පොඩි දරුවෙක් පළමු වරට මුහුදු වෙරළට එක්කගෙන ගියහම ඔවුන් වෙරළේ දිවයමින් රැල්ල පාගන්නේ ඉතාමත් ප්‍රීතියෙන්.
අලුත උපන් කුඩා අලි පැටවෙක් සත්ව උද්‍යානයකට රැගෙන යන අතරේ එහි සේවකයන්
පැටවාව සුළු මොහොතකට මුහුදු වෙරළට ගෙන ගියා. මේ ඡායාරුපයේ දැක්වෙන්නේ ඒ අලි
පැටවා කුඩා දරුවෙක් මෙන් වෙරළේ සෙල්ලම් කරන ආකාරයයි. මුහුදු වෙරළේ
සුන්දරත්වය දුටු පැටවාට තමන්ගේ අම්මාව දාලා යන දුකත් ටිකකට අමතක වෙලා.
අපි සත්ව පැටවන් විවිධ හේතු නිසා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කරත් අපි මතක
තබා ගත යුතු එක දෙයක් තියනවා. කොයි සතා අතර උනත් ළමා අවධියේ කිසිම වෙනසක්
නැති බව. හදවතින් ඔවුන් හැමෝම අපේ කුඩා දරුවන් වගේමයි. මේ ලෝකේ තියෙන
කුරුරිකම් කිසි දෙයක් ඔවුන්ට තේරෙන්නේ නෑ. ඔවුන්ට අවශ්‍ය ආදරයත් සෙල්ලම්
කිරීමේ නිදහසත් විතරයි.
https://www.youtube.com/watch?v=aKCSOAy3Mfg&list=TLSmYGbG8YiAE
0 comments:
Post a Comment