Tuesday, October 15, 2013
Sunday, October 6, 2013
Tuesday, September 10, 2013
පාසල් සිසුන්ට යකඩ, ෆෝලික් අම්ල සහ විටමින් සී ලබා දීමේ වැදගත්කම
11:42 PM
No comments
පාසල් සිසුන්ට යකඩ, ෆෝලික් අම්ල සහ
විටමින් සී ලබා දීමේ වැදගත්කම
පාසල්වල 1 ශ්රේණියේ සිට 13 ශ්රේණිය දක්වා ඉගෙනුම ලබන ශිෂ්ය ශිෂ්යාවන් සඳහා යකඩ පෙති, ෆෝලික් අම්ල පෙති සහ විටමින් C පෙති ලබා දීමේ දීපව්යාප්ත වැඩසටහනක් සෞඛ්ය අමාත්යංශය ම`ගින් ක්රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්ය ශිෂ්යාවන් තුළ ඇති රක්තහීනතාව වළක්වාගැනීමට මේ වැඩසටහන ක්රියාත්මක කෙරේ. මේ වසරේ ජුලි මාසයේ සිට මේ අතිරේකය ලබා දීමට අපේක්ෂා කර තිබිණි. මේ ලිපිය මේ වැඩසටහන පාදක කරගෙන සැකසෙයි.
වයස අවුරුදු 10ත් 19ත් අතර පසු වන්නන් යොවුන් වියේ හෙවත් ගැටවර වියේ පසු වන්නන් ලෙස සැලකේ. යොවුන් වියේ සිටින අය ගේ එදිනෙදා කටයුතුවලට, ඉගෙනීමේ කටයුතුවලට සහ පසුකාලීනව රැකියාවලටත් රත්තහීනතාව හෙවත් නීරක්තිය අහිතකර ලෙස බලපායි.
මේ කාලයේ දී නොයෙක් පාඨමාලාවලට සහභාගී වීම, ක්රීඩා කිරීම වැනි ක්රියාශීලී ජීවන රටාවකට හැම යෞවනයෙක් ම යොමු වේ. මේ අතර මස් පිඬු වර්ධනය, කොණ්ඩය දික් වීම, උස යැම ආදිය ද සිදු වේ. මේ කටයුතු සඳහා සිරුරේ අඩංගු යකඩවලට වැඩි කාර්යයක් කිරීමට සිදු වේ. ඒ අතර ඔවුන් ගේ සමහර වැරැදි ආහාර පුරුදු නිසා සිරුරට ලැබෙන යකඩ ප්රමාණයත් අඩු වේ. මේ නිසා හොඳ පෝෂණයක් නො ලැබුණ හොත් නරක ප්රතිඵලයක් ලැබිය හැකි ය.
ලේ හි`ගකම හෙවත් රක්තහීනතාව නිසා ක්රියාශීලී ජීවන රටාවකට බොහෝ අවාසි සිදු වේ. ඒවා අතර නිතර නිතර අසනීප වීම, සුළු වැඩක් කළත් බොහෝ වෙහෙස දැනීම, කම්මැලි ගතිය, කොපමණ පාඩම් කළත් මතකයේ නො රැඳීම වැනි අවාසි වේ. එසේ ම ඇෙ`ග් තෙහෙට්ටු ගතිය, ඇස් සුදුමැලි ස්වභාවයක් ගැනීම, නිතර කේන්ති යැම, හිස කෙස් ගැලවී යැම, කැම අරුචිය ද ඇති විය හැකි ය. මේ පෝෂණ ගැටලු අඩු කිරීමට ප්රධාන ආහාර වේල් සඳහා සමබල ආහාර ගැනීම ඉතා වැදගත් වේ. අපේ සිරුරේ ලේ වැඩීම සඳහා යකඩ, ෆෝලික් අම්ල සහ විටමින් C උපකාර වේ.
පාසල් යන දරුවන් බොහෝ දෙනකුට ප්රධාන ආහාර වේල් 3න් එකක් හෝ කීපයක් ම`ගහැරේ. ඔවුහු ඒ වෙනුවට සුළු ආහාරයක් ගැනීමට පුරුදු වී සිටිති. මේ නිසා නිසි පෝෂණයක් නොමැති වීම අද පාසල් දරුවන් අතර දක්නට ලැබෙන ප්රධාන ගැටලුවක් බවට පත් ව තිබේ.
පාසල් සිසුන් අතර ඇති වන රක්තහීනතාව දුරු කිරීමට මාස 6ක කාලයක් එනම් සති 24ක් සතියකට එක දවසක් යකඩ පෙති 1ක්, ෆෝලික් අම්ල පෙති 1ක් සහ විටමින් C පෙති 1 බැගින් ලබා දීමට රජය කටයුතු යොදා ඇත.
මේ අතිරේකය පටන් ගැනීමට පෙර පණු බෙහෙත් ලෙස මෙබෙන්ඩසෝල් (Mebendazole) මිලිග්රෑම් 500 පෙති 1ක් ගැනීම වඩාත් සුදුසු ය.
මේ අතිරේකය සැම වසරක ම මාස 6 බැගින් ගත යුතු ව තිබේ. මේ යකඩ, ෆෝලික් අම්ල සහ විටමින් C පෙති 1 බැගින් සතියකට එක දිනක් උදේ හෝ රාත්රී ආහාරයට පැයකට පමණ පසු ජලය සමග බීම කළ යුතු ය.
මේ බෙහෙත් පෙති සුළං නො වදින ආකාරයට බෝතලයකට දමා හොඳින් වසා තැබීම ඉතා ම වැදගත් ය. සුළං වැදීම නිසා පෙතිවල ඇති ගුණය සම්පූර්ණයෙන් ම නැති වී යයි. එමෙන් ම මේව පත්තර කඩදාසිවල ඔතා නො තැබිය යුතු ය. එසේ කිරීමෙන් ද පෙතිවල ඇති ගුණය නැති වී යයි.
