1918 ජුලි මස 18 වන දින උපත ලැබූ දකුණු අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපති නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා විය. ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 27 වසරක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණක් විය.
දකුණු අප්‍රිකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද වර්ණ භේදයට එරෙහි විරුද්ධවාදීන් අතර මැන්ඩෙලා ස්වාධීනත්වයේ හා සමානාත්මභාවයේ සංකේතයක් බඳු විය. නමුදු එවකට පැවති රජය විසින් ඔහුව බොහෝසේ විවේචනයට භාජනය කරන ලදී. ANC ය විසින් මැන්ඩෙලා ඇතුළු පිරිස කොමියුනිස්ට්වාදීන් හා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ අතර ඇමරිකාව තවමත් හඳුන්වනුයේ ත්‍රස්තවාදියෙකු සේය.
1990, පෙබරවාරි මස 11 වන දින සිරෙන් නිදහස් වීමත් සමඟම මැන්ඩෙලා සමඟි සන්ධානවීමට හා සාකච්ඡා මාර්ගයට පිවිසීමේ ප්‍රතිපත්තියට අවතීර්ණ විය. දකුණු අප්‍රිකාවේ බහු ජාතීය ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනසක් ඇති කිරීමට එය ඉවහල් වන බව ඔහුගේ විශ්වාසය විය. වර්ණභේද යටතේ අවසාන දක්වාම මැන්ඩෙලා අතීත විරුද්ධවාදීන්ගේ පවා පැසසුමට පුළුල් ලෙස භාජනය විය.
දශක හතරක් පුරාවට සම්මාන සියයකට අධික ප්‍රමාණයකින් පිදුම් ලැබූ මොහු 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීමට තරම් වාසනාවන්ත විය. එපමණක් නොව වර්තමානයේ නෙල්සන් මැන්ඩෙලාව හඳුන්වනු ලබන්නේ කාලෝචිත මාතෘකා වෙනුවෙන් තම කටහඬ හා අදහස් පුබුදු කළ ශ්‍රේෂ්ට දේශපාලනඥයෙකු වශයෙනි. දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ වංශයේ වැඩිහිටියන් විසින් මැන්ඩෙලාට තිළිණ කළ ගරු නම්බුනාමය “මැඩිබා” නම් වේ. එකී නාමය නෙල්සන් මැන්ඩෙලා යන නාමයන් සමඟ අපූරුවට පෑහිණි.
මහත්මා ගාන්ධි යනු මැන්ඩෙලාගේ ජීවිතයේ පරමාදර්ශය කොට ගත් විශිෂ්ට චරිතයකි. මැන්ඩෙලා එකී චරිතය තම ජීවතයට නව අදහස් හා හැඟීම් ජාතික කරවීමට සමත් වූ වටිනා සම්පතක් ලෙසින් සලකනු ලබයි. එමෙන්ම මහත්මා ගාන්ධිතුමාගේ අවිනිසොවාදී දර්ශනයත්, විරුද්ධ පාර්ශවයන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කිරීමේ හැකියාවක් මැන්ඩෙලා විසින් ස්වකීය ජීවිතයට ද ඈඳා ගත් යහපත් ගුණාංග වේ.
දකුණු අප්‍රිකානු ඉතිහාසය වෙනස් කළ මිනිසා ඔහුයි. තමන් උපන් දේශයට ප්‍රජාතන්ත්‍රවාදය
කැන්දූ අසහාය නායකයා ඔහුයි. වර්ණභේදවාදයට තිත තැබූ පෙරගමන්කරුවා ඔහුයි. එහෙත් මේ මොහොත වෙද්දී නෙල්සන් මැන්ඩෙලා නම් වූ ඒ අසහාය මිනිසා තමා උපන් දේශයෙන් පමණක් නොව මුළු මහත් ලෝකයෙන්ම සමු ගෙන සිටියි. අනූපස් වසරක දිවිය තුළ ඔහු ආ ගමන් මගේ සුවිශේෂී මං සලකුණුයි මේ.
