රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතාවලට හානියක් කිරීමට තරම් ලොකු බලපෑමක් ස්නෝඩන් පලහිලව්වෙන් මතු වී නැතැයි රුසියන් විදේශ ඇමැති සර්ජි ලැව්රොව් පෙරේදා පැවසුවේ දෙරට අතර නව සීතල යුද්ධයක ලකුණු පහළ වෙමින් තිබේ යැයි සිතෙන පසුබිමක් තුළ සිටය.
ලබන සැප්තැම්බරයේ සාන්ත පීටස්බර්ග් නගරයේ පැවැත්වෙන රටවල් විස්සේ කණ්ඩායමේ රාජ්‍ය නායක රැස්වීමට සහභාගි වීමට රුසියාවට යන ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා,එම ගමනේදීම ජනාධිපති ව්ලැද්මිර් පුටින් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් සඳහා වූ සිය සූදානම අවලංගු කර ඇතැයි වාර්තා වීමෙන් දිනකට පසු ලැව්රොව්ගෙන් පළවූ එම නිරීක්ෂණය ඇමෙරිකන් සිත්තැවුල තුනී කිරීම සඳහා අරමුණු කර ගත්තක් යැයි කිව හැකිය.
රුසියාවට ගියත් එහි ජනාධිපති සමග කෙළින් කතාවක නොයෙදීමට ජනාධිපති ඔබාමා ගත් තීරණය රුසියාවට සිය අමනාපය පෙන්වීමේ පියවරකි. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ආයතනයේ රහස් තොරතුරු ලොවට හෙළි කර රටෙන් පැන ගිය එඩ්වඩ් ස්නෝඩන් නමැති සී.අයි.ඒ. පරිගණක විශ්‍ලේෂකයා තම රටට භාර දෙන්නැයි ඉදිරිපත් කළ ඉල්ලීම නොතකා හැර ඔහුට රුසියාවේ දේශපාලන රැකවරණ ලබාදීම ගැන ඇමෙරිකාව මේ දිනවල තදබල නෝක්කාඩුවක් ඇති කරගෙන සිටියි.
දෙරට අතර වැඩෙන ස්නෝඩන් ආතතිය අඩු මට්ටමකින් තක්සේරු කර අදහස් පළ කිරීමේදී රුසියානු විදේශ ඇමැතිවරයා කියා සිටි තව දෙයක් නම් පුටින් ඔබාමා නායක සාකච්ඡා “කල් දැමීමක්” මිස අවලංගු කිරීමක් සිදුවී නොමැති බවය.
රුසියානු සංචාරය ප්‍රයෝජනයට ගනිමින් එරට ජනාධිපතිවරයා සමග ද්වි පාර්ශ්වීය කතාබහකට ලැබෙන ඉඩ ප්‍රස්ථාව ඇමෙරිකන් ජනාධිපතිවරයා විසින් ඉවත දමනු ලැබිම ඉතා දැඩි පියවරකි.
ඇතැම් රුසියානු විවේචකයන්ට එය පෙනී ගියේ ‘මුහුණ සමග තරහට නාසය කපා ගැනීමක්’ ලෙසය.රුසියානු පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ සභාපති ඇලෙක්සි පුෂ්කොව්ගේ ප්‍රකාශයකින් පෙන්වා දී තිබුණේ ‘මෙවැනි තීරණ නිසා ලෝකය පෙරැළෙන්නේවත් අහස කඩා වැටෙන්නේවත්’ නැති බවය.
හොංකොං නගරයේ සති කිහිපයක ‘හැංගිමුත්තම’ අවසන් කළ ස්නෝඩන් දෙමසකට පෙර රුසියාවේ මොස්කව් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටකට ගොඩබැසීම බොහෝ විචාරකයන්ට පෙනුණේ ඇමෙරිකාව සහ රුසියාව අතර සබඳතා මත අනිටු බලපෑමක් එල්ල කළ හැකි අභියෝගකාර පියවරක් හැටියටය.
පරිගණක තොරතුරු විශ්‍ලේෂණයෙහි හසළ දැනුමක් ඇතියකු වන එඩ්වඩ් ස්නෝඩන් මේ වන විට ‘වර්ෂයේ ඇමරිකානුවා’ වීමට තරම් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් හිමි කරගෙන ඇත්තේ ලෝක දේශපාලනයට අලුතින් එකතු වූ ප්‍රමුඛ රංගධරයකු බවට පත්වෙමිනි.