සමහර අයට මේ පෙති ගන්නා විට ඔක්කාරය, වමනය හිස රුදාව, කළු පාටට මළ පහ වීම ආදිය ඇති විය හැකි යි. එහෙත් ඒවා ටික දිනකින් ම`ගහැරී යන නිසා කලබල වීමට වත්, බිය වීමට වත් අවශ්ය නො වේ.
නව යොවුන් වියේ ඉන්න දරුවන්ට පමණක් මේ පෙති දීමට කටයුතු කරන්නේ විශේෂ කරුණක් මත ය. උස යැම, සිරුරේ වර්ධනය සිදු වන්නේ මේ අවධියේ දී ය. එසේ ම ප්රධාන ආහාර වේල් ම`ගහැරීමත් මේ අවධියේ දී බොහෝ දුරට සිදු වන බව දක්නට ඇත. ඒ අතර මාළු සහ පලා වර්ග වැනි යකඩ බහුල ආහාර වර්ග ද ම`ගහැරෙන බව පෙනේ. අද යොවුන් වියේ සිටින අය රටේ අනාගතය භාර ගන්නෙ පිරිසයි. ඒ නිසා යොවුන් වියේ සිටින ඔබ ගේ නිරෝගීකම රටට අතිශය වැදගත් සාධකයකි.
විශේෂයෙන් ම ගැහැනු ළමයින්ට තමන් ගේ ඇෙ`ග් ලේ අඩුකම ම`ගහරවා ගැනීමෙන් අනාගතයේ මවක වන විට ඇති විය හැකි රත්තහීනතාව, ගබ්සා වීම් වැනි ගැටලු අවම කර ගැනීමට ද මේ අතිරේකය උදව් වනු ඇත.
මේ පිළිබඳ වැඩිදුර විස්තර සහ පෙති ගැනීම නිසා යම් අසාත්මික තත්ත්වයන් ඇති වුව හොත් පවුලේ වෛද්යවරයාට, සෞඛ්ය වෛද්ය නිලධාරී මහතාට (MOH), මහජන සෞඛ්ය පරීක්ෂකවරයාට (PHI) හෝ පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියට (Midwife) දැනුම් දිය යුතු ය. එසේ නොමැති නම් පවුල් සෞඛ්ය කාර්යංශයේ පාසල් සහ නව යොවුන් සෞඛ්ය අංශයට 0112692746 දුරකථනය ම`ගින් දැනුම් දිය හැකි ය.
(පාසල් සිසුන්ට ලබා දෙන යකඩ අතිරේකය පිළිබඳව සෞඛ්ය අමාත්යංශය ම`ගින් ප්රකාශිත අත් පත්රිකාවක් ඇසුරෙනි)

Tuesday, August 13, 2013
most happiest elephant in the world
පොඩි දරුවෙක් පළමු වරට මුහුදු වෙරළට එක්කගෙන ගියහම ඔවුන් වෙරළේ දිවයමින් රැල්ල පාගන්නේ ඉතාමත් ප්රීතියෙන්.
අලුත උපන් කුඩා අලි පැටවෙක් සත්ව උද්යානයකට රැගෙන යන අතරේ එහි සේවකයන් පැටවාව සුළු මොහොතකට මුහුදු වෙරළට ගෙන ගියා. මේ ඡායාරුපයේ දැක්වෙන්නේ ඒ අලි පැටවා කුඩා දරුවෙක් මෙන් වෙරළේ සෙල්ලම් කරන ආකාරයයි. මුහුදු වෙරළේ සුන්දරත්වය දුටු පැටවාට තමන්ගේ අම්මාව දාලා යන දුකත් ටිකකට අමතක වෙලා.
අපි සත්ව පැටවන් විවිධ හේතු නිසා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කරත් අපි මතක තබා ගත යුතු එක දෙයක් තියනවා. කොයි සතා අතර උනත් ළමා අවධියේ කිසිම වෙනසක් නැති බව. හදවතින් ඔවුන් හැමෝම අපේ කුඩා දරුවන් වගේමයි. මේ ලෝකේ තියෙන කුරුරිකම් කිසි දෙයක් ඔවුන්ට තේරෙන්නේ නෑ. ඔවුන්ට අවශ්ය ආදරයත් සෙල්ලම් කිරීමේ නිදහසත් විතරයි.
https://www.youtube.com/watch?v=aKCSOAy3Mfg&list=TLSmYGbG8YiAE

වෙනිසියුලාවේ තෙල් පිරිපහදුවක ගින්නක්
වෙනිසියුලාවේ කැරැකස් අගනුවර තෙල් පිරිපහදු කම්හලක පෙරේදා (11) මහා ගින්නක් හටගත් අතර එය නිවා දැමීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්රමයක් දැරීමට සිදුවිය.
ගින්න හටගත්තේ තෙල් පිරිපහදු ටැංකියකට අකුණක් වැදීමෙනි. ගින්න පැතිර යෑමේ අවදානමක් පැවැති හෙයින් කිලෝ මීටරයක් දුර නිවාසවල පදිංචි සැවෝම ආරක්ෂක ස්ථානවලට යොමු කිරීමට ද පියවර ගැණින.
ගින්න හටගත්තේ තෙල් පිරිපහදු ටැංකියකට අකුණක් වැදීමෙනි. ගින්න පැතිර යෑමේ අවදානමක් පැවැති හෙයින් කිලෝ මීටරයක් දුර නිවාසවල පදිංචි සැවෝම ආරක්ෂක ස්ථානවලට යොමු කිරීමට ද පියවර ගැණින.
