දිල්ලියේ නාගරික ජනපදයක උපන් ඇගේ වර්තමාන වයස අවුරුදු 22කි. වයස විසි දෙකක් වුවද ඇය මේ වන විට මුළු ඉන්දියාවම කැලඹීමටත් සමත්ව ඇත්තාය. නිරූපිකාවක ලෙස අඩු වයසින්ම ඇය ජනතාවගේ හද දිනාගත්තේ සරාගී බවම ප්‍රයෝජනයට ගනිමිනි අෑ පුවත් මවන්නියක වූවාය. ඒ හරහා ලැබූ ජනප්‍රියත්වය ඇයට බොලිවුඩ් සිනමාවේ ෙදාරටු විවෘත වන්නට වූයේද අතිශය සරාගී චරිතයක් මැවීම සඳහාය.

නාෂා චිත්‍රපටය තිරගත වීමට ප්‍රථමයෙන් නිකුත් කළ එහි පූර්ව දර්ශන ඉන්දීය රසිකයන් කුල්මත් කිරීමට මෙන්ම විරෝධතාවනට මුහුණ දීමට සමත් විය. කෙසේ වෙතත් චිත්‍රපටයේ ප්‍රචාරක උපක්‍රමයක් ලෙස හොර රහසේ පිට වූවා යැයි කියන නාෂා චිත්‍රපටයේ පූර්ණ දර්ශනද අන්තර්ජාලයට එකතු කර ඇත්තේ චිත්‍රපටයට අනපේක්ෂිත රසික ආකර්ෂණයක් ලබා ගැනීම සඳහා යැයි අනුමාන කළ හැකිය.
කැමරාව ඉදිරියේ ඕනෑම ආකාරයක නිරූපණයක් කළ හැකි යැයි කට මැත ෙදාඩවන පූනම් පාණ්ඩේ ඒ බව මේ වනවිට ඔප්පු කර හමාරය. ඒ 2011 වසරේ සුප්‍රකට ගැල්ඩ්‍රැක්ස් දින දර්ශනය සඳහා අඩ නිරුවතින් පෙනී සිටීම සහ එම වසරේදීම සුප්‍රකට කිංග් ෆිෂර් දින දර්ශනය සඳහා පෙනී සිටිමිනි. සරාගී ළඳුන් පමණක් යොදා ගන්නා සුප්‍රකට කිංග් ෆිෂර් දින දර්ශනය සඳහා ඇය අන් සියල්ල පරදවමින් දින දර්ශනයේ පෙනී සිටීමට අවස්ථාව උදාකර ගත්තේ ඇගේ වූ සරාගී බව නිසාමය.
නිරූපිකාවක් ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටි පූනම් පාණ්ඩේ ලෝක ප්‍රසිද්ධ වූයේ පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව ජය ගතහොත් ඉන්දීය කණ්ඩායම ඉදිරියේ සිය ඇඳුම් උනා දමන බවට පෙරළිකාර ප්‍රකාශයක් කරමිනි. ඇගේ එම අභියෝගය ඉන්දීය කණ්ඩායම ජයගත්තද ඇය ඔවුන් ඉදිරියේ සැබෑවටම ඇඳුම් උනා දැම්මාද නැද්ද යන්න නිසැකවම දන්නේ ඇය සහ ඉන්දීය කණ්ඩායම බැවිනි. ඒ මන්ද යත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කැරැට්ටුව අප දන්නා බැවිනි.
කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගෙන වසරක් ගිය තැන සිට ට්විටර් සමාජ ජාල ගිණුමට තමන්ගේ නිරුවත් ඡායාරූපයක් එක් කරමින් පූනම් පාණ්ඩේ එහි සටහන් කර තිබුණේ. "මම පොරොන්දුව ඉටු කර ඇති බවයි." එම ඡායාරූපය සිට ට්විටර් ගිණුමට එක් කරමින් ඇය අනතුරු අඟවා සිටියේ වයස 18ට අඩු අය තම ඡායාරූපය නැරැඹීම සම්බන්ධයෙන් තමන් වගකීමක් නොගන්නා බවයි.
