Sunday, August 11, 2013

ෂාරුක්, විජෙයි, පවන් ජනප්‍රියත්වය වෙනුවෙන් තරගයක

පසුගිය 9 වැනිදා ෂාරුක් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය Chennai Express  තිරගත වීම ඇරඹුවේ Chennai Express  පැමිණෙනතුරු බලා සිටි බොහෝ බොලිවුඩ් ප්‍රේක්ෂකයින්ගේ බලා‍පොරොත්තු ඉටු කරමින්.
ඒත් Chennai Express  සමගම තිරගත වීම් ඇරඹූ කොලිවුඩයේ සුපිරි තරුව විජෙයිගේ අලුත්ම චිත්‍රපටය Thalaivaa  සහ තෙළිඟු චිත්‍රපට සුපිරි තරුව පවන් කල්‍යාන්ගේ Attarintiki Daaredhi චිත්‍රපටය නිසා Chennai Express චිත්‍රපටය හොඳ ආදායමක් ලැබිමට නම් හොඳ තරගයක් කිරීමට සිදුවන බව කියැවෙනවා. ෂාරුක්, විජෙයි සහ පවන් තිදෙනාම ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ බොහෝ බොලිවුඩ් කොලිවුඩ් රසිකයින් අතර ජනප්‍රිය නිසා මේ චිත්‍රපට තුනම එකම ලෙසට ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබිය හැකි චිත්‍රපට බව ඇතැමුන් පවසනවා. එසේම එකම ලෙස ජනප්‍රිය විය හැකි මේ චිත්‍රපටවල ආදායම් වෙනස ඇති වන්නේ ඉන්දියාවට සමගාමීව මේ චිත්‍රපට තිරගත වීම අරඹන අනෙකුත් රටවල් නිසා බවට මත පළවී තිබෙනවා. කෙසේ වෙතත් තම තමන් දායක වන චිත්‍රපටවල ජනප්‍රියත්වය වැඩි කර ගන්නට ෂාරුක්ට විජෙයිට සේම පවන්ටත් වැඩිපුර වෙහෙසෙන්නට සිදුවන බවත් අමුතුවෙන් කිව යුතු නැහැ.

ස්නෝඩන් මැදිකරගත් ඇමෙරිකානු - රුසියානු සීතල යුද්ධය

රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතාවලට හානියක් කිරීමට තරම් ලොකු බලපෑමක් ස්නෝඩන් පලහිලව්වෙන් මතු වී නැතැයි රුසියන් විදේශ ඇමැති සර්ජි ලැව්රොව් පෙරේදා පැවසුවේ දෙරට අතර නව සීතල යුද්ධයක ලකුණු පහළ වෙමින් තිබේ යැයි සිතෙන පසුබිමක් තුළ සිටය.
ලබන සැප්තැම්බරයේ සාන්ත පීටස්බර්ග් නගරයේ පැවැත්වෙන රටවල් විස්සේ කණ්ඩායමේ රාජ්‍ය නායක රැස්වීමට සහභාගි වීමට රුසියාවට යන ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා,එම ගමනේදීම ජනාධිපති ව්ලැද්මිර් පුටින් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් සඳහා වූ සිය සූදානම අවලංගු කර ඇතැයි වාර්තා වීමෙන් දිනකට පසු ලැව්රොව්ගෙන් පළවූ එම නිරීක්ෂණය ඇමෙරිකන් සිත්තැවුල තුනී කිරීම සඳහා අරමුණු කර ගත්තක් යැයි කිව හැකිය.

රුසියාවට ගියත් එහි ජනාධිපති සමග කෙළින් කතාවක නොයෙදීමට ජනාධිපති ඔබාමා ගත් තීරණය රුසියාවට සිය අමනාපය පෙන්වීමේ පියවරකි. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ආයතනයේ රහස් තොරතුරු ලොවට හෙළි කර රටෙන් පැන ගිය එඩ්වඩ් ස්නෝඩන් නමැති සී.අයි.ඒ. පරිගණක විශ්‍ලේෂකයා තම රටට භාර දෙන්නැයි ඉදිරිපත් කළ ඉල්ලීම නොතකා හැර ඔහුට රුසියාවේ දේශපාලන රැකවරණ ලබාදීම ගැන ඇමෙරිකාව මේ දිනවල තදබල නෝක්කාඩුවක් ඇති කරගෙන සිටියි.
දෙරට අතර වැඩෙන ස්නෝඩන් ආතතිය අඩු මට්ටමකින් තක්සේරු කර අදහස් පළ කිරීමේදී රුසියානු විදේශ ඇමැතිවරයා කියා සිටි තව දෙයක් නම් පුටින් ඔබාමා නායක සාකච්ඡා “කල් දැමීමක්” මිස අවලංගු කිරීමක් සිදුවී නොමැති බවය.
රුසියානු සංචාරය ප්‍රයෝජනයට ගනිමින් එරට ජනාධිපතිවරයා සමග ද්වි පාර්ශ්වීය කතාබහකට ලැබෙන ඉඩ ප්‍රස්ථාව ඇමෙරිකන් ජනාධිපතිවරයා විසින් ඉවත දමනු ලැබිම ඉතා දැඩි පියවරකි.

ඇතැම් රුසියානු විවේචකයන්ට එය පෙනී ගියේ ‘මුහුණ සමග තරහට නාසය කපා ගැනීමක්’ ලෙසය.රුසියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සභාපති ඇලෙක්සි පුෂ්කොව්ගේ ප්‍රකාශයකින් පෙන්වා දී තිබුණේ ‘මෙවැනි තීරණ නිසා ලෝකය පෙරැළෙන්නේවත් අහස කඩා වැටෙන්නේවත්’ නැති බවය.

හොංකොං නගරයේ සති කිහිපයක ‘හැංගිමුත්තම’ අවසන් කළ ස්නෝඩන් දෙමසකට පෙර රුසියාවේ මොස්කව් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටකට ගොඩබැසීම බොහෝ විචාරකයන්ට පෙනුණේ ඇමෙරිකාව සහ රුසියාව අතර සබඳතා මත අනිටු බලපෑමක් එල්ල කළ හැකි අභියෝගකාර පියවරක් හැටියටය.

පරිගණක තොරතුරු විශ්‍ලේෂණයෙහි හසළ දැනුමක් ඇතියකු වන එඩ්වඩ් ස්නෝඩන් මේ වන විට ‘වර්ෂයේ ඇමරිකානුවා’ වීමට තරම් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් හිමි කරගෙන ඇත්තේ ලෝක දේශපාලනයට අලුතින් එකතු වූ ප්‍රමුඛ රංගධරයකු බවට පත්වෙමිනි.
දෙමසකට පෙර ඇරඹුණු ස්නෝඩන් කතාවේ අලුත්ම පරිච්ජේදය මේ දිනවල ලියැවෙන්නේ ඔහුට තාවකාලිකව රැකවරණ සැපයීමට රුසියානු රජය ජූලි 31දා ගත් තීරණයත් සමගය. සිරියානු සිවිල් යුද්ධය ගැන පවත්නා මතභේද කෙබඳු වුවත් ඇෆ්ගනිස්ථානය, මැද පෙරදිග, ඇතුළු ජාත්‍යන්නතර ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් තමන් සමග සහයෝගයෙන් වෙළී ඇති රුසියාව ස්නෝඩන්ට රැකවරණ සැපයීම තමාට සතුරු ආකල්පයක් බව ඇමෙරිකාව සිතයි.