දෙමසකට පෙර ඇරඹුණු ස්නෝඩන් කතාවේ අලුත්ම පරිච්ජේදය මේ දිනවල ලියැවෙන්නේ ඔහුට තාවකාලිකව රැකවරණ සැපයීමට රුසියානු රජය ජූලි 31දා ගත් තීරණයත් සමගය. සිරියානු සිවිල් යුද්ධය ගැන පවත්නා මතභේද කෙබඳු වුවත් ඇෆ්ගනිස්ථානය, මැද පෙරදිග, ඇතුළු ජාත්‍යන්නතර ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් තමන් සමග සහයෝගයෙන් වෙළී ඇති රුසියාව ස්නෝඩන්ට රැකවරණ සැපයීම තමාට සතුරු ආකල්පයක් බව ඇමෙරිකාව සිතයි.
රුසියානු රජයේ තීරණය අනුව අඩුම ගණනේ ලබන වසරේ ජූලි 31 දා වනතුරු හෝ රුසියාවේ වාසය කිරීමට ස්නෝඩන්ට ඉඩ ලැබේ. වසරෙන් වසර දිගු කර ගැනීමේ අවශ්‍යතාවද ඇති හෙයින් පස් වසරක නේවාසික කාලය සම්පූර්ණ කළ විට ඔහුට රුසියානු පුරවැසිකමද හිමි වෙයි. රුසියන් රජයට ඔහු ‘හිතට ඇල්ලුවොත්’ එයට කලින් වුවද රුසියානු පුරවැසි බව ලැබිමට ඉඩ තිබේ.
ඔහු සතු සුවිශේෂ ජාත්‍යන්තර ප්‍රතිරූපයත්, ඉහළම මට්ටමේ වෘත්තීය නිපුණතාවත් නිසා තිස් හැවිරිදි මෙම දීප්තිමත් ඇමෙරිකන් තරුණයාට දැනටමත් රුසියානු ආයතනවලින් ඉතා ඉහළ රැකියා අවස්ථා දෙකක් පිරිනමා තිබේ. එකක් රුසියානු පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ විශ්‍ලේෂකයකු හැටියටය. අනෙක් ඇරයුම ලැබි ඇත්තේ රුසියාවේ ‘ෆේස්බුක්’ මොඩලය ලෙස සැලකෙන ‘කොන්ටැක්ට්’ නම් ආයතනයෙනි.
ඇතැම් බටහිර වාර්තා පවසන්නේ රුසියාවේ වෙසෙන ලොකු ඉල්ලුමක් ඇති ‘තනිකඩයන්’ අතර අතිශය ආකර්ෂණී තරුණයා ලෙස ස්නෝඩන් එරට කාන්තා පක්ෂයේ අවධානයට යොමුවී ඇති බවයි. ඔහුට මංගල යෝජනා ඉදිරිපත් කළ ඉහළ සමාජයේ රුසියානු කතුන් අතර ඇනා චැප්මන් නමැත්තියද වෙයි. මොස්කෝ නගරයේ ප්‍රභූ සමාජ තට්ටුවේ දිදුළන තරුවක් වන ඇනා වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ රුසියානු චරපුරුෂ කාන්තාවක් ලෙස සැකයට බඳුන් වී ඇමෙරිකාවේදී අත්අඩංගුවට පත්වූ තැනැත්තියක වීම නිසාය. කෙසේ වුවද ස්නෝඩන්ට සිය රට තුළ තමන්ගේම පෙම්වතියක ඇති හෙයින් රුසියාවෙන් පෙළවහක් කර ගැනීමට ඔහු නොපෙලඹෙනු ඇතැයි ද කියති.
ස්නෝඩන්ට හොඳ රැකියාවක් ලැබුණත් එය නිදහසේ කරගෙන යාමට හැකිවේද? ලොව විශාලතම රට වන රුසියාවේ ඕනෑම තැනෙක ඇවිදීමට නීතියෙන් බාධාවක් නැති නමුදු ඒ අයිතිය භුක්ති විඳීමට ඔහුට ඉඩ ලැබේද? ඒ ඔහුගේ ආරක්ෂාව දිග ඇදෙන ගැටලුවක් ලෙස පවතින හෙයිනි. ඇමෙරිකන් චර පුරුෂ සේවයේ ගිජු ලිහිණියකු විසින් ඔහු ඩැහැ ගනු ලැබිමේ ඉඩකඩ සෙවණැල්ල මෙන් ඔහු සමගම පවතිනු ඇත.