![]() |
පිරිපහදුවේ ගින්න ඈතට දිස්වුණු අයුරු ... |
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරයි
ඉන්දුනීසියාවේ ටෙන්ගාරා පළාතට අයත් පෝල් නමැති දුපතේ ‘රොකටෙන්ඩා’ යමහල සකී්රය වී පුපුරා යෑමට පටන් ගැනීමත් සමඟ, ගිනි කන්ද පාමුල පදිංචි ව සිටි ගම්මාන කිහිපයක දහසකට වැඩි ගම්වැසියන් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ.යමහල සකී්රය වී පුපුරා යෑම ඇරැඹුණේ ඉකුත් සති අන්තයේය. යමහලෙන් ලාවා පිටවීම ආරම්භ වුයේ ඉකුත් සෙනසුරාදා රාති්රයේය. එක් ගම්මානයක පැල්පතක නිදා සිටි කුඩා දරුවන් දෙදෙනකු සහ ඔවුන්ගේ මාපියන් ජීවිතක්ෂයට පත් වූ බව ද වාර්තා විය.
සුඩානයේ හදිසි ජලගැලීම්වලට 36 ක් බිලිවෙති: 5,000 අවතැන්
මහ වැසි හේතුවෙන් සුඩානයේ කර්ටෝම් නුවර සහ ඒ අවට පළාත් රැසක් පෙරේදා (11) ජලයෙන් යටවුණු අතර, හදිසියේ හටගත් ජල ගැලීම්වලට 36 දෙනෙක් බිලිවූහ.
දින ගණනාවක් නොකඩවා ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හදිසියේ හටගත් සැඬ පහර සුනාමියක් සේ කඩා වැදුණු බව සුඩාන පුවත් සේවා වාර්තා කර ඇත.
ජල ගැලීම් හේතුවෙන්, 5,000 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමිවිය. ජලයෙන් විනාශ වූ පැල්පත් ගම්මානය. ගම්මාන 10 ක් මුළුමනින්ම විනාශ වූ බව මාධ්ය වාර්තා වැඩි දුරටත් කියා සිටී. සුඩානයට මහ වැසි ඇද හැළීම ආරම්භ වූයේ අගෝස්තු පළමු වැනිදා සිටය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්යන්තර රතු කුරුස සංවිධානය ප්රකාශ කළේ විපතට පත්වූවන් වෙනුවෙන් ආධාර ලබා දීම සඳහා තමන් අපි්රකානු රාජ්යයක් වන සුඩාන රජය සමඟ එක් වී කටයුතු කරන බවය.
නිවාස අහිමි වූ ගම් වැසියන් පාසල්වල පිහිටුවූ සරණාගත කඳවුරුවලට වී සිටින බවත් ඔවුන්ට අවශ්ය වියළි ආහාර සහ පානීය ජලය ලබා දීමට පියවර ගෙන ඇති බවත් සුඩාන රජය පවසයි. සහනාධාර බෙදා දීමේ කටයුතුවලට හමුදාව යොදවා ඇත.

කර්ටෝම් නුවර නිවාස ජලයෙන් යටවී ඇති අයුරු ... |
Monday, August 12, 2013
ගැටළුව ඇත්තේ ඉස්ලාමය හා බෞද්ධ දර්ශනය අතර නොව
ගැටළුව ඇත්තේ ඉස්ලාමය හා බෞද්ධ දර්ශනය අතර නොව, අයහපත හා යහපත අතරයි.සසර ගමන තුළ යටපත් වී ඇති තිරිසන් ගති නිරයාසයෙන් ම මතු වන කාලයකි මේ.විද්යාව යටපත් කරමින් අවිද්යාව මෝරයි....
අයහපත සාධාරණීකරණය කරමින් ඊටම පෙළඹවෙන සමාජ වටපිටාවක් තුළ දෙවියන් පය නොගසන තැන් වල පවත්වන යක්ෂයන්ගේ සැණකෙළි නැවැත්වීමට පහසුවේද?
මායාවරුන් නිවරදියි,
ලෝක විනාෂය 2012 සිදුවී අවසන් නොවුනත් එය සිදුවීමට පටන් ගත්තේ එතැන් පටන්ය....
අවිශ්වාසයිනම් 2012 පටන් සිදුවෙමින් පවතින මේ සමාජ විපර්යාසය දෙස මදක් අවධානය යොමු කරන්න......
සත්තයි තුන් හිතටවත් නොහැගුණු දේ දැන් සිදුවෙමින් පවතී......
දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 08 වන ගුණානුස්මරණ දිනය
කෘතහස්ත රාජ්ය තාන්ත්රිකයෙකු මෙන්ම හිටපු අමාත්යවරයෙකු වන දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 08 වන ගුණානුස්මරණ දිනය අදට (12) යෙදී තිබේ. ඒ වෙනුවෙන් කොළඹ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් ජාත්යන්තර සබඳතා හා ක්රමෝපායන් මධ්යස්ථානයේ පැවති උළෙලේදී කදිරගාමර් මහතාගේ පිළිරුවක් නිරාවරණය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී. එසේම කදිරගාමර් මධ්යස්ථානයේ 2011-13 ප්රගති සමාලෝචන වාර්තාව එහි විධායක අධ්යක්ෂ අසංග අබේගුණසේකර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාට පිළිගන්වන ලදී.
කදිරගාමර් මහතාගේ ආදරණීය බිරිඳ වන සුගන්ධි කදිරගාමර්,මහාචාර්ය ජී.එල් පීරිස්, දිනේශ් ගුණවර්ධන අමාත්යවරුන් ඇතුළු පිරිසක්ද මෙම මොහොතට එක්වූහ. දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ පිළිරුව ස්ථාපිත කිරීම සිදුකර ඇත්තේ රුසියානු කලා ඇකඩමිය විසිනි. එහි නිර්මාපකයා වූයේ රුසියානු කලා ඇකඩමියේ සභාපති සුරාබ් සරට්ෂේලි මහතාය. මේ එකී පිළිරුව විවෘත කළ අවස්ථාවයි.