රුසියානු රජයේ තීරණය අනුව අඩුම ගණනේ ලබන වසරේ ජූලි 31 දා වනතුරු හෝ රුසියාවේ වාසය කිරීමට ස්නෝඩන්ට ඉඩ ලැබේ. වසරෙන් වසර දිගු කර ගැනීමේ අවශ්‍යතාවද ඇති හෙයින් පස් වසරක නේවාසික කාලය සම්පූර්ණ කළ විට ඔහුට රුසියානු පුරවැසිකමද හිමි වෙයි. රුසියන් රජයට ඔහු ‘හිතට ඇල්ලුවොත්’ එයට කලින් වුවද රුසියානු පුරවැසි බව ලැබිමට ඉඩ තිබේ.

ඔහු සතු සුවිශේෂ ජාත්‍යන්තර ප්‍රතිරූපයත්, ඉහළම මට්ටමේ වෘත්තීය නිපුණතාවත් නිසා තිස් හැවිරිදි මෙම දීප්තිමත් ඇමෙරිකන් තරුණයාට දැනටමත් රුසියානු ආයතනවලින් ඉතා ඉහළ රැකියා අවස්ථා දෙකක් පිරිනමා තිබේ. එකක් රුසියානු පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ විශ්‍ලේෂකයකු හැටියටය. අනෙක් ඇරයුම ලැබි ඇත්තේ රුසියාවේ ‘ෆේස්බුක්’ මොඩලය ලෙස සැලකෙන ‘කොන්ටැක්ට්’ නම් ආයතනයෙනි.

ඇතැම් බටහිර වාර්තා පවසන්නේ රුසියාවේ වෙසෙන ලොකු ඉල්ලුමක් ඇති ‘තනිකඩයන්’ අතර අතිශය ආකර්ෂණී තරුණයා ලෙස ස්නෝඩන් එරට කාන්තා පක්ෂයේ අවධානයට යොමුවී ඇති බවයි. ඔහුට මංගල යෝජනා ඉදිරිපත් කළ ඉහළ සමාජයේ රුසියානු කතුන් අතර ඇනා චැප්මන් නමැත්තියද වෙයි. මොස්කෝ නගරයේ ප්‍රභූ සමාජ තට්ටුවේ දිදුළන තරුවක් වන ඇනා වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ රුසියානු චරපුරුෂ කාන්තාවක් ලෙස සැකයට බඳුන් වී ඇමෙරිකාවේදී අත්අඩංගුවට පත්වූ තැනැත්තියක වීම නිසාය. කෙසේ වුවද ස්නෝඩන්ට සිය රට තුළ තමන්ගේම පෙම්වතියක ඇති හෙයින් රුසියාවෙන් පෙළවහක් කර ගැනීමට ඔහු නොපෙලඹෙනු ඇතැයි ද කියති.

ස්නෝඩන්ට හොඳ රැකියාවක් ලැබුණත් එය නිදහසේ කරගෙන යාමට හැකිවේද? ලොව විශාලතම රට වන රුසියාවේ ඕනෑම තැනෙක ඇවිදීමට නීතියෙන් බාධාවක් නැති නමුදු ඒ අයිතිය භුක්ති විඳීමට ඔහුට ඉඩ ලැබේද? ඒ ඔහුගේ ආරක්ෂාව දිග ඇදෙන ගැටලුවක් ලෙස පවතින හෙයිනි. ඇමෙරිකන් චර පුරුෂ සේවයේ ගිජු ලිහිණියකු විසින් ඔහු ඩැහැ ගනු ලැබිමේ ඉඩකඩ සෙවණැල්ල මෙන් ඔහු සමගම පවතිනු ඇත.

එබඳු පුද්ගලික ගැටලුවලට අමතරව ලෝක දේශපාලනය ඔස්සේ නවතම චරිතයක් ලෙස ඔහු මතු වූ පසුගිය ජුනියේ සිට ලියැවෙන වෙනම කතාවකුත් තිබේ.තවත් සීතල යුද්ධයක බරපතළ තත්ත්වය කරා එය නොවැඩෙන්නට නම් ස්නෝඩන්ට අදාළව හටගත් ගැටලු නිරාකරණය සම්බන්ධ ඇමෙරිකන් රුසියන් සම්මුතියක් ඇති කරගත යුතු වෙයි.

බලවත් දෙරට අතර කිසියම් සම්මුතියක් ඇති වේ නම් එඩ්වඩ් ස්නෝඩන්ගේ අනාගතය කෙබඳු වේද?
එය ලොකු ප්‍රශ්නයක් විය හැකි වන්නේ ‘‍පොඩි මිනිසා’ වන ස්නෝඩන්ට මිස රුසියාවටවත් ඇමෙරිකාවටවත් නොවිය හැකිය.
දැනට ඇති යථාර්ථය අනුව නම් ස්නෝඩන් මෙන්ම බැරැක් ඔබාමාද මෙම සිද්ධියේදී ‘බිලි වී’ ඇති බව පෙනෙයි. තරුණයකු වන ස්නෝඩන්ට සිය අනාගතය අහිමි විය. මානව හිමිකම් රැකීමට කැපවූ ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස නැගී සිටීමට ගත් උත්සාහයේදී බැරැක් ඔබාමාත් ‘පුස්ස බිඳ ගත්තේය’ මේ වටයේ පැහැදිලි ජයග්‍රාහකයා ව්ලැද්මිර් පුටින්ය.

ස්නෝඩන් පටලැවිල්ල ගැන සිය මතය පළ කළ අවස්ථාවකදී ඇමෙරිකාවේ ඔළුව අත ගසා ටොකු ඇනීමට ජනාධිපති පුටින් වග බලා ගත්තේය.ජූලි මැද හරියේ පින්ලන්තයේ සිසු පිරිසක් සමග පැවැති සංවාදයකදී පුටින් කීවේ වෙන රටකට යාම සඳහා මොස්කෝ ගුවන් තොටුපළට ස්නෝඩන් ගොඩ බට විට ඔහු ඒ තුළම කොටු කර තැබිමට ඇමෙරිකාව පියවර ගත් බවය. ස්නෝඩන්ට රැකවරණ සැපයීමට කැමැත්තෙන් සිටි වෙනත් හැම රටක්ම බිය වැද්දූ ඇමෙරිකාව මොස්කෝ ගුවන් තොටේ මාර්ගස්ථ කලාපයෙන් එළියට යා නොහැකි තත්ත්වයක් ඔහු හමුවේ බිහි කළ විට මානුෂික හේතු උඩ ස්නොඩන්ට රැකවරණ සැපයීමට බල කෙරෙන තැනකට රුසියාවද කොටු වූ බව පුටින් පෙන්වා දුන්නේය.

රුසියාවේ නැවතීමට අවශ්‍ය නම් එයට ඉඩ දිය හැකි බව ස්නෝඩන්ට දැන්වූයේ එක් කොන්දේසියක් මත යැයිද පුටින් පවසා තිබිණි. ඇමෙරිකාව සමග සිය රටේ සබඳතාවලට හානියක් සිදුවිය හැකි අන්දමේ කටයුතුවල නොයෙදෙන ලෙස ඔහුට දන්වමිනි. ඒ අනුව ඇමෙරිකාව දුෂ්කරතාවට පත් කෙරෙන අමතර හෙළිදරව් කිරීම් නොකළ යුතු යැයි ඔහුට නියම කළ බවද රුසියන් ජනාධිපතිවරයා හෙළි කර තිබුණි.