එබඳු පුද්ගලික ගැටලුවලට අමතරව ලෝක දේශපාලනය ඔස්සේ නවතම චරිතයක් ලෙස ඔහු මතු වූ පසුගිය ජුනියේ සිට ලියැවෙන වෙනම කතාවකුත් තිබේ.තවත් සීතල යුද්ධයක බරපතළ තත්ත්වය කරා එය නොවැඩෙන්නට නම් ස්නෝඩන්ට අදාළව හටගත් ගැටලු නිරාකරණය සම්බන්ධ ඇමෙරිකන් රුසියන් සම්මුතියක් ඇති කරගත යුතු වෙයි.
බලවත් දෙරට අතර කිසියම් සම්මුතියක් ඇති වේ නම් එඩ්වඩ් ස්නෝඩන්ගේ අනාගතය කෙබඳු වේද?
එය ලොකු ප්‍රශ්නයක් විය හැකි වන්නේ ‘පොඩි මිනිසා’ වන ස්නෝඩන්ට මිස රුසියාවටවත් ඇමෙරිකාවටවත් නොවිය හැකිය.
දැනට ඇති යථාර්ථය අනුව නම් ස්නෝඩන් මෙන්ම බැරැක් ඔබාමාද මෙම සිද්ධියේදී ‘බිලි වී’ ඇති බව පෙනෙයි. තරුණයකු වන ස්නෝඩන්ට සිය අනාගතය අහිමි විය. මානව හිමිකම් රැකීමට කැපවූ ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස නැගී සිටීමට ගත් උත්සාහයේදී බැරැක් ඔබාමාත් ‘පුස්ස බිඳ ගත්තේය’ මේ වටයේ පැහැදිලි ජයග්‍රාහකයා ව්ලැද්මිර් පුටින්ය.
ස්නෝඩන් පටලැවිල්ල ගැන සිය මතය පළ කළ අවස්ථාවකදී ඇමෙරිකාවේ ඔළුව අත ගසා ටොකු ඇනීමට ජනාධිපති පුටින් වග බලා ගත්තේය.ජූලි මැද හරියේ පින්ලන්තයේ සිසු පිරිසක් සමග පැවැති සංවාදයකදී පුටින් කීවේ වෙන රටකට යාම සඳහා මොස්කෝ ගුවන් තොටුපළට ස්නෝඩන් ගොඩ බට විට ඔහු ඒ තුළම කොටු කර තැබිමට ඇමෙරිකාව පියවර ගත් බවය. ස්නෝඩන්ට රැකවරණ සැපයීමට කැමැත්තෙන් සිටි වෙනත් හැම රටක්ම බිය වැද්දූ ඇමෙරිකාව මොස්කෝ ගුවන් තොටේ මාර්ගස්ථ කලාපයෙන් එළියට යා නොහැකි තත්ත්වයක් ඔහු හමුවේ බිහි කළ විට මානුෂික හේතු උඩ ස්නොඩන්ට රැකවරණ සැපයීමට බල කෙරෙන තැනකට රුසියාවද කොටු වූ බව පුටින් පෙන්වා දුන්නේය.
රුසියාවේ නැවතීමට අවශ්‍ය නම් එයට ඉඩ දිය හැකි බව ස්නෝඩන්ට දැන්වූයේ එක් කොන්දේසියක් මත යැයිද පුටින් පවසා තිබිණි. ඇමෙරිකාව සමග සිය රටේ සබඳතාවලට හානියක් සිදුවිය හැකි අන්දමේ කටයුතුවල නොයෙදෙන ලෙස ඔහුට දන්වමිනි. ඒ අනුව ඇමෙරිකාව දුෂ්කරතාවට පත් කෙරෙන අමතර හෙළිදරව් කිරීම් නොකළ යුතු යැයි ඔහුට නියම කළ බවද රුසියන් ජනාධිපතිවරයා හෙළි කර තිබුණි.