ඩීබා ලෙස දකුණු අප්‍රිකානුවන්ගේ ආදරය දිනා ගත් නෙල්සල් මැන්ඩෙලා උපත ලබන්නේ 1918 ජූලි 18 වනදායි. දකුණු අප්‍රිකාවේ දුෂ්කර ගම්මානයකදී රොලිලාලා මැන්ඩෙලා ලෙස උපත ලැබූ ඔහු නෙල්සන් මැන්ඩෙලා වන්නේ පාසල් අධ්‍යාපනයට ඇතුළු වූ පළමු දිනයේදීයි. ඒ සුදු ජාතික ආධිපත්‍යයේ තවත් එක් ප්‍රතිඵලයක් ලෙසිනි. පාසල් අධ්‍යාපනය නිමා කරන මැන්ඩෙලා ජොහැන්නස්බර්ග් අගනුවර වෙත යන්නේ උපාධි සිහිනය සැබෑ කර ගැනීම උදෙසායි. ඒ අනුව 1941 දී බි.ඒ. උපාධිය සම්පූර්ණ කරන ඔහු නීතිඥවරයෙකු ද වේ.
1944 දී අප්‍රිකානු ජාතික කොංග්‍රස් යොවුන් ලීගය පිහිටු වීමේ පෙරගමන්කරුවා වන්නේ මැන්ඩෙලායි. වෙනත් කිසිදු වර්ගවාදී කණ්ඩායමක් ගැන විශ්වාසයක් නොතැබූ මොහු වර්ණභේදවාදයට එරෙහිව තනිවම නැගී සිටින්නට තරම් ශක්තිවන්තයෙකු විය. දකුණු අප්‍රිකාව පුරා ඇවිදිමින් වර්ණභේදවාදී නීතියට එරෙහිව සටන් වැදි මැන්ඩෙලාට මුහුණ දීමට සිදුවූ කෙණෙහිලිකම් බොහෝයි. ඒ අතරින් දරුණුතම කෙණෙහිලිකම වූයේ විසිහත් වසරක් සිර බත් කැවීමයි. එහෙත් මැන්ඩෙලා මේ කිසිවකින් නොසැලිනි. ඔහුගේ ඒකායන අරමුණ වූයේ කළු ජාතිකයින් හට යහපත් හෙට දවසක් උදා කිරීමයි. ඔහු තම ජීවිතයේ හොඳම කාලය
සිර මැදිරියකට කොටු කළේ ඒ වෙනුවෙනි. සිරගතව සිටියද ඔහු සිය මෙහෙයුම අත්නොහැරියේය.
කෙදිනක හෝ සත්‍ය ජය ගන්නවා සේ විසි හත් වසරකට පසු 1990 දී නෙල්සන් මැන්ඩෙලාට නිදහස හිමි විය. මැන්ඩෙලාගේ නිදහසින් උද්දාමයට පත් දහස් ගණනක ජනතාවක් කේප්ටවුන් වෙත රැස් වූයේ මේ අද්විතීය මිනිසා පිළිගැනීම උදෙසායි. නිදහස ලැබුදා පටන් 1994 වසර දක්වා මැන්ඩෙලා ගෙවූයේ අතිශය කාර්යබහුල දිවියකැයි කිව හොත් එහි වරදක් නොවේ. දකුණු අප්‍රිකාවේ අස්සක් මුල්ලක් නෑර ඇවිද්ද ඔහු ලොව පුරා සංචාරය කෙළේ කළු ජාතිකයන්ට සිදුවන කෙණෙහිලිකම් තුරන් කිරීම උදෙසායි. 1993 දී ඇමෙරිකානුවට ගිය මැන්ඩෙලා දකුණු අප්‍රිකාවට එරෙහි ආර්ථික සම්බාධක ඉවත් කරන ලෙස ලෝක නායකයින්ට දැන්වූයේ තවදුරටත් සිය රට හුදෙකලා නොකිරීමටයි.
මේ සියලු හැල හැප්පීම් මධ්‍යයේ දකුණු අප්‍රිකාව ආ ගමනේ සුවිශේෂීම මං සලකුණ සනිටුහන් වන්නේ 1994 වසරේදීයි. එම වසරේ කැඳවූ මැතිවරණයෙන් ජය ලබමින් නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජාතික නායකයා වන්නේ විසි හත් වසරක සිර දිවියට අරුතක් දෙමිනි. වත්මන් නායකයන් මෙන් බලලෝභීත්වයෙන් ඔද වැඩී නොගිය ඔහු සිය පළමු ධුර කාලය නිමා වත්ම ධුරයෙන් ඉවත් වේ. ඒ අනුව 1999 දී ඔහු ක්‍රියාකාරී දේශපාලනයට සමු දෙයි. දේශපාලන දිවියට සමු දුන්නද මැන්ඩෙලා සිය ජනහිතකාමී ක්‍රියාවලට සමු දුන්නේ නැත. අප්‍රිකාවට වසංගතයක් වූ එච්.අයි.වී. වෛරසය තුරන් කිරීම වෙනුවෙන් උර දුන් මොහු අධ්‍යාපන ක්‍ෂේත්‍රය නගා සිටුවීම වෙනුවෙන්ද නොමද සහයක් දුනි.
