Around 100 Attendees Heading To Australia AIDS Conference Among Victims Of Downed Malaysia Airlines Flight
----------------------------------------------------------
ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්හිදී පැවැත්වෙන එ්ඞ්ස් සමුළුව සඳහා සහභාගි වන විදේශ නියෝජිතයන් 100 දෙනකු ඊයේ අනතුරට පත් මැලේසියානු ගුවන් යානයේ සිට ඇතැයි හෙළිවී තිබේ.
එ් බව ඕස්ටේ‍්‍රලියානු රජය විසින් තහවුරු කර ඇත.
එ්ඞ්ස් රෝගය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ද මෙම යානයේ ගමන්ගෙන තිබූ අතර ඔහු ද අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම යානය නැෙඟනහිර යුක්රේන ගුවන් කලාපය හරහා ගමන් කිරීමේ සූදානමක් නොතිබූ බවත් එය ගුවන් පාලක මැදිරියේ දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව මැලේසියානු ගුවන් සේවා බලධාරීහු පවසති.
මේ අතර, චීනය සහ ඇමෙරිකානු ගුවන් සේවා යුක්රේන ගුවන් කලාපය හරහා පියාසර කිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ.
මගීන් 295 දෙනකු සමඟ යුක්රේන ගුවන් සීමාවේදී මැලේසියානු බෝයිං 777 ගුවන් යානය ඊයේ අනතුරට ලක්වීමත් සමඟ එම රටවල් මෙම පියවර ගෙන ඇත.
අනතුරුදායක කලාපයක් ලෙස නම්කොට තිබූ මෙම ගුවන් කලාපය මඟහරිමින් ගුවන් සේවා ක‍්‍රියාත්මක කිරීමට ඇතැම් රටවල් කටයුතු කර තිබිණ.
කෙසේවෙතත් ඉදිරි ගුවන් වාරවලදී චීනය සහ ඇමෙරිකාව ද මෙම ගුවන් කලාපය මඟහරිනු ලබන ලැයිස්තුවට එක් වන බව විදෙස් වාර්තා පවසයි.
මෙම යානයේ නෙදර්ලන්ත ජාතිකයන් 154ක්, මැලේසියානු 43ක්, ඕස්ටේ‍්‍රලියානු 27ක්, ඉන්දුනීසියානු 12ක්, බි‍්‍රතාන්‍යයන් 9ක්, ජර්මානුවන් 4ක්, බෙල්ජියම් ජාතිකයන් 4ක්, පිලිපීන ජාතිකයන් 3ක්, කැනඩා 3ක් හා හඳුනානොගත් විදේශිකයන් 41 දෙනකු සිටි බව තහවුරු වී තිබේ.
යුක්රේන සටන්කාමීන් පාලනයේ තිබෙන ප‍්‍රදේශයේ ගුවන් කලාපය හරහා ගමන් ගනිමින් තිබූ මැලේසියානු ගුවන් යානය රුසියානු හමුදා අවි ප‍්‍රවාහන යානයක් යැයි සිතා මිසයිල ප‍්‍රහාර එල්ල ඛළ බව යුක්රේන බෙදුම්වදී නායකයා ප‍්‍රකාශ කර ඇත
---11.00 am
---11.00 am
යුක්රේන අහසේදී මිසයිල ප‍්‍රහාරයකින් මගීන් 295 දෙනකු සමඟ අනතුරට පත් මැලේසියානු එම්.එච්.17 ගුවන් අනතුර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අද පෙරවරුවේ හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
එහිදී බි‍්‍රතාන්‍යය විසින් යෝජනා කර ඇත්තේ අනතුර පිළිබඳ විස්තරාත්මක, පූර්ණ ස්වාධීන විමර්ශන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත ඉදිරිපත් කළ යුතු බවයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා පවසා ඇත්තේ මෙම අනතුර පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවයි.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා පවසා ඇත්තේ මෙම අනතුර පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවයි.
----
0 comments:
Post a Comment