එහෙත් බෙහෝ විචාරකයන්ගේ මතයක් නම් ඇමෙරිකන් ඔත්තු සේවා ගැන ස්නෝඩන් ළඟ ඇති රහස්‍ය තොරතුරු රුසියාවට පමණක් නොව චීනයටත් දැනටමත් ලැබි තිබිය හැකි බවය.ඇමෙරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර පඹගාලක පටලැවීමට සමත් වූ ස්නෝඩන් සිද්ධියේදී ඇමෙරිකාව පරාජය කරමින් රුසියාව ජයගත් බවට ප්‍රබලව තර්කයක යෙදෙමින් චීනය ‘ග්ලෝබල් ටයිම්ස්’ පුවත්පත ගිය බ්‍රහස්පතින්දා පළ කළ ලිපියක් ඇමෙරිකන් මෙන්ම රුසියන් මාධ්‍ය විසින්ද ප්‍රමුඛ තැනෙකලා උපුටා දක්වා තිබිණි.
අධිෂ්ඨානයෙන් කුළු ගැන්වුණු නිර්භීත ප්‍රවේශයකට එළැඹෙමින් ඇමෙරිකාව අසරණ තැනකට තල්ලු කිරීමට රුසියාව සමත් වූ බව පවසන චීන පුවත්පත එබඳු සෘජු අභියෝගාත්මක මඟක් නොගෙන ‘වැනෙනසුලු’ ස්ථාවරයක පසුවීම ගැන බොහෝ චීන වැසියන් අන්තර්ජාල ඔස්සේ පැවැති මත ප්‍රකාශවලදී චීන රජයට දොස් කියා ඇතැයිද සිහි කරයි. එබඳු විවේචනවලට ගොදුරු වුවද චීන රජය ‘අත දවා නොගැනීමේ’ ප්‍රවේශම්කාරී නැණවත් උපාය මාර්ගයකට පිවිසීම අනුමත කරමින් එම පත්‍රය මෙසේ පැවසීය.
ස්නෝඩන් සිද්ධියට කෙළින්ම අත නොපෙවීමේ චීන ප්‍රතිපත්තිය යහපත් ප්‍රතිඵල අත්කරදී තිබේ. ස්නෝඩන් තුරුලු කර ගැනීමට චීනය හදිසි වුණා නම් චීන-ඇමෙරිකන් සබඳතාවල ලොකු ගැස්සීමක් හට ගැනීමට ඉඩ තිබිණි. එබඳු වෙනසකදී මතු විය හැකි අවදානම භාර ගැනීමටත් චීනයට සිදුවනු ඇත.
චීන-ඇමෙරිකන් සබඳතාවලට අලාභයක් සිදු වීමකින් තොරව ඇමෙරිකාව ජාත්‍යන්තර බාල්දුවකට පත්වූයේ එරටෙහි මානව හිමිකම් පුරාජේරුවේ ‘පුස්ස බිඳී යන’ ආකාරයෙන් නිසා චීනය විශේෂයෙන් සතුටු වූ අයුරු එයින් පෙනී යයි.ගෝලීය පරිමාණයෙන් මහ බලවතුන් අතර තරගයේදී ස්නෝඩන් සිද්ධිය කරකැවී නැවතී ඇත්තේ තමාට වාසිදායක තැනෙක බවට චීනය විසින් ඇති කර ගැනුණු තක්සේරුව එහිලා ප්‍රකාශ වූයේ මෙසේය.
විසිඑක්වැනි ශත වර්ෂයේ ජාත්‍යන්තර සබඳතා හැසිරවීමේදී චීනයත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර තරගය ප්‍රමුඛ තැන උසුලයි. එහෙත් චීනයේ ශක්තිය තවමත් ඇමෙරිකාවේ ශක්තියට බොහෝ අඩු තැනෙක පවතියි. ඒ අතර චීනයේ පරිපූර්ණ මූලෝපායමය හවුල්කරු වන රුසියාව ස්නෝඩන් සම්බන්ධ කාරණාවලදී මුල පිරීම අතට ගනිමින් එක්සත් ජනපදයට එරෙහි ඉදිරි පිලට එළැඹිණි. එමගින් ජාත්‍යන්තර කටයුතුවලදී පැවතිය යුතු නම්‍යශීලීත්වය පෙන්නුම් කෙරෙයි. රුසියානු එළැඹුම චීනයේ පැසසුම ලබයි. ඇමෙරිකාවට එරෙහි ඔළුවට ඔළුව හප්පා ගැනීමේ සටන් අභිමුඛතා පිළිවෙතකට යාමට චීනය කැමැති නැත. එහෙත් ඇමෙරිකාව විසින් බලය අයුතු ලෙස යොදවනු ලැබිමට එරෙහිව සීමාවන් පැනවීමට සමත් රටවල් සමග සමගි සම්පන්නව ක්‍රියාත්මක වීමේ ශක්තිය දැනටමත් චීනය සතුය.