නෙල්සන් මැන්ඩෙලාගේ දරුවන් හා මුණුපුරු මුණුපිරියන් මේ වෙද්දී සමාගම් එකසිය දහයක පමණ ක්‍රියාකාරී සාමාජිකයින් වී සිටියි. අරමුදල් විසිහතරකට ආසන්න ප්‍රමාණයක මොවුන්ගේ වත්කම් ඇතුළත්ව ඇත. ඒ අතර ජොහැන්නස්බර්ග් නගරයේ පිහිටි වටිනා දේපළ බොහොමයක් වේ. හයිඩ් පාර්ක්වල පිහිටි මැකාසිවා මැන්ඩෙලාට අයත් නිවසේ වටිනාකම මිලියන ගණනක් වන බව කියවේ. මැන්ඩෙලාගේ වැඩිමහල් දියණිය සමාගම් දහසයක අධ්‍යක්ෂිකාවක ලෙස ක්‍රියා කර ඇත. දුම්රිය ඉංජිනේරු ශිල්පය හා ඛනිජ වර්ග හා සම්බන්ධ සමාගම් කිහිපයක්ම ඒ අතර වේ. එසේම ආර්ජන්ටිනා තානාපති ධුරය දැරූ මැන්ඩෙලාගේ තවත් දියණියක් සමාගම් නවයක අධ්‍යක්ෂිකාවක් ලෙස ක්‍රියා කරයි. කොහොමටත්
නෙල්සන් මැන්ඩෙලා බොහොමයක් දේපොළ ඔහුගේ නමින් ලියාපදිංචි කර නොමැති බවද ඇතැම් වාර්තාවලින් පෙන්වා දේ.
හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෙස මොහුට ජීවිතාන්තය දක්වා ජනාධිපති විශ්‍රාම වැටුප හිමි වේ.
කෙසේ වුවද තම මුදල් හා කලා නිර්මාණ පාලනය කිරීමට පවුලේ උදවියට ඉඩ ලබා නොදීම මැන්ඩෙලාගේ කැමැත්ත වී තිබේ. ඔහු සිය නීතිඥවරයාටද ඒ බව දන්වා තිබිණි. මේ නිසා පවුලේ උදවිය අතර මතභේදකාරී තත්ත්වයන් ඇති වූ අවස්ථාද වේ. මැන්ඩෙලා රෝගාතුර වීමට පෙර සිටම ඔහුගේ බූදලය සම්බන්ධයෙන් පවුලේ අය අතර අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව තිබිණි. මැන්ඩෙලා ජීවත්ව සිටියදීම ඔහුගේ බූදලයට ආරවුල් ඇති වුණේ නම් ඔහු මිය ගිය පසු ඔවුන් මේ ගැටලුවට කෙසේ මුහුණ දේදැයි ප්‍රශ්නාර්ථයක් වේ.
දැන් මැන්ඩෙලා මිය ගොසිනි. ඇත්තේ ඔහු කළ කී දෑවල මතකයයි. ඒ මතකය තුළින් ලොවට ආදර්ශයක් වූ ඒ මිනිසා අනුගමනය කිරීම කාගේත් යුතුකමයි. දකුණු අප්‍රිකානුවන්ට මෙන්ම ලෝ වැසි ජනතාවට අද්විතීය මෙහෙයක් ඉටු කළ මේ යුග පුරුෂයා 2013 දෙසැම්බර් 05 වනදා ලොවින් සමු ගත්තේ තවත් අසහාය නායකයෙකු ලොවට අහිමි කරමිනි. එහෙත් ඔහු තබා ගිය මතකය සදා අනුස්මරණීය වනු ඇත.

0 comments:
Post a Comment