එහෙත් බෙහෝ විචාරකයන්ගේ මතයක් නම් ඇමෙරිකන් ඔත්තු සේවා ගැන ස්නෝඩන් ළඟ ඇති රහස්‍ය තොරතුරු රුසියාවට පමණක් නොව චීනයටත් දැනටමත් ලැබි තිබිය හැකි බවය.ඇමෙරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර පඹගාලක පටලැවීමට සමත් වූ ස්නෝඩන් සිද්ධියේදී ඇමෙරිකාව පරාජය කරමින් රුසියාව ජයගත් බවට ප්‍රබලව තර්කයක යෙදෙමින් චීනය ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත ගිය බ්‍රහස්පතින්දා පළ කළ ලිපියක් ඇමෙරිකන් මෙන්ම රුසියන් මාධ්‍ය විසින්ද ප්‍රමුඛ තැනෙකලා උපුටා දක්වා තිබිණි.

අධිෂ්ඨානයෙන් කුළු ගැන්වුණු නිර්භීත ප්‍රවේශයකට එළැඹෙමින් ඇමෙරිකාව අසරණ තැනකට තල්ලු කිරීමට රුසියාව සමත් වූ බව පවසන චීන පුවත්පත එබඳු සෘජු අභියෝගාත්මක මඟක් නොගෙන ‘වැනෙනසුලු’ ස්ථාවරයක පසුවීම ගැන බොහෝ චීන වැසියන් අන්තර්ජාල ඔස්සේ පැවැති මත ප්‍රකාශවලදී චීන රජයට දොස් කියා ඇතැයිද සිහි කරයි. එබඳු විවේචනවලට ගොදුරු වුවද චීන රජය ‘අත දවා නොගැනීමේ’ ප්‍රවේශම්කාරී නැණවත් උපාය මාර්ගයකට පිවිසීම අනුමත කරමින් එම පත්‍රය මෙසේ පැවසීය.
ස්නෝඩන් සිද්ධියට කෙළින්ම අත නොපෙවීමේ චීන ප්‍රතිපත්තිය යහපත් ප්‍රතිඵල අත්කරදී තිබේ. ස්නෝඩන් තුරුලු කර ගැනීමට චීනය හදිසි වුණා නම් චීන-ඇමෙරිකන් සබඳතාවල ලොකු ගැස්සීමක් හට ගැනීමට ඉඩ තිබිණි. එබඳු වෙනසකදී මතු විය හැකි අවදානම භාර ගැනීමටත් චීනයට සිදුවනු ඇත.

චීන-ඇමෙරිකන් සබඳතාවලට අලාභයක් සිදු වීමකින් තොරව ඇමෙරිකාව ජාත්‍යන්තර බාල්දුවකට පත්වූයේ එරටෙහි මානව හිමිකම් පුරාජේරුවේ ‘පුස්ස බිඳී යන’ ආකාරයෙන් නිසා චීනය විශේෂයෙන් සතුටු වූ අයුරු එයින් පෙනී යයි.ගෝලීය පරිමාණයෙන් මහ බලවතුන් අතර තරගයේදී ස්නෝඩන් සිද්ධිය කරකැවී නැවතී ඇත්තේ තමාට වාසිදායක තැනෙක බවට චීනය විසින් ඇති කර ගැනුණු තක්සේරුව එහිලා ප්‍රකාශ වූයේ මෙසේය.

විසිඑක්වැනි ශත වර්ෂයේ ජාත්‍යන්තර සබඳතා හැසිරවීමේදී චීනයත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර තරගය ප්‍රමුඛ තැන උසුලයි. එහෙත් චීනයේ ශක්තිය තවමත් ඇමෙරිකාවේ ශක්තියට බොහෝ අඩු තැනෙක පවතියි. ඒ අතර චීනයේ පරිපූර්ණ මූලෝපායමය හවුල්කරු වන රුසියාව ස්නෝඩන් සම්බන්ධ කාරණාවලදී මුල පිරීම අතට ගනිමින් එක්සත් ජනපදයට එරෙහි ඉදිරි පිලට එළැඹිණි. එමගින් ජාත්‍යන්තර කටයුතුවලදී පැවතිය යුතු නම්‍යශීලීත්වය පෙන්නුම් කෙරෙයි. රුසියානු එළැඹුම චීනයේ පැසසුම ලබයි. ඇමෙරිකාවට එරෙහි ඔළුවට ඔළුව හප්පා ගැනීමේ සටන් අභිමුඛතා පිළිවෙතකට යාමට චීනය කැමැති නැත. එහෙත් ඇමෙරිකාව විසින් බලය අයුතු ලෙස යොදවනු ලැබිමට එරෙහිව සීමාවන් පැනවීමට සමත් රටවල් සමග සමගි සම්පන්නව ක්‍රියාත්මක වීමේ ශක්තිය දැනටමත් චීනය සතුය.

ස්නෝඩන් සිද්ධිය සුපිරි බලවතා ලෙස ඇමෙරිකාව මුහුණ දුන් බරපතළ ජාත්‍යන්තර ‘ආපදාවක්’ වී නම් එයින් ගොඩඒමට හැකි වන්නේ රුසියාවටත් පාඩමක් කියාදීමෙන් බව ඇමෙරිකන් දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රයේ දැඩි මතධාරී කණ්ඩායම්වල මතය වී තිබේ.

රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග වැද බැරැක් ඔබාමාට පරාජය වූ ඇරිසෝනාවේ උත්තර මන්ත්‍රී ජෝන් මැකේන් පෙන්වා දුන්නේ ස්නෝඩන්ට රැකවරණ සැලසීමෙන් රුසියාව සිදු කළේ ඇමෙරිකාවේ කම්මුලට ගැසීම වැනි දෙයක් බවයි. රුසියාව සමග ඇමෙරිකාවේ සබදතා ගැන සම්පූර්ණයෙන්ම යළි සිතා බැලීමට කාලය එළැඹ ඇතැයි ඔහු පවසයි.

රුසියාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමේ කටයුතු දැඩි කිරීමට අමතරව යුදමය වශයෙන් රුසියාවේ ඇඟටපතට ‘නියමෙට දැනෙන’ යමක් කිරීමේ අවශ්‍යතාවද මැකේන් පෙන්වා දෙයි. රුසියාවේ දේශසීමා වටා ඇමෙරිකන් මිසයිල් ආරක්ෂක පද්ධතියක් ගොඩනැගීමේ සැලසුම වඩාත් ආක්‍රමණශීලී ලෙස ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ඔහු පෙනී සිටියි. යුරෝපය හවුල් කරගෙන පවතින ඇමෙරිකන් නාකයකත්වය ඇති උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය පැරැණි සීතල යුද්ධ කාලයේදී තරමටම මොස්කෝවේ  ‘දැඟලිල්ල’ට එරෙහිව මුවහත් කරගත යුතු බවද ඔහුගේ මතයයි. රුසියන් මහ ධනේශ්වරයේ මූල්‍ය ශක්තිය නියෝජනය කරන ආර්ථික ප්‍රභූවරුන්ගේ මෙන්ම පුටින් විරෝධයේ ධජය ඉහළින් දරාගෙන සිටීමට තරම් සමාජ ශක්තියක් ඇති රාජ්‍ය නොවන සංවිධාන බල ගැන්වීමේ පිළිවෙතක් ගෙන යමින් පුටින්ට එරෙහිව දේශපාලන අභියෝගය කුළු ගැන්වීමට ඇමෙරිකාව උදව් කළ යුතු බවත් ඔහු පවසයි.