ස්නෝඩන් සිද්ධිය සුපිරි බලවතා ලෙස ඇමෙරිකාව මුහුණ දුන් බරපතළ ජාත්‍යන්තර ‘ආපදාවක්’ වී නම් එයින් ගොඩඒමට හැකි වන්නේ රුසියාවටත් පාඩමක් කියාදීමෙන් බව ඇමෙරිකන් දේශපාලන සහ රාජ්‍ය තන්ත්‍රයේ දැඩි මතධාරී කණ්ඩායම්වල මතය වී තිබේ.
රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපතිවරණයට තරග වැද බැරැක් ඔබාමාට පරාජය වූ ඇරිසෝනාවේ උත්තර මන්ත්‍රී ජෝන් මැකේන් පෙන්වා දුන්නේ ස්නෝඩන්ට රැකවරණ සැලසීමෙන් රුසියාව සිදු කළේ ඇමෙරිකාවේ කම්මුලට ගැසීම වැනි දෙයක් බවයි. රුසියාව සමග ඇමෙරිකාවේ සබදතා ගැන සම්පූර්ණයෙන්ම යළි සිතා බැලීමට කාලය එළැඹ ඇතැයි ඔහු පවසයි.
රුසියාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමේ කටයුතු දැඩි කිරීමට අමතරව යුදමය වශයෙන් රුසියාවේ ඇඟටපතට ‘නියමෙට දැනෙන’ යමක් කිරීමේ අවශ්‍යතාවද මැකේන් පෙන්වා දෙයි. රුසියාවේ දේශසීමා වටා ඇමෙරිකන් මිසයිල් ආරක්ෂක පද්ධතියක් ගොඩනැගීමේ සැලසුම වඩාත් ආක්‍රමණශීලී ලෙස ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ඔහු පෙනී සිටියි. යුරෝපය හවුල් කරගෙන පවතින ඇමෙරිකන් නාකයකත්වය ඇති උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය පැරැණි සීතල යුද්ධ කාලයේදී තරමටම මොස්කෝවේ ‘දැඟලිල්ල’ට එරෙහිව මුවහත් කරගත යුතු බවද ඔහුගේ මතයයි. රුසියන් මහ ධනේශ්වරයේ මූල්‍ය ශක්තිය නියෝජනය කරන ආර්ථික ප්‍රභූවරුන්ගේ මෙන්ම පුටින් විරෝධයේ ධජය ඉහළින් දරාගෙන සිටීමට තරම් සමාජ ශක්තියක් ඇති රාජ්‍ය නොවන සංවිධාන බල ගැන්වීමේ පිළිවෙතක් ගෙන යමින් පුටින්ට එරෙහිව දේශපාලන අභියෝගය කුළු ගැන්වීමට ඇමෙරිකාව උදව් කළ යුතු බවත් ඔහු පවසයි.
එඩ්වඩ් ස්නෝඩන්ට එරෙහිව ඇමෙරිකන් අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කැරුණු චෝදනා ගොඩ නැගෙන්නේ ඔහු රාජ්‍ය දේපළ සොරකම් කළ බවත් රාජ්‍ය ආරක්ෂාවට අදාළ රහස්‍ය බුද්ධි තොරතුරු බලය නොලත් තැනැත්තන් අතට පත් කළ බවත් සලකා ගනිමිනි.
එබඳු තොරතුරු හෙළි කර ඇති ආකාරය අනුව ඔහු රාජද්‍රෝහී වරදක් සිදු කර තිබේදැයි නැගෙන ගැටලුව විවිධ කෝණවලින් විමසා බැලෙන වාර්තාවක් ‘ඇමෙරිකා හඬ’ පුවත් ජාලය විසින් නොබෝදා පළකර තිබුණේ ස්නෝඩන්ට රුසියාවේ රැකවරණ ලැබිමේ පසුබිම ඇතිවය.
ඇමෙරිකාවේ රාජ්‍ය තන්ත්‍රික ප්‍රවීණයන් අතර ඉතා රළු දක්ෂිණාංශික පැවැත්මකින් හෙබි අයකු වන එක්සත් ජාතීන්ගේ හිටපු ඇමෙරිකන් තානාපති ජෝන් බෝල්ටන්ගේ අදහස එහිදී දැකගත හැකි වූයේ ස්නෝඩන් ද්‍රෝහියකු බවට ගොනැගෙන ප්‍රබල තර්කයක ස්වරූපයෙනි.
