Monday, August 12, 2013

දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 08 වන ගුණානුස්මරණ දිනය

කෘතහස්ත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 08 වන ගුණානුස්මරණ දිනය අදට (12) යෙදී තිබේ. ඒ වෙනුවෙන් කොළඹ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායන් මධ්‍යස්ථානයේ පැවති උළෙලේදී කදිරගාමර් මහතාගේ පිළිරුවක් නිරාවරණය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන ලදී. එසේම කදිරගාමර් මධ්‍යස්ථානයේ 2011-13 ප්‍රගති සමාලෝචන වාර්තාව එහි විධායක අධ්‍යක්ෂ අසංග අබේගුණසේකර මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයාට පිළිගන්වන ලදී. 

කදිරගාමර් මහතාගේ ආදරණීය බිරිඳ වන සුගන්ධි කදිරගාමර්,මහාචාර්ය ජී.එල් පීරිස්, දිනේශ් ගුණවර්ධන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද මෙම මොහොතට එක්වූහ. දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ පිළිරුව ස්ථාපිත කිරීම සිදුකර ඇත්තේ රුසියානු කලා ඇකඩමිය විසිනි. එහි නිර්මාපකයා වූයේ රුසියානු කලා ඇකඩමියේ සභාපති සුරාබ් සරට්ෂේලි මහතාය. මේ එකී පිළිරුව විවෘත කළ අවස්ථාවයි. 


0 comments:

Post a Comment