එඩ්වඩ් ස්නෝඩන්ට එරෙහිව ඇමෙරිකන් අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කැරුණු චෝදනා ගොඩ නැගෙන්නේ ඔහු රාජ්‍ය දේපළ සොරකම් කළ බවත් රාජ්‍ය ආරක්ෂාවට අදාළ රහස්‍ය බුද්ධි තොරතුරු බලය නොලත් තැනැත්තන් අතට පත් කළ බවත් සලකා ගනිමිනි.

එබඳු තොරතුරු හෙළි කර ඇති ආකාරය අනුව ඔහු රාජද්‍රෝහී වරදක් සිදු කර තිබේදැයි නැගෙන ගැටලුව විවිධ කෝණවලින් විමසා බැලෙන වාර්තාවක් ‘ඇමෙරිකා හඬ’ පුවත් ජාලය විසින් නොබෝදා පළකර තිබුණේ ස්නෝඩන්ට රුසියාවේ රැකවරණ ලැබිමේ පසුබිම ඇතිවය.

ඇමෙරිකාවේ රාජ්‍ය තන්ත්‍රික ප්‍රවීණයන් අතර ඉතා රළු දක්ෂිණාංශික පැවැත්මකින් හෙබි අයකු වන එක්සත් ජාතීන්ගේ හිටපු ඇමෙරිකන් තානාපති ජෝන් බෝල්ටන්ගේ අදහස එහිදී දැකගත හැකි වූයේ ස්නෝඩන් ද්‍රෝහියකු බවට ගොනැගෙන ප්‍රබල තර්කයක ස්වරූපයෙනි.

සිය රටේ ජාතික ආරක්ෂාවට එරෙහිව මතෛක් එල්ල වූ ඉතාම බරපතළ ප්‍රහාරය මෙය බව බෝල්ටන්ගේ මතයයි.
සාමාන්‍ය ඔත්තුකරුවකුගෙන් සිදුවන්නේ බොහෝ විට එක රටකට තොරතුරු සැපයීම වුවත් එඩ්වඩ් ස්නෝඩන් එබඳු සිල්ලර ගණයේ ඔත්තුකරුවකු නොවී අංග සම්පූර්ණ රාජ්‍ය ද්‍රෝහියකු වී ඇතැයි බෝල්ටන් චෝදනා කරයි. ස්නෝඩන්ගේ ක්‍රියා කලාපය නිසා ඇමෙරිකාවේ ආරක්ෂක රහස් චීනයටත්, රුසියාවටත් ලැබි ඇතැයිද මතෛක් ඇමෙරිකාව අත පමණක් පැවැති එම රහස් දැන් එම දෙරටත් දනිතියි ද ඔහු කියයි. එපමණක් නොව ඒවා ප්‍රසිද්ධ කිරීමටත් ඔහු පියවර ගත් නිසා දැන් ඇමෙරිකන් ආරක්ෂක රහස් රටවල් 190ක්ම දන්නා බවද ඔහු පෙන්වා දෙයි.

එම වාර්තාවේ දැක්වෙන ආරක්ෂක ගැටලු පිළිබඳ චිකාගෝ විශ්ව විද්‍යාලයේ විශේෂඥ අසීස් හක්ගේ මතයෙන් පෙන්වා දෙන්නේ ස්නෝඩන් ද්‍රෝහියකු ලෙස සැලකිය නොහැකි බවයි. රාජද්‍රෝහිත්වය පිළිබඳව ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන විධිවිධාන අනුව යුද්ධ කාලයකදී සතුරාට උදව් කිරීමට අදාළව ච්ෙතනාත්මකව සිදු කෙරෙන ක්‍රියාවන් පමණක් එයට ඇතුළත් වන බව ඔහු පෙන්වා දෙයි. නාසි හමුදාවට පක්ෂව සටන් කළ ඇමෙරිකානුවන්ට දෙවැනි ලෝක යුද්ධ කාලයේ එම චෝදනා උඩ නඩු පවරා මරණීය දණ්ඩනය නියම කළ බව ඔහු සිහිපත් කරයි. එම කොන්දේසි සහ නීතිමය ක්‍රියාමාර්ග ස්නෝඩන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අදාළ කරගත නොහැකි බවද ඔහු කියා සිටියි.

නිසැකවම මහජනතාව අතර විවාදයට බඳුන් විය යුතු ජන සුබසිද්ධියට අදාළ කරුණු ප්‍රසිද්ධියේ හෙළිදරව් කරන කෙනකු රාජද්‍රෝහි චෝදනා යටතට නොගැනෙන බවද ඔහුගේ මතයයි.තමා දන්නා තොරතුරු ප්‍රසිද්ධ කිරීමට පෙලඹ වූ එක් හේතුවක් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රහස් ඔත්තු වැඩසටහන ගැන ප්‍රසිද්ධ සාකච්ඡාවකට මගපෑදීමට පැවැති අවශ්‍යතාව බව ස්නෝඩන් පවසා තිබිණ.

එඩ්වඩ් ස්නෝඩන් යනු මහජනතාව ගොදුරු වී ඇති අවදානමක් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට පෙලැඹුණු සංඥාදායකයකු මිස රාජද්‍රෝහියකු නොවන බවට ප්‍රබල මතයක් ඇමෙරිකාව තුළ පවතියි. ක්විනිපියැක් විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද ජනමත සමීක්ෂණයකට සහභාගි වූ ඇමෙරිකානු වැසියන්ගෙන් සියයට 55ක මතය වූයේත් එයම බවද ‘ඇමෙරිකන් හඬ’ වාර්තාව කියයි.

කරන් ගේ අලුත්ම චිත්‍රපටයට මධුරිද ? ඓශ්වර්යාද ?

බොලිවුඩය පමණක් නොව ලෝකයම උමතු කළ සුරූපිනිය ඓශ්වර්යා රායි බච්චන් සිය දියණිය ආරධ්‍යා වෙනුවෙන් වසර දෙකකටත් වැඩි කාලයක් රංගනයෙන් ඈත් වී සිටියා. දැන් කරන් ජොහාර්ගේ අලුත්ම චිත්‍රපටය Ram Leela වෙනුවෙන් දායක වෙමින් යළිත් රංගනයට එක් වීමට ඓශ්වර්යා සූදානම් වනවා. Ram Leela චිත්‍රපටයට තමන්ගේ දායකත්වය ලබා දෙනවා දැයි ඓශ්වර්යා නිශ්චිතවම ප්‍රකාශ කර නැතත් කරන් ජොහාර් තම අලුත්ම චිත්‍රපටයට ඓශ්වර්යා දායක කර ගැනීමට බලා‍පොරොත්තුවෙන් සිටිනා බව කියැවෙනවා. Ram Leela චිත්‍රපටය නර්තන අංග වැඩි ප්‍රමාණයක් අඩංගු චිත්‍රපටයක් වන නිසා මෙම චිත්‍රපටයට මධුරි ඩික්සිත්ගේ දායකත්වය ලබා ගැනීමටද ඉඩ තිබෙනා බව ඇතැමුන් පවසන නමුත් තවත් පිරිසක් පවසන්නේ මධුරි සහ ඓශ්වර්යා දෙදෙනාම චිත්‍රපටයට දායක කර ගනු ඇති බවයි.