සිය රටේ ජාතික ආරක්ෂාවට එරෙහිව මතෛක් එල්ල වූ ඉතාම බරපතළ ප්‍රහාරය මෙය බව බෝල්ටන්ගේ මතයයි.
සාමාන්‍ය ඔත්තුකරුවකුගෙන් සිදුවන්නේ බොහෝ විට එක රටකට තොරතුරු සැපයීම වුවත් එඩ්වඩ් ස්නෝඩන් එබඳු සිල්ලර ගණයේ ඔත්තුකරුවකු නොවී අංග සම්පූර්ණ රාජ්‍ය ද්‍රෝහියකු වී ඇතැයි බෝල්ටන් චෝදනා කරයි. ස්නෝඩන්ගේ ක්‍රියා කලාපය නිසා ඇමෙරිකාවේ ආරක්ෂක රහස් චීනයටත්, රුසියාවටත් ලැබි ඇතැයිද මතෛක් ඇමෙරිකාව අත පමණක් පැවැති එම රහස් දැන් එම දෙරටත් දනිතියි ද ඔහු කියයි. එපමණක් නොව ඒවා ප්‍රසිද්ධ කිරීමටත් ඔහු පියවර ගත් නිසා දැන් ඇමෙරිකන් ආරක්ෂක රහස් රටවල් 190ක්ම දන්නා බවද ඔහු පෙන්වා දෙයි.
එම වාර්තාවේ දැක්වෙන ආරක්ෂක ගැටලු පිළිබඳ චිකාගෝ විශ්ව විද්‍යාලයේ විශේෂඥ අසීස් හක්ගේ මතයෙන් පෙන්වා දෙන්නේ ස්නෝඩන් ද්‍රෝහියකු ලෙස සැලකිය නොහැකි බවයි. රාජද්‍රෝහිත්වය පිළිබඳව ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන විධිවිධාන අනුව යුද්ධ කාලයකදී සතුරාට උදව් කිරීමට අදාළව ච්ෙතනාත්මකව සිදු කෙරෙන ක්‍රියාවන් පමණක් එයට ඇතුළත් වන බව ඔහු පෙන්වා දෙයි. නාසි හමුදාවට පක්ෂව සටන් කළ ඇමෙරිකානුවන්ට දෙවැනි ලෝක යුද්ධ කාලයේ එම චෝදනා උඩ නඩු පවරා මරණීය දණ්ඩනය නියම කළ බව ඔහු සිහිපත් කරයි. එම කොන්දේසි සහ නීතිමය ක්‍රියාමාර්ග ස්නෝඩන්ගේ හැසිරීම සම්බන්ධයෙන් අදාළ කරගත නොහැකි බවද ඔහු කියා සිටියි.
නිසැකවම මහජනතාව අතර විවාදයට බඳුන් විය යුතු ජන සුබසිද්ධියට අදාළ කරුණු ප්‍රසිද්ධියේ හෙළිදරව් කරන කෙනකු රාජද්‍රෝහි චෝදනා යටතට නොගැනෙන බවද ඔහුගේ මතයයි.තමා දන්නා තොරතුරු ප්‍රසිද්ධ කිරීමට පෙලඹ වූ එක් හේතුවක් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ රහස් ඔත්තු වැඩසටහන ගැන ප්‍රසිද්ධ සාකච්ඡාවකට මගපෑදීමට පැවැති අවශ්‍යතාව බව ස්නෝඩන් පවසා තිබිණ.
එඩ්වඩ් ස්නෝඩන් යනු මහජනතාව ගොදුරු වී ඇති අවදානමක් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට පෙලැඹුණු සංඥාදායකයකු මිස රාජද්‍රෝහියකු නොවන බවට ප්‍රබල මතයක් ඇමෙරිකාව තුළ පවතියි. ක්විනිපියැක් විශ්ව විද්‍යාලය විසින් පවත්වන ලද ජනමත සමීක්ෂණයකට සහභාගි වූ ඇමෙරිකානු වැසියන්ගෙන් සියයට 55ක මතය වූයේත් එයම බවද ‘ඇමෙරිකන් හඬ’ වාර්තාව කියයි.

0 comments:
Post a Comment