ගෙල වැල දාගත් ජියා ඛාන් යළි උපදියි
ජියා ඛාන්, එක රැයින් ජනප්රියත්වයට පත්වූ යොවුන් නිළියක්. අමිතාබ් භච්චන් වැනි ප්රවීණ නළුවකු සමඟ මුලින්ම ප්රධාන චරිතයක් රඟපෑමට තරම් භාග්යවන්තියක වූ ඇය කෙටි කලකින්ම ජීවිතය නිම කර ගන්නට තරම් අභාග්යවන්තියක ද වුණා. ජුනි 03 දා නිවෙසෙහි මව සහ සොහොයුරිය නොමැති අවස්ථාවේදී ගෙල වැලලා ගෙන මියගිය මේ සුරූපිනිය යළි ජීවමාන කරන්නටයි, බොලිවුඩ් සිනමාවට මෑතකදී එක්වූ අධ්යක්ෂවරයකුගේ වෑයම. නවක චිත්රපට අධ්යක්ෂවරයකු වන රික්ෂිට් මට්රායි, ජියා ඛාන්ගේ ජීවිත කතාව සිනමාවට නැඟීමට ලකලැහැස්ති වන්නේ 'බොල්ඩ් බොලිවුඩ්' යනුවෙන් නම් කර ඇති මේ චිත්රපටය රික්ෂිට් ගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. මේ චිත්රපටයේ වැඩකටයුතු පසුගිය සතියේ ආරම්භ වුණේ මුම්බායි නුවර තරු පහේ හෝටලයකදීයි.
බෝල්ඩ් බොලිවුඩ් චිත්රපටයේ කතාව ගොඩනැඟී ඇත්තේ සිනමා නිළියක වීමේ නොතිත් ආශාවෙන් මුම්බායි නුවර වෙත පැමිණෙන සුරූපී යුවතියන් තිදෙනකු කේන්ද්ර කර ගෙනයි. මෙහි ප්රධාන චරිත සඳහා මේ වන විට නළු නිළියන්ද තෝරා ගෙන තිබෙනවා. සන්දීපා දාර්, ශ්වේතා භාරද්වාජ්, රාජ්පාල් යාදෙව් සහ මනෝජ් ජෝශිප් යන යොවුන් නළු නිළියන් මෙහි ප්රධාන චරිත රඟනවා. බෝල්ඩ් බොලිවුඩ් චිත්රපටයේ අධ්යක්ෂවරයා තම කුලුඳුල් සිනමා පටය ගැන මේ අයුරින් අදහස් දැක්වූවා. 'ජියා ගැන පහුගිය දවස්වල පළ වූ නොයෙකුත් ප්රවෘත්ති මම කියවා බැලුවා.
ඉන් පස්සේ තමයි, මේ විදියේ චිත්රපටයක් කරන්න මට හිතුණේ. බොලිවුඩ් සිනමාව තුළ රැඳී සිටින්න, ජනප්රිය වෙන්න පහසු නැහැ. ඒ තුළ අනන්තවත් යටි උගුල් ක්රියාත්මක වෙනවා. මම මේ චිත්රපටයෙන් උත්සාහ කරන්නේ බොලිවුඩ් සිනමාවෙ මතුපිටට නොපෙනෙන අසුන්දර පැත්ත විවරණය කරන්නයි. චිත්රපටයේ එන තරුණියන් තුන්දෙනාගෙන් එක් කෙනකුගේ ජීවිතය ජියා ඛාන්ගේ ජීවිතයට සමානයි. ඇය, ඇගේ කෙටි ජීවිත කාලයේදී මුහුණ දුන් නොයෙකුත් බාධක, හැලහැප්පීම් වගේම ඇය ලැබූ ජයග්රහණද මේ චිත්රපටයෙන් විවරණය කෙරෙනවා.'අධ්යක්ෂ රික්ෂිට් මට්රාගේ මේ වෑයමට දස අතින් කෙබඳු අන්දමේ ප්රතිචාර හිමිවේදැයි සඳහන් කිරීමට තවම අපහසුයි.
THE HURT LOCKER - අරමුණු වෙනුවෙන් ඉවසීමේ මහිමය
වේගයෙන් චලනය වන රූප රාමු සමූහයකි. සියල්ල සිදුවෙමින් ඇත්තේ එකම වපසරියකය. "2004 බැග්ඩෑඩ්" යන්න තිරය මත සනිටුහන් වේ. එසේනම් මේ ඉරාක යුද්ධයේ දරුණුම කාලවකවානුවේ බැග්ඩෑඩය විය යුතුය. තැන් තැන්වල ඇත්තේ බෝම්බ ප්රහාර ආදියෙන් පිලිස්සී ගිය රථ වාහනයි. ගොඩනැඟිලි අත්හැර දමා ඇති බවක් පෙනේ. කඩසාප්පු කිහිපයක් නම් විවෘතව පවතී. ජනී ජනයා එහෙමටම නැත. ප්රේක්ෂකයා සමහර රූපරාමු දකින්නේ බෝම්බ නිරීක්ෂණයේ යෙදෙන කුඩා යන්ත්රයක් හරහායි. එය ඔබ මොබ සැරිසරන්නේ කොයි මොහොතක හෝ පුපුරා යා හැකි බෝම්බයක් සොයමිනි. අමෙරිකානු බෝම්බ නිෂ්ක්රිය කණ්ඩායමක් මෙතැන සිටිති. ඔවුහු තරුණය. ජවාධිකය. එසේම ඉවසිලිවන්තය. ඉවසීමක් නොමැතිව මේ කර්තව්ය ඉටුකළ හැකි නොවේ.