පාරිභොගික සේවාව

ඔන්න පාරිභොගික සේවාවට එනවලු කොල් එකක්.

සුභ උදෑසනක් වෙවා .මම චතුරි කෙසෙද ඔබට සහය වන්නෙ??

කාන්තාව:- නොනා මම මෙ කතාකරන්නෙ පොඩි හදිස්සියක් වෙලා.

චතුරි :- ඔව් කියන්න.

කාන්තාව:- අනෙ බලන්න නොනා මට ඉන්නවා පොඩි පුතෙක් එයාට පොඩි කරදරයක් වෙලානෙ.එයාට කතා කරන්න බෑහෑ නෙ.

චතුරි:- මහත්මිය මම හිතන්නෙ ඔබ කතාකරන්න ඔනෙ රොහලකට,ඔබ මෙ කතාකරලා තියෙන්නෙ හුලන්ටෙල් කොම්පෑනියට.

කාන්තාව:- නෑ නොනා එයා මගෙ ෆොන් එකෙ තියෙන හුලන්ටෙල් සිම් එක ගිල්ලා....

චතුරි:- එහෙනම් වහාම දරුවාව ලගම තියෙන රොහලකට අරන් යන්න මහත්මිය.ඔබ මෙ සම්බන්ද වෙලා තියෙන්නෙ පාරිභොගික සෙවා අන්ශයට.

කාන්තාව :- නෑ දෑන් එයා කතාකරද්දි සල්ලි කෑපෙනවද කියලා මට දෑනගන්න ඔනෙ.අනෙ මහත්තයට හොරෙන් දාගත්ත රිලොඩ් එක .....

චතුරිට මොනවා හිතෙන්න අතිද ?????

Thursday, August 8, 2013

කලිසම් කාරයෙක්

මෝඩයා

මං බේරුනා

මංගල යෝජනාව

පැටිය කාගෙද?

මහාචාර්ය උපදෙස්

බූරුවා ගැසීම

නියම කුකුළා

Wednesday, August 7, 2013

සුදු රෝස මල

සුදු රෝස මල

රැස්ව සිටි පිරිස ඇමතූ ග්‍රාම සේවක මහතා අවමංගල උත්සවයට පැමිණි සියල්ලන්ටත් ගුණකථන ඉදිරිපත් කළ සියල්ලන්ටත් ස්තුති කළේය.අනතුරුව දේහය භූමදානය සඳහා සුසාන භූමියට ගෙන යන ලදී.අයියාගේ පාසැල් මිතුරන් නෑදෑ හිතවතුන් අතර මළ මිනිසෙකු මෙන් මමද ඉදිරියට ඇදුනෙමි.
ලොකු අයියා අප පවුලේ නෑදෑයින් අතරත් ඔහුගේ මිතුරන් අතරත් සුහද චරිතයක් විය.ඔහු අසනීපව මහරගම පිළිකා රෝහලේ ගතකළ කාලය තුළ ඔහු බැලීමට ආගිය පිරිස දෙස බැලීමේදී එය මනාව පැහැදිළි විය.

මෙතරම් දරුණු රෝගයක් අයියා වැන්නෙකුට වැළදීම පිළිබඳව කාගේත් සිත් තුළ මතුවූයේ විමතියකි.කුඩා කල සිටම මස් මාළු කිසිවක් කෑමෙහි රුචියක් නොදැක්වූ ඔහුට පරිසරය සතා සිවිපාවා හා ගහකොළ පිළිබඳව තිබුණේ මනා අවබෝධයකි.

ඡායාරූපකරණය මෙන්ම පරිගණක විෂයද විනෝදාංශයක් කරගත් අයියා අතින් විවිධ ඕකිඩ් වර්ග මෙන්ම රෝස විශේෂ ගණනාවක්ම ගෙවත්තේ හිඳ සැලකුම් ලැබීය.වසර ගණනක් තිස්සේ බොන්සායි ශාක විශාල ප්‍රමාණයක් ඔහු රැස් කළේය.ඔහුගේ තනිකඩ ජීවිතයට අස්වැසිල්ලක් වූයේ මෙවැනි විනෝදාංශ විය යුතුය.

අයියා තනිකඩ ජීවිතයක් ගත කළේ ඇයිදැයි නිතරම මගේ මනසට වද දෙන කරුණක් විණි.ඔහු කිසිවෙකුට ආදරය කළ බවත් එය දිගු කළක් පැවති බවත් අයියා ඇය ඔහු‍ගෙන් වෙන්ව ගිය දුකින් තැවෙන බවත් මා කුඩා කාලයේදී අක්කා අම්මා සමග පවසනු මට ඇසී ඇත. ඔහුගේ දුක ඔහු විසින්ම දරාගනු ලැබුවද ඔහු ගේ ජීවිතය තුළ විරහ වේදනාව පිරී තිබුණ බව ඔහු අසන ගී තුළිනුත් ඔහු අතින් ලියවුණ දෑ තුළිනුත් මට හැඟී තිබුණි.

එවන් එක් සිදුවීමක් මට යන්තමට මතකය.ඒ මා හත්වන වසරේ ඉගෙනුම ලබන කාලයයි.අයියාගේ කාමරය දෙසින් යමක් ගිනි ගන්නා බව දුටු අක්කා කෑ ගැසුවාය.අම්මාත් මමත් ඉක්මනින් පැමිණ එය නිවා දැමුවෙමු.අයියා කාමරය මැද පුටුවක වාඩිවී එය දෙස නිසොල්මන්ව බලා සිටියේය.

පොතක පිටු කිහිපයක් එහි වූයෙන් අම්මා ඔහුට දොස් නගමින් මට එය අස් කරන ලෙස පවසා කුස්සියට ගියාය.මම පිළිස්සුන කඩදාසි කොළ එක්කර අතට ගතිමි.එය ඉවතට ගෙන යන අතර එහි වූයේ කුමක් දැයි බැලීමට මට වූයේ මහත් කුතුහලයකි.පිළිස්සී නොගිය කොළයක යන්තමට ජනවාරි 24 දිනය සටහන් වී තිබිණි.තවත් දිනපොත් පිටුවක මගේ සුදු රෝසමල යනුවෙන් ඔහු පෑනෙන් ලියූ වදන් පේළියක් විණි. ඒ හැරෙන්නට අඩක් පිළිස්සී ගිය අනෙක් කොළවල කිසිවක් නොවිණි.
පාර දිගේ පැමිණි අවමංගල පෙරහර සමූපකාර හන්දියෙන් හැරී සුසාන භුමියට ඇදෙයි.මළබෙර වාදනයෙන් මුළු පිරිසරයම ශෝකාන්විත වී හමාරය.දෙපස අදින ලද සුදු සැරසිලි හා ගොක් කොළ වියන් අතරින් සුසාන භූමියට ඇතුළු වූ පිරිස දේහය සොහොන් ගෙයි තැබූහ.සොහොන් කොතෙහි වැඩ කරන ලද ගාමිණී මාමා එය අසලට පැමිණ අවසන් වශයෙන් කාට හෝ එය බැලිය යුතු දැයි විමසුවේය. පරිසරයම නිහඬ විණි.කවුරුන් හෝ බැලිය යුතු යැයි කියනු ඇතැයි මම බලා පොරොත්තු වීමි.ශෝකයෙන් සිහි සුන් වූ අම්මා සහ අක්කා නිවසෙයි වූයෙන් මගේ දෙනෙත් තාත්තා සොයන්නට විය.එක්වරම පිරිස අතරින මතුවූ මැදිවියේ කාන්තාවක් දේහය බැලිය යුතු යැයි පැවසුවාය.සුදු සාරියකින් සැරසී සිටි ඇය විවෘත කරන ලද දේහය දෙස උපැස් යුවළ සකසමින් හොදින් බැළුවාය.අයියාගේ දේහය අවසන් වශයෙන් දුටු විට ඔහුහේ ශරීරය කෙතරම් දුක්බර දැයි මට වැටහිණි.වසර කිහිපයකට පෙර මනා පිරිපුන් සිරුරක් තිබුණද එය ඇට සැකිල්ලක වෙස් ගෙන තිබිණි.හිසේ එක කෙස් ගසක් වත් නොවිණි.දේහය දෙස බැලූ කාන්තාව දෑතින් මුහුණ වසා ගනු මට පෙණිනි.ඈ සිහිසුන්ව ඇද වැටුණාය.පිරිස අතර සිටි කිහිප දෙනෙක් ඇයව වත්තන් කරගත්හ.වසා දැමුණ පෙට්ටිය මිහිදන් කෙරිණි.කුඩා කළ මා හට පියෙකු මෙන් සිටි ලොකු අයියා අපෙන් සමුගත්තේය.ජීවිතය කෙතරම් අනියත දැයි මට ඔහු සිහිවන හැම මොහොතකම සිතෙයි.

