Sunday, August 11, 2013

කරන් ගේ අලුත්ම චිත්‍රපටයට මධුරිද ? ඓශ්වර්යාද ?


බොලිවුඩය පමණක් නොව ලෝකයම උමතු කළ සුරූපිනිය ඓශ්වර්යා රායි බච්චන් සිය දියණිය ආරධ්‍යා වෙනුවෙන් වසර දෙකකටත් වැඩි කාලයක් රංගනයෙන් ඈත් වී සිටියා. දැන් කරන් ජොහාර්ගේ අලුත්ම චිත්‍රපටය Ram Leela වෙනුවෙන් දායක වෙමින් යළිත් රංගනයට එක් වීමට ඓශ්වර්යා සූදානම් වනවා. Ram Leela චිත්‍රපටයට තමන්ගේ දායකත්වය ලබා දෙනවා දැයි ඓශ්වර්යා නිශ්චිතවම ප්‍රකාශ කර නැතත් කරන් ජොහාර් තම අලුත්ම චිත්‍රපටයට ඓශ්වර්යා දායක කර ගැනීමට බලා‍පොරොත්තුවෙන් සිටිනා බව කියැවෙනවා. Ram Leela චිත්‍රපටය නර්තන අංග වැඩි ප්‍රමාණයක් අඩංගු චිත්‍රපටයක් වන නිසා මෙම චිත්‍රපටයට මධුරි ඩික්සිත්ගේ දායකත්වය ලබා ගැනීමටද ඉඩ තිබෙනා බව ඇතැමුන් පවසන නමුත් තවත් පිරිසක් පවසන්නේ මධුරි සහ ඓශ්වර්යා දෙදෙනාම චිත්‍රපටයට දායක කර ගනු ඇති බවයි.

0 comments:

Post a Comment