බැග්ඩෑඩයට නම් පුපුරා යන බෝම්බ හුරුපුරුදුය. කැමරාව නිතරම ගැස්සෙයි. අෑතින් සිටින මිනිසුන් හා ගැහැනුන් කැමරාවට මුණගැසේ. බෝම්බ නිෂ්ක්රිය කණ්ඩායමේ සමීප රූප ඒ හා මුසුකෙරේ. සමීප රූප සමඟ අඳුරු රූපද, මධ්යම සමීප රූපද මුසුවන්නේ ආතතිය දෙගුණ තෙගුණ කරමිනි.
මේ ජීවිතයත්, මරණයත් අතර මොහොතකැයි වරදවා වටහාගත යුතු නැත. මෙය ජීවිත හා දේපොළ රැකගැනීමේ වුවමනාවකද කොටසය. ඒ සමඟම තමන්ගේ ජීවිතද ආරක්ෂා කරගත යුතුය. හැමෝටම පෞද්ගලික ජීවිතයක්ද තිබේ. වෘත්තීය ජීවිතයට හා සමාජ ජීවිතයට අතිරේක වශයෙනි. බෝම්බ නිෂ්ක්රිය කණ්ඩායමේ අයටද මෙය පොදුය. සිනමාපටයේ අගභාගයේදී ප්රේක්ෂකයාට මුණගස්වන්නේ මේ අතරින් එක් අයකු වන ජේම්ස්ගේ ගෘහ ජීවිතයයි. ජේම්ස් ජරාවාස වූ තමන්ගේ නිවෙස පිරිසුදු කරයි. කොළරොඩු හැමතැනමය. තරුණ බිරිය අහර පිසියි. දරුවා කෙළිදෙළිනි. ජේම්ස් දරුවා හා විනෝදවන්නේ දරුවකු මෙනි. එහෙත් ඔහු යා යුතුය. ජීවිතය එක තැන කරකැවෙන ස්වභාවයකින් සමන්විතද? යළිත් ඔහු සුපුරුදු කර්තව්යයට බැහැර යයි.
මොහොතකටවත් දෑස් ඉවතට ගන්නට ඉඩක් නොදෙන යට කී රූපරාමු පෙළක් සමඟ ඇරැඹෙන්නේ අන්තර්ජාතික අවධානයට තවදුරටත් පාත්ර වෙමින් සිටින KATHRYN BIGELOW කැතරින් විගලොව් අධ්යක්ෂණය කළ "THE HURT LOCKER" සිනමාපටයයි. වර්ෂ 2008 දී මහජන ප්රදර්ශනයට එක්කළ "THE HURT LOCKER" අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලද සිනමාපටයකි. එහි කූටප්රාප්තිය වූයේ 82 වන ඇකඩමි සම්මාන උළෙලය. හොඳම සිනමාපටය, හොඳම අධ්යක්ෂණය, හොඳම තිරනාටකය ඇතුළු සම්මාන 6ක් ඊට පිරිනැමිනි.
කැතරින් ඍජුවම අවතීර්ණ වන්නේ ඉරාක යුද්ධයේ මර්මස්ථානය කරාය. ඉරාක යුද්ධය වර්ෂ 2003 මාර්තු 20දා සිට වර්ෂ 2011 දෙසැම්බර් 15 දක්වා ඇදීගියේ විවාදාත්මක තතු රැසක් ජනිත කරමිනි. ඉරාක යුද්ධයේ භූමිකා ගණනාවකි. එහි සාධාරණත්වය ප්රශ්න කළ අවස්ථා රැසකි. කැතරින් අමෙරිකානු සිනමාකාරියක බව ඇත්තය. වර්ෂ 1951දී උපන් කැතරින් සිනමාවට සපැමිණෙන්නේ වර්ෂ 1978දීයි. අෑ අමෙරිකානු ප්රධාන ප්රවාහයේ සිනමාකාරියක සේ දැන් හඳුනාගත හැකිය. "THE HURT LOCKER"හිදී අෑ ස්ථාපිත අමෙරිකානු දැක්මකින් ඉරාක යුද්ධය නිරූපණයට තැත් නොකරයි. ඒ මඟින් අෑ දේශපාලනික සිනමාකාරියක බවට පත්නොවෙයි. අෑ ප්රකට කරන්නේ අන් යමක් බව වටහාගන්නට ප්රේක්ෂකයා ඉක්මන් නොවිය යුතුය. එය නිරායාසයෙන්ම ප්රත්යක්ෂ කරගත හැකිය.
කැතරින්ට ඇවැසි වන්නේ යැයි පෙනී යන්නේ කෙනකුගේ වෘත්තීය ජීවිතය සමාජ ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර ඇති විවිධාකාර පාලම් තරණය කිරීමය. ඒ සඳහා කෙමෙන් ගලා යන චරිත බහුල වෘත්තාන්තයක් ඉවහල් කර ගන්නට ඇය උනන්දු නොවෙයි. සිනමාපටය පුරාම එන්නේ ජේම්ස් ඇතුළු අමෙරිකානු බෝම්බ නිෂ්ක්රිය කණ්ඩායම ඉරාක යුද භූමියේදී මුහුණදෙන අත්දැකීම්ය.
මේවා බිහිසුණුය. අවදානම් සහගතය. මරණය නිතර අත වනයි. ජීවිතය සැඟවෙන්නට වැර දරයි. වාසනාව උරගා බලන්නට මේ උචිත ස්ථානයක් නොවේ. ඒ තරමටවත් ඉස්පාසුවක් කවරෙකුටවත් නැත. ජේම්ස් ඇතුළු කණ්ඩායමේ වෘත්තීය ජීවිත, සමාජ ජීවිත හා පෞද්ගලික ජීවිත අතර සක්මන් කරන කැතරින් සියුම්ව අඟවන්නේ කෙනකුට තමන්ගේ අරමුණ වෙනුවෙන් කොතෙක් දුරට ඉවසා සිටිය හැකිද යන්නයි. ඒ සඳහා අෑ යුද භූමියම තෝරාගන්නීය.