ප: ලි:

මාස කිහිපයකට පසුව අයියාගේ කාමරය අස් කළ මට ඔහුගේ දිනපොත් මිටියක් හමුවිණි.ඒවායේ බොහොමයක් වුයේ රෝස මල් ගැන විරහවෙන් පිරි කවීන්ය.අයියාගේ ජීවිතය මහා පුදුමාකාර යැයි මට සිතුනි.ඒ අතර 20## වසරේ ජනවාරි මාසයේ දින පොතේ කොළ කිසිවකු විසින් කඩා ඇති බව පෙණිනි.එහි අවසන් පිටුවේ මා මිය ගිය පසු මගේ සොහොන තුළ ආදරයේ සුදු රෝසමල් පිපෙනු ඇත යනුවෙන් පිටුවක් පුරා විශාල අකුරෙන් ලියා තිබිණි.
*************************************************************************
**************************** නිමි **************

සීගිරියේ වාස්තු විද්‍යාව

හැදින්වීම

සීගීරියේ වාස්තු විද්‍යාව ගැන සලකා බැලීමේදී එය අරමුණු කිහිපයක් ඔස්සේ හසුරවනු ලැබු ආකාරයක් දක්නටලැබේ.මෙහිදි ආරක්ෂාව පිළිබදව වඩාත් සැලකිළිමත් වු බව පෙනේ.එසේම කලාත්මක බව හා එහි පිහිටිම පිළිබදවද උනන්දු වී තිබේ.මහාවංශය සදහන් කරන ආකාරයට කාශ්‍යප රජු සීගිරිය සිය රාජධානිය කර ගත් පසුව නොයෙක් කර්මාන්තාදිය කොට එය සුදුසු ආකාරයට සකස් කර ගත් බව කියැවේ.

වාස්තු විද්‍යාවේ නිර්මාණකරණය

නාගරික සැළසුම්කරණය

සීගීරියේ වාස්තු විද්‍යාවේ කැපී පෙනෙන අංගය වන්නේ එහි නාගරික සැලසුම්කරණයයි. ලාංකීය පැරණි නගර නිර්මාණ සැලසුම් අතර විශිෂ්ඨතම නිර්මාණයක් ලෙස සිගිරි නගර සැලසුම හදූන්වා දිය හැකිය. ලාංකිය වෙනත් නාගරික සැලසුම්වලින් යම් තරමකට හෝ සිගිරිය වෙනස් වන්නේ හුදෙක් එය ජනතාවගේ පාලන මධ්‍යස්ථානයක්ම වශයෙන් තිබු තැනැක් පමනක්ම නොව සෞන්දර්යාත්මක නිර්මාණයක්ද වු බැවිනි. පුරාණ නගරයක් සැලසුම් කිරීමේදී ආරක්ෂාව පිළිබදව සැළකිලිමත් වු බව පෙනේ.රාජ මාළිගාව පිහිටියේ නාගරික සංකීර්ණයේ මධ්‍යයේය. සිගිරිය ගිරි දූර්ගයක් කේන්ද්‍ර කොට ගත් බලකාටුවකි. මෙම ස්ථානය දූර්ගයක් වු පමනින්ම ආරක්ෂාව ප්‍රමාණවත් වෙතැයි නොසිතා ඊට තවත් ආරක්ෂක විධි විධාන සම්පාදනය කළ බව පෙනේ. සිගිරියේ සැම නිර්මාණයක්ම සැලසුම්වන්නේ උතුරු දකුණු දිශානුගතව පිහිටි භුමියෙන් අඩි 600ක් තරම් උසවු හුදකලා පර්වතයක් කෙන්ද්‍ර කර ගනිමිනි. එ අනුව නගරයද සැලසුම් කර ඇත්තේ උතුරේ සිට දකුණටත්,බටහිර සිට නැගෙනහිරටත් පර්වතය මැදින් එකිනෙක කැපි යන පරිදි සකස් කරන ලද මධ්‍ය රේඛාවක් මත පිහිටා ගෙන මෙහි මුලික සැලසුම සකස් කර ඇත්තේ ප්‍රධාන පර්වතය සහ භුමියේ ස්වාභාවික පිහිටිමට අනුගතවන පරිද්දෙනි. එ අනුව නගරයේ ප්‍රධාන ප්‍රවේශය බස්නාහිර අර්ධයට හිමිවී ඇති අතර වැඩිම නිර්මාණ දායකත්වයක් දක්නට ලැබෙන්නේ එම භුමි ප්‍රදේශය මුල් කරගෙනයි. මේ නිසා සිගිරි සැලසුම වශයෙන් බටහිර-නැගෙනහිර දිශානුගත වු ආයත චතුරස්‍රකාර ස්වරැපයක් ගනි.