ලෝක කුසලානය සේම අයි.පී.එල්. තරගාවලියේදී ද ඇය පෙරළිකාර ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කල්කටා නයිට් රයිඩර් කණ්ඩායමේ හිමිකරු සේම සුපිරි නළු ෂාරුක් ඛාන් තමන්ගෙන් ඉල්ලා සිටින්නේ නම් තමන් ඔහු ඉදිරියේ නිරුවත් වීමට සූදානම් බවයි. එම ඉල්ලීම ද සිදුවූවා දැයි නොමැති දැයි දන්නේ ඔවුන්ම පමණි. කෙසේ වෙතත් පූනම්ගේ මෙම පෙරළිකාර හැසිරීම ජනමාධ්‍ය අවධානය යොමු කරගැනීමට දැයි විටෙක අනුමාන කළ හැකිය. ඒ හරහා ඇයට බොලිවුඩ් නෙත් තමන් වෙත හරවා ගැනීමට අවශ්‍ය වූවා විය හැකිය.
බලාපොරොත්තු වූ පරිදි හෝ නැතිව ඇය වෙත බොලිවුඩ් පුරයෙන් ආරාධනාවක් ලැබිණි. එයද අඩ නිරුවත් සහ අඩනිරුවත් දර්ශන සහිත නාෂා චිත්‍රපටය සඳහාය. කැමරාව ඉදිරියේ ඇඳුම් උනා දැමීමට නොපැකිළිව ඉදිරිපත් වන පූනම් පාණ්ඩේ වහා එම චිත්‍රපටයට කැමැත්ත පළ කළ අතර දැනට බොලිවුඩ් පුරයේ සිටින සමහර ජනප්‍රිය නිළියන්ද බොලිවුඩ් සිනමාවට පා තබා ඇත්තේ මුල් කාලයේ අතිශය සරාගී චරිතවලට දායක වීමෙන් නිසා තමන්ට මෙම මහඟු අවස්ථාව ලබා ගන්නේ යැයි ඇය සිතුවා වන්නට පුළුවන.
තරුණ ගැටයකු හා පෙමින් වෙළෙන හා ඔහු හා සැතපෙන දර්ශන ඇතුළත් නාෂා එක්තරා ආකාරයට මින් පෙර තිරගත වූ මලීනා සහ මලීසියා වැනි චිත්‍රපටවලට සමාන බවක් දක්වයි. චිත්‍රපටයේ පෙර දර්ශන අන්තර්ජාලයට එක් කළ සැණින් අතිවිශාල පිරිසක් එය නරඹා සහ බාගත කර ඇති අතර පිරිමි ළමයකු හා පෙමින් වෙළෙන දර්ශන සේම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා අඩ නිරුවත් දර්ශන රැගත් පෝස්ටර් සහ කටවුට් රට පුරා ප්‍රදර්ශනය කිරීම නිසා නාෂා චිත්‍රපටයට එරෙහිව දැවැන්ත විරෝධතාවක්ද දේශපාලන සහ සාමාන්‍ය ජනතාවගෙන් එල්ල වෙමින් තිබේ.
ඉන්දියාවේ ශිව සේනා පක්ෂය නාෂා චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටර් ව්‍යාපාරයට දැඩි ලෙස විරෝධය දක්වා ඇත්තේ එහි නිෂ්පාදක ආදිත්‍ය භාතියා පවසන්නේ තමන් ඒ සඳහා බටහිර ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයන්ගේ සංගමය ඒ සඳහා අවසර ලබාදී ඇති බැවින් තමන් තම ප්‍රචාරක ව්‍යාපාරය අකුළා නොගන්නා බවයි. මේ අතර ශිව සේනා පක්ෂයේ ලේකම් අක්සේ භාරදපුර්කර් පවසන්නේ නාෂා චිත්‍රපටයේ පෝස්ටර් සහ කටවුට් අතිශය අසභ්‍ය සහ නින්දා සහගත බවත් තමන් එවැනි ප්‍රචාරක ව්‍යාපාරයක් සඳහා ඉඩ නොදෙන බවයි.

තරුණයකුගේ ලිංගිකත්වය පිළිබඳ ෆැන්ටසියක් අලළා නිර්මාණය වුණු නාෂා මේ වන විට ඉන්දියාව පුරා දැඩි කතාබහට ලක්වෙමින් පවතින අතර පූනම් පාණ්ඩේද බොලිවුඩ් පුරයේ වර්තමානයේ සිටින ඇඳුම් උනා දැමීමට බලා සිටින සරාගී නිළියක ලෙස ඔටුනු පැලැඳ හමාරය. මේ අතර සමහර විචාරකයන් මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටින්නේ හොලිවුඩයේ නිල් චිත්