බෝම්බය නිෂ්ක්රිය කරන තුරු, ඉලක්කය හරියන තුරු නිසොල්මන්ව, ඉවසීමෙන් සිටින්නට ජේම්ස් ඇතුළු පිරිස ප්රේක්ෂකයාටද බල කරයි. ප්රේක්ෂකයාද ඊට අවනත වන්නේ අන් කළ හැකි යමක් නොමැති නිසාවෙනි. ඉවසීම ප්රගුණ කළ යුත්තකි. එහෙත් ඒ එකම ආකාරයකට නොවේ. ඉවසීමේ ප්රතිඵල සුවාදයී නොවන්නටද පුළුවන. සිනමාපටය අවසනදී ජේම්ස් අලුත් වගකීමකට බැඳෙනු පිණිස තරුණ බිරියත්, දරුවාත් තනිකොට යන්නේ ඒ ගැන තවදුරටත් සිතන්නට ප්රේක්ෂකයා පොලඹවමිනි. අත්දැකීම් ඔහු පසුපස හඹා එන්නේ අදෘශ්යමාන අවතාර මෙන්ය. ගැලවීමක් නැති පාටය. අන් ආකාරයක ජීවිතයක් ඉල්ලා සිටීම තර්කානුකූල නොවන්නටද ඉඩ තිබේ. ජේම්ස් උත්සාහ නොකරන්නකු සේ හංවඩුගැසිය යුතු නැත. බිරියගේ සෙනෙහසද, දරුවාගේ හුරතලයද මොහොතකට අතීතය තුසිත ජයසුන්දරඅමතකර කර දමනසුලුය. එහෙත් ඊළඟ මොහොත සැබෑ ලෝකයට ඔහුව ගෙන යයි. එසේ නම් පෞද්ගලික ජීවිතය ව්යාජයක්ද යන ප්රශ්නය මතුවීමට ඉඩ තිබේ.
කැතරින් බිගලොව් යළිත් අන්තර්ජාතික අවධානයට පාත්රව සිටින්නීය. මෙවර අෑ තෝරාගෙන ඇත්තේ ඔසාමා බින්ලාඩන්ගේ අවසානය ළඟාකර දුන් මෙහෙයුමයි. ZERO DARK THIRTYය.
සිනමාව තවමත් පවතින්නේ පුරුෂ බලය මුල්කරගෙනය. එහෙත් ප්රතිභාසම්පන්න බව ස්ත්රියටත් පොදු වූවකි. කැතරින් සිනමාවේ පුරුෂ බලයට අභියෝග කරන්නේ ප්රතිභාවද රැගෙනය.
Sunday, August 11, 2013
පූනම්ගේ "නාෂා" චිත්රපටයට ශිව - සේනා පක්ෂයේ දැඩි විරෝධයක්
දිල්ලියේ නාගරික ජනපදයක උපන් ඇගේ වර්තමාන වයස අවුරුදු 22කි. වයස විසි දෙකක් වුවද ඇය මේ වන විට මුළු ඉන්දියාවම කැලඹීමටත් සමත්ව ඇත්තාය. නිරූපිකාවක ලෙස අඩු වයසින්ම ඇය ජනතාවගේ හද දිනාගත්තේ සරාගී බවම ප්රයෝජනයට ගනිමිනි අෑ පුවත් මවන්නියක වූවාය. ඒ හරහා ලැබූ ජනප්රියත්වය ඇයට බොලිවුඩ් සිනමාවේ ෙදාරටු විවෘත වන්නට වූයේද අතිශය සරාගී චරිතයක් මැවීම සඳහාය.
නම කියූ සැණින් මෙරට බොලිවුඩ් චිත්රපට රසිකයන් බොහෝ දෙනකු මේ වනවිටත් හඳුනන පූනම් පාණ්ඩේ නැතිනම් වර්තමාන අන්තර්ජාල සරාගී රැජන පසුගිය විසි හය වැනිදා සිය ප්රථම චිත්රපටය වන නාෂා සමඟින් සිය සළුපිළි හැර දමමින් සිටින්නීය.
නාෂා චිත්රපටය තිරගත වීමට ප්රථමයෙන් නිකුත් කළ එහි පූර්ව දර්ශන ඉන්දීය රසිකයන් කුල්මත් කිරීමට මෙන්ම විරෝධතාවනට මුහුණ දීමට සමත් විය. කෙසේ වෙතත් චිත්රපටයේ ප්රචාරක උපක්රමයක් ලෙස හොර රහසේ පිට වූවා යැයි කියන නාෂා චිත්රපටයේ පූර්ණ දර්ශනද අන්තර්ජාලයට එකතු කර ඇත්තේ චිත්රපටයට අනපේක්ෂිත රසික ආකර්ෂණයක් ලබා ගැනීම සඳහා යැයි අනුමාන කළ හැකිය.
කැමරාව ඉදිරියේ ඕනෑම ආකාරයක නිරූපණයක් කළ හැකි යැයි කට මැත ෙදාඩවන පූනම් පාණ්ඩේ ඒ බව මේ වනවිට ඔප්පු කර හමාරය. ඒ 2011 වසරේ සුප්රකට ගැල්ඩ්රැක්ස් දින දර්ශනය සඳහා අඩ නිරුවතින් පෙනී සිටීම සහ එම වසරේදීම සුප්රකට කිංග් ෆිෂර් දින දර්ශනය සඳහා පෙනී සිටිමිනි. සරාගී ළඳුන් පමණක් යොදා ගන්නා සුප්රකට කිංග් ෆිෂර් දින දර්ශනය සඳහා ඇය අන් සියල්ල පරදවමින් දින දර්ශනයේ පෙනී සිටීමට අවස්ථාව උදාකර ගත්තේ ඇගේ වූ සරාගී බව නිසාමය.