නගර සැලසුම් කරනයේ වඩාත්කැපි පෙනෙන අංග:-
  • නගරය වටා ප්‍රාකාර සහ දිය අඟල් නිර්මාණය කිරිම
  • දොරටු නිර්මාණය
  • පාරිසරික සම්බන්ධතාවය
  • ලෙන් නිර්මාණය
  • ගල් භාවිතා කිරිමේ ස්වරැපය(කළු ගල්/හුණු ගල්/ගඩොල්) 
    නගරය වටා ප්‍රාකාර සහ දිය අගල් නිර්මාණය කිරිම.
    සිගිරියේ දක්නට ලැබෙන නශ්ටාව‍ශේෂ අනුව ප්‍රධාන වශයෙන් දිය අගල් දෙකක් වු බව සොයා ගෙන තිබේ. ඉන් වඩාත් පළලින් යුතු දිය අගල පිටත දිය අගල වශයෙන් හැදින්වේ.මෙහි පිටතින් ඇති නොඋස් ප්‍රාකාරය පිටත ප්‍රාකාරය ලෙස නම් කර තිබේ. පිටත දිය අගලට ඇතුළතින් ඇති ගඩොලුමය ප්‍රාකාරය මැද පවුර යන නම්න් හදූන්වනු ලබන්නකි. මැද පවුරෙන් ඔබ්බට දක්නට ඇත්තේ සමතලා බිමකි. අද සිගිරි නගරයට පිවිසෙන මාර්ගය ලෙස මෙය භාවිතයට ගනි. මේ ප්‍රදේශයේ ඇතුළට වන්නට ඇතුළු දිය අගල පිහිටා ති‍‍බෙන අතර එය පටු එහෙත් ගැඹුරැ බවින් යුක්ත වුවකි. මේ දිය අගල අවසානයේම ඉතා ඉහලට උස් වු ඇතුළු ප්‍රාකාරය නිමවා ති‍බේ. පිටත පවුර සහ පිටත දිය අගල සැලසුමට ඇතුලත් කොට තිබුණද එහි නිර්මාණාත්මක හෝ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරිම් වල ස්වරැපය දූර්වලය. සමහර විට මෙය මඩ අගලක් වශයෙන් භාවිතා කරන්නට ඇත. එහෙත් මධ්‍ය ප්‍රාකාරයේද,ඇතුළු දිය අගල සහ ඇතුළු ප්‍රාකාරයේද ඉදිකිරිම් ස්වරැපය වඩාත් සිත් ගන්නා සුළුය. පිටත ප්‍රකාරය පස් වලින්ද, මධ්‍ය ප්‍රාකාරය ගඩොලින්ද, ඇතුළු ප්‍රාකාරය ගලින් බැද ඒ මත පස් පුරවා උස් කොට තැනිමෙන්ද නිර්මාණය කර ති‍බේ. සිගීරි පර්වත‍යේ සිට බටහිර ප්‍රාකාරවලට ඇති දූර මෙන් දෙගුණයක් දුරකට නැගෙනහිර ප්‍රාකාරය ඉදි කර තිබේ. එහෙත් මෙහි දක්නට ලැ‍බෙන නිර්මාණාත්මක ස්වරුපය බටහිර පැත්තේ ස්වරුපයට වඩා වෙනස්ය. නැගෙනහිර පැත්තේ ඇතුළු ප්‍රාකාරයද බටහිරට සමාන දූරකින් එහෙත් ඊට වඩා පටු සීමාවන් තුළ ඉදිකර තිබේ. පිටත ප්‍රාකාරය,බටහිර පිට ප්‍රාකාරයට සමානව එමෙන් දෙගුණයක් තරම් නැගෙනහිර දෙසට විහිදී තිබෙනු පෙනේ. එහෙත් මෙම ප්‍රාකාරය බැමි හෝ දිය අගල්වල අඛණ්ඩ ස්වරූපයක් දක්නට නොමැතිය. ඇතැම්විට මෙම ප්‍රාකාරය නිම කරමින් පැවති අවස්ථාවක් විය යුතුය.

    දොරටු නිර්මාණය

    සීගිරි සංකීර්ණයේ සැලසුමට අනුව ඊට ප්‍රවිෂ්ඨ විම සදහා තනනු ලැබු නොයෙක් ආකාරයේ දොරටු රාශියක්ම සොයා ගෙන තිබේ. විශේෂයෙන්ම බටහිර ප්‍රවේශයේ වු දොරටු අතර බටහිර ඇතුල් දිය අගලින් ඇතුළුවන ස්ථානයේ ඇති දොරටුව ඉතා වැදගත් නිර්මාණයකි. ඉතා විසිතුරු මෙම දොරටුව සිගිරි සංකීර්ණයේ ප්‍රධානතම දොරටුව වුවාට සැක නැත. සීගිරියේ අනෙකුත් ප්‍රධාන දොරටු සැලසුම් කර ඇත්තේ පර්වතයට උතුරු හා දකුණු පැත්තෙනි.ඉන් උතුරු දොරටුව පිහිටියේ පිදූරංගල පර්වතය පැත්තට මුහුණලාය. සිගිරි සැලසුමේ දකුණු පසින් දක්නට ලැබෙන දකුණු දොරටුව උතුරු දොරටුවට සෑම අතන්ම සමානත්වයත්වයක් දක්වයි. මේ දොරටුව ද දිය අගල හරහා යන බැම්මකින් සම්බන්ධ කර තිබෙන අතර මෙම පැත්තේද දිය අගලේ මට්ටම් කිහිපයක් දක්නට ලැබේ. මේ සියලු දොරටුවලට වඩා සුවිශේෂී නිර්මාණය වූයේ සීගිරි ගල මුදුනට නැගීමට තිබූ එකම දොරටුව වන සිංහ දොරටුවයි. මේ සියල්ල දෙස බැලීමේදී පැහැදිලි වනුයේ සීගිරි සංකීර්ණය සැලසුම් කිරීමේදී විවිධ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරමින් සහ ස්වභාවික නිර්මාණයද පාදක කර ගනිමින් සීගිරි සංකීර්ණය සඳහා මාවත් මෙන්ම දොරටු ද නිර්මාණයකර තිබූ ආකාරයයි

    පාරිසරික සම්බන්ධතාවය.

    සීගිරියේ නගර සැලසුමේ වැදගත්ම අංගයක් වන්නේ ඊට පාරිසරික සම්බන්ධතාවයේ ඇති දායකත්වයයි. එය නගරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගෙන ඇති ආකාරය කිසිදු පුරාණ නගරයක දක්නට නොලැබෙන ලක්ෂණයක් බැවිනුත් ස්වභාවයෙන්ම සිගිරි නගරයට ලැබුනු දායාදයක් වශයෙනුත් හැදින්විය හැකිය. එනම් සිගිරි පර්වතය ව‍ටා පිහිටා ඇති පර්වත සමුහයයි. ඉන් ප්‍රධාන වන්නේ සිගිරියට උතුරින් පිහිටි පිදූරංගල පර්වතයයි. දකුණින් පිහිටි මාපගලත්,පෙතංගල,දූවන්නාගල හා තම්මැන්නාගල වැනි ස්ථානත් සිගිරිය හා සෘඡු සම්බන්ධකම් දැක්වු ස්ථාන බව පෙනේ. මෙම ස්ථාන සිගිරි නගරයේ ආරක්ෂා කටයුතු සදහා දායක වු බව නොරහසකි. කදූ වළල්ලක් මැද පිහිටි මේ අපුරු නිර්මාණය පුරාණ සැලසුම්කරුවන්ගේත්,ඉංජිනේරුවන්ගේත් අවධානයට ලක් විමෙන් ආරක්ෂිත රාජධානියක්,සැලසුම් සහගත නගරයක් මෙන්ම අලංකාර රාජමාළිගා සංකීර්ණයක් බවටද පත් වී ඇත.

    ලෙන් නිර්මාණය.

    සිගිරියේ වාස්තු විද්‍යාත්මක නිරිමාණ අතර පැරණිම නිර්මාණයක් වන්නේ ලෙන් නිර්මාණය කිරිමයි. සිගිරියේ ඇති ලෙන් බොහාමයක්ම කටාරම් කො‍ටා සකස් කර ඇති ඒවාය. එසේම කටාරම් කොටන ලද එම ලෙන් දක්නට ලැබෙන්නේ බටහිර පාර්ශවයේ පමණි. නැගෙනහිර පැත්තේ ලෙන් දක්නට ලැබුනද ඒවා කටාරම් කොටා සකස් කරන ලස ඒවා බව නොපෙනේ.

    ගල් භාවිතා කිරිමේ ස්වරුපය.

