරේ උණුසුම මිරිස් කෑමත් සමඟ වැඩි වන නිසා සීත දේශගුණයකදී ෂ්, ෂ් . . . ගා සැපීමට ද මෙය කදිමයි.
සිරුරේ උෂ්ණත්වය වැඩි වීම නිසා අනවශ්‍ය කැලරි දහනය වෙයි.


ලෝකයේ සැරම මිරිස් වර්ග.
  1. Serrano pepper

  2. Tabasco


  3. Cayenne


  4. Tepin 


  5. Guntur


  6. Scotch Bonnet


  7. Habanero


  8. Red Savina


  9. Ghost Pepper


  10. Trinidad Moruga Scorpion Pepper