නිරූපිකාවක් ලෙස ජනප්රියත්වයට පත්ව සිටි පූනම් පාණ්ඩේ ලෝක ප්රසිද්ධ වූයේ පසුගිය ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ඉන්දියාව ජය ගතහොත් ඉන්දීය කණ්ඩායම ඉදිරියේ සිය ඇඳුම් උනා දමන බවට පෙරළිකාර ප්රකාශයක් කරමිනි. ඇගේ එම අභියෝගය ඉන්දීය කණ්ඩායම ජයගත්තද ඇය ඔවුන් ඉදිරියේ සැබෑවටම ඇඳුම් උනා දැම්මාද නැද්ද යන්න නිසැකවම දන්නේ ඇය සහ ඉන්දීය කණ්ඩායම බැවිනි. ඒ මන්ද යත් ක්රිකට් ක්රීඩකයන්ගේ කැරැට්ටුව අප දන්නා බැවිනි.
කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ජයගෙන වසරක් ගිය තැන සිට ට්විටර් සමාජ ජාල ගිණුමට තමන්ගේ නිරුවත් ඡායාරූපයක් එක් කරමින් පූනම් පාණ්ඩේ එහි සටහන් කර තිබුණේ. "මම පොරොන්දුව ඉටු කර ඇති බවයි." එම ඡායාරූපය සිට ට්විටර් ගිණුමට එක් කරමින් ඇය අනතුරු අඟවා සිටියේ වයස 18ට අඩු අය තම ඡායාරූපය නැරැඹීම සම්බන්ධයෙන් තමන් වගකීමක් නොගන්නා බවයි.
ලෝක කුසලානය සේම අයි.පී.එල්. තරගාවලියේදී ද ඇය පෙරළිකාර ප්රකාශයක් කරමින් කියා සිටියේ කල්කටා නයිට් රයිඩර් කණ්ඩායමේ හිමිකරු සේම සුපිරි නළු ෂාරුක් ඛාන් තමන්ගෙන් ඉල්ලා සිටින්නේ නම් තමන් ඔහු ඉදිරියේ නිරුවත් වීමට සූදානම් බවයි. එම ඉල්ලීම ද සිදුවූවා දැයි නොමැති දැයි දන්නේ ඔවුන්ම පමණි. කෙසේ වෙතත් පූනම්ගේ මෙම පෙරළිකාර හැසිරීම ජනමාධ්ය අවධානය යොමු කරගැනීමට දැයි විටෙක අනුමාන කළ හැකිය. ඒ හරහා ඇයට බොලිවුඩ් නෙත් තමන් වෙත හරවා ගැනීමට අවශ්ය වූවා විය හැකිය.
බලාපොරොත්තු වූ පරිදි හෝ නැතිව ඇය වෙත බොලිවුඩ් පුරයෙන් ආරාධනාවක් ලැබිණි. එයද අඩ නිරුවත් සහ අඩනිරුවත් දර්ශන සහිත නාෂා චිත්රපටය සඳහාය. කැමරාව ඉදිරියේ ඇඳුම් උනා දැමීමට නොපැකිළිව ඉදිරිපත් වන පූනම් පාණ්ඩේ වහා එම චිත්රපටයට කැමැත්ත පළ කළ අතර දැනට බොලිවුඩ් පුරයේ සිටින සමහර ජනප්රිය නිළියන්ද බොලිවුඩ් සිනමාවට පා තබා ඇත්තේ මුල් කාලයේ අතිශය සරාගී චරිතවලට දායක වීමෙන් නිසා තමන්ට මෙම මහඟු අවස්ථාව ලබා ගන්නේ යැයි ඇය සිතුවා වන්නට පුළුවන.
තරුණ ගැටයකු හා පෙමින් වෙළෙන හා ඔහු හා සැතපෙන දර්ශන ඇතුළත් නාෂා එක්තරා ආකාරයට මින් පෙර තිරගත වූ මලීනා සහ මලීසියා වැනි චිත්රපටවලට සමාන බවක් දක්වයි. චිත්රපටයේ පෙර දර්ශන අන්තර්ජාලයට එක් කළ සැණින් අතිවිශාල පිරිසක් එය නරඹා සහ බාගත කර ඇති අතර පිරිමි ළමයකු හා පෙමින් වෙළෙන දර්ශන සේම චිත්රපටයේ ප්රචාරක කටයුතු සඳහා අඩ නිරුවත් දර්ශන රැගත් පෝස්ටර් සහ කටවුට් රට පුරා ප්රදර්ශනය කිරීම නිසා නාෂා චිත්රපටයට එරෙහිව දැවැන්ත විරෝධතාවක්ද දේශපාලන සහ සාමාන්ය ජනතාවගෙන් එල්ල වෙමින් තිබේ.
ඉන්දියාවේ ශිව සේනා පක්ෂය නාෂා චිත්රපටයේ ප්රචාරක පෝස්ටර් ව්යාපාරයට දැඩි ලෙස විරෝධය දක්වා ඇත්තේ එහි නිෂ්පාදක ආදිත්ය භාතියා පවසන්නේ තමන් ඒ සඳහා බටහිර ඉන්දීය චිත්රපට නිෂ්පාදකයන්ගේ සංගමය ඒ සඳහා අවසර ලබාදී ඇති බැවින් තමන් තම ප්රචාරක ව්යාපාරය අකුළා නොගන්නා බවයි. මේ අතර ශිව සේනා පක්ෂයේ ලේකම් අක්සේ භාරදපුර්කර් පවසන්නේ නාෂා චිත්රපටයේ පෝස්ටර් සහ කටවුට් අතිශය අසභ්ය සහ නින්දා සහගත බවත් තමන් එවැනි ප්රචාරක ව්යාපාරයක් සඳහා ඉඩ නොදෙන බවයි.