    ගල් භාවිතා කරමින් විවිධ නිර්මාණ ඉදිරිපත් කිරිම සීගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණයක් වේ. ගල් ගුහා වල කටාරම් කෙටිම ඉන් පැරණිතම අවස්ථා ලෙස හදූනා ගත හැක. එසේම ලක්දිව කොතැනක හෝ දක්නට නොලැ‍බෙන ආකාරයේ විශ්මය ජනක නිර්මාණ පවා සීගිරියේ දක්නට ලැ‍බෙනුයේ ශිලා භාවිතයේ දායකත්වයත් සමගය. මින් වඩාත්ම පුදූම එළවන සුළු නිර්මාණය වන්නේ සීගිරි පර්වතය වටා කොටන ලද මහා කටාරමය. සැබවින්ම එය සීගිරි නිර්මාණය තුල ලැබෙන විශ්මිත කාර්යය වන්නේය. බිමින් අඩි 500 ක් තරම් උසිනුත්,උඩින් අඩි 100ක් තරම් පහළිනුත් උතුරු හා බටහිර අර්ධය පුරා එක කෙලින් කපන ලද මේ කටාරමේ නිර්මානකරණය නම් කිසිසේත්ම විශ්වාස කල නොහැකි තරමට පුදූම එළවන සුළුය.

    සීගිරි පුරවරයේ ඇති එකම කළු ගලක් හෝ නිර්මාණකරණයකින් තොරව ඉතිරි නොකරන්නට එකල ශිල්පීන් වගබලාගෙන තිබේ.පිහිටි ගල් ඇතුළට සාරා පොකුණු තැනීමද සීගිරියේ ගල් වැඩ අතර දැකිය හැකිය. එසේම වාස්තු විද්‍යාවේදි ගල් බහුලව භාවිතා කර ඇත්තේ දිය අගල් වල බැමි සදහාත්,මාලක සදහා බැමි නිර්මාණය කිරිම සදහාත්ය. කළු ගල් හැරුනු කොට සිගිරි නිර්මාණ විෂයෙහි වැඩිම දායකත්වයක් දක්වන්නේ හුණුගල්ය. වාස්තු විද්‍යාත්මක නිර්මාණ සදහා හුණුගල් පි‍ටතින් ගෙන ආ බව පෙනේ. පියගැට පේළි,ආසන,බොරදම්,පිළිම,මුරගල්,ජල මල්,කානු පද්ධති සහ ගොඩනැගිලිවල බිමටද හුණුගල් භාවිතා කර ඇති බව පෙනේ. සිගිරි වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන අමුද්‍රව්‍ය වන්නේ ගඩොල්ය. කුඩා පනා බැම්මක මහ පවුරක් දක්වාම වු සෑම තැනකම ගඩොලුමය ඉදි කිරිම් සහ නිර්මාණ රැසක් දැකිය හැකිවේ. පොකුණු නිර්මාණය ගොඩනැගිලි තැනීම, මාලක නිර්මාණය සහ පවුරු නිර්මාණය සඳහා මෙන්ම දොරටු නිර්මාණය සඳහා ද ගඩොල් භාවිතා කර තිබේ. සීගිරි ගල මුදුනේ වූ මාලිගය හා උද්‍යානය වෙනුවෙන් ගඩොල් ස ලක්ෂ ගණනක් ඉහළට ගෙන ගියේ කෙසේදැයි සිතීම පවා විශ්මයජනනකය. සීගිරි ගඩොල් නිර්මාණ අතර වඩාත් කැපී පෙනෙන අංග දෙකක් වේ. එනම් සීගිරි ගලේ බටහිර පැත්තේ ගල් ආනතියේ නිමවා ඇති කැටපත් පවුරත්, සිංහ පාද මළුව තුළ දැනට දෙපා පමණක් ඉතිරි වී ඇති දැවැන්ත සිංහ රූපයත්ය.දැව භාවිතය ද සීගිරියේ දී මහා පරිමාණයෙන් කර ඇති බවට ප්‍රමාණවත් තරම් සාධක හමුවේ. පර්වත මත ඉදිකළ බොහෝ ගොඩනැගිලි විවෘත මණ්ඩප වශයෙන් තිබු බව පැහැදිලි වන අතර, ඒ සඳහා දැව කණු භාවිතා කර තිබේ. එසේම සෑම ගොඩනැගිල්ලක්මඋළුසෙවිලි කොට තනා තිබේ. සාම්ප්‍රදායික පැතිලි උළු වන මේවා අතර මුදූන් උළු කැටද දක්නට ලැබේ. එසේම ගොඩනැගිලි අලංකාර කීරිම සදහා මැටියෙන් කල කුළුණු හිස් රාශියක්ම යොදා ගෙන තිබේ. අටපට්ටම් පදනමකින්ද අටපට්ටම් කුළුණු හිසකින්ද යුතු වු මේවා විසිතුරු මල්කමින් සහ ගිනිදළු මෝස්තර වලින් අලංකාර කර තිබේ.

    උද්‍යාන සැලසුම්කරණය

    සීගිරියේ උද්‍යාන පිළිබදව සලකා බලන කල පැහැදිලි වනුයේ ලොව ඇති පැරණිතම උද්‍යානවලින් එකක් අතරට මෙයද අයත් වන බවයි. සීගිරි පර්වතයේ බටහිර අර්ධයේ දිය අගලින් සහ පවුරු වලින් වලින් වටවු තැනිතලා බිම්කඩ පුරා දක්නට ලැබෙන්නේ නොයෙන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් යුතුව නිර්මාණය කර ඇති අලංකාර උද්‍යානයයි. විශේෂයෙන්ම ජල රැදවුම් වලට මුල්තැනක් දෙමින් ඉතා ක්‍රමානුකූලව සහ සැලසුම් සහගත අයුරින් නිර්මාණය කර තිබෙන මේ උද්‍යානය වු කලි පුරාණ දකුණු ආසියාවේ ඇති උද්‍යාන පිළිබඳව දක්නට ලැබෙන හොඳම නිදර්ශනය සේ සැලකේ.
    සීගිරි ගල පාමුල පිහිටි මාලක උද්‍යානය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ.
    • ජල උද්‍යානය
    • ශිලා උද්‍යානය
    • මාලක උද්‍යානය
    මෙම උද්‍යාන ක්‍රමවේද තුනම අනුගමනය කරමින් රජමාළිඟා උද්‍යානය නිම කර තිබේ.

    ගොඩනැගිලි සැලසුම්කරණය

    නාගරික සැලසුම් මෙන්ම සීගිරි නගරයේ ගොඩනැගිලි ඉදිකිරිමේ වාස්තු විද්‍යාවද ලාංකීය වාස්තු විද්‍යාවේ කැපි පෙනෙන ලක්ෂණ පෙන්වයි. ප්‍රධාන වශයෙන් විවිධ අමුද්‍රව්‍ය මාධ්‍යයන් ප්‍රයෝජනයට ගනිමින් මෙම නිර්මාණ කර තිබේ. දැනට දක්නට ලැබෙන අවශේෂවලට අනුව එම මාධ්‍යයන් වන්නේ ගල්,ගඩොලු,දැව සහ බදාමය. මින් වැඩි වශයෙන් දක්නට ලැබෙනනේ ගඩොලුමය නිර්මාණයන්ය.ගොඩනැගිලි සඳහාත් බොහෝ විට ගල් භාවිතා කර ඇති නමුත් ඒවායේ සම්පුර්ණත්වය සඳහා දායක වී ඇත්තේ ගඩොල් සහ දැවය.