මේ අතර මුම්බායේ මහිම් ප්රදේශයේ සහ දිල්ලියේ සීමාපූරි ප්රදේශයේ නාෂා චිත්රපටයේ සරාගී දර්ශන රැගත් පෝස්ටර් සහ කටවුට්වලට විරෝධය දක්වමින් කෝපයට පත් නගර වැසියන් ඒවා ඉරා ගිනිතබා ඇත.
තරුණයකුගේ ලිංගිකත්වය පිළිබඳ ෆැන්ටසියක් අලළා නිර්මාණය වුණු නාෂා මේ වන විට ඉන්දියාව පුරා දැඩි කතාබහට ලක්වෙමින් පවතින අතර පූනම් පාණ්ඩේද බොලිවුඩ් පුරයේ වර්තමානයේ සිටින ඇඳුම් උනා දැමීමට බලා සිටින සරාගී නිළියක ලෙස ඔටුනු පැලැඳ හමාරය. මේ අතර සමහර විචාරකයන් මෙම චිත්රපටය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටින්නේ හොලිවුඩයේ නිල් චිත්රපට නිළියක වන සනී ලියෝන් පවා ඉන්දීය සිනමාව තුළ මෙතරම් සරාගී දර්ශනවලට මේ වනතෙක් පෙනී නොසිටි බවයි. කෙසේ වෙතත් බොලිවුඩ් සිනමාවට පා තැබීම හෝ ජනප්රියත්වය උදෙසා නොව තිරපිටපතට අවශ්ය නිසා අදාළ නිරුවත් දර්ශනවලට පෙනී සිටිය බව පූනම් පාණ්ඩේ අනාගතයේදී පවසනු ඇත. සුරූපී නොවුවත් සරාගී බවෙන් කිසිදු අඩුවක් නොමැති පූනම් පාණ්ඩේ මෑතභාගයේ සරාගී දර්ශන හරහා සිනමාවට එක්වූ බිපාෂා බාසු, මල්ලිකා ෂෙරාවත් වැනි නිළියන්ද අබිබවා ගව් ගණනක් ඉදිරියට ගොස් ඇති බව ඉන්දීය විචාරකයන්ගේ මතයයි. කෙසේ වෙතත් නෂා චිත්රපටයට ලැබෙන ධන සහ ඍණ ප්රතිචාර පූනම් පාණ්ඩේගේ බොලිවුඩයේ අනාගතය තීරණය වනු ඇත.
කේට් තවමත් විලාසිතා මවන්නියන් අතර මුල්තැන
සති දෙකකට පෙර මව් පදවිය ලැබුවත් තමන් තවමත් විලාසිතා මවන්නියන් අතර මුල් තැන සිටිනා බව කේට් කුමරිය යළිත් වතාවක් ඔප්පු කරලා.
රාජකීය විවාහයෙන් පසුව ගැබ් ගන්නා තෙක්ම කේට් කුමරිය අනුගමනය කළ විලාසිතා ලොව පුරාම අනුකරණය වූ අතර ගැබ් ගැනීමෙන් පසුව කේට් කුමරිය අනුගමනය කළ ගැබිනි විලාසිතා ද ලෝකය පුරා ජනප්රිය වුණා. කේට් කුමරිය හොඳම විලාසිතා අනුගමනය කරන මව්වරුන් අතර පළමු තැනට පත්වෙද්දී බොහෝ දෙනාගේ ආදරය දිනා ගෙන සිටින ඇමැන්ඩා හෝල්ඩන් දෙවැනි තැනටත් ඇන්ජලීනා ජොලී තෙවැනි තැනටත් පත්ව තිබෙනවා.
ෂාරුක්, විජෙයි, පවන් ජනප්රියත්වය වෙනුවෙන් තරගයක
පසුගිය 9 වැනිදා ෂාරුක් ඛාන්ගේ අලුත්ම චිත්රපටය Chennai Express තිරගත වීම ඇරඹුවේ Chennai Express පැමිණෙනතුරු බලා සිටි බොහෝ බොලිවුඩ් ප්රේක්ෂකයින්ගේ බලාපොරොත්තු ඉටු කරමින්.
ඒත් Chennai Express සමගම තිරගත වීම් ඇරඹූ කොලිවුඩයේ සුපිරි තරුව විජෙයිගේ අලුත්ම චිත්රපටය Thalaivaa සහ තෙළිඟු චිත්රපට සුපිරි තරුව පවන් කල්යාන්ගේ Attarintiki Daaredhi චිත්රපටය නිසා Chennai Express චිත්රපටය හොඳ ආදායමක් ලැබිමට නම් හොඳ තරගයක් කිරීමට සිදුවන බව කියැවෙනවා. ෂාරුක්, විජෙයි සහ පවන් තිදෙනාම ඉන්දියාවේ පමණක් නොව ලෝකයේ බොහෝ බොලිවුඩ් කොලිවුඩ් රසිකයින් අතර ජනප්රිය නිසා මේ චිත්රපට තුනම එකම ලෙසට ප්රේක්ෂක ආකර්ෂණය ලැබිය හැකි චිත්රපට බව ඇතැමුන් පවසනවා. එසේම එකම ලෙස ජනප්රිය විය හැකි මේ චිත්රපටවල ආදායම් වෙනස ඇති වන්නේ ඉන්දියාවට සමගාමීව මේ චිත්රපට තිරගත වීම අරඹන අනෙකුත් රටවල් නිසා බවට මත පළවී තිබෙනවා. කෙසේ වෙතත් තම තමන් දායක වන චිත්රපටවල ජනප්රියත්වය වැඩි කර ගන්නට ෂාරුක්ට විජෙයිට සේම පවන්ටත් වැඩිපුර වෙහෙසෙන්නට සිදුවන බවත් අමුතුවෙන් කිව යුතු නැහැ.

+(1).jpg)
.jpg)

.jpg)
.jpg)

.jpg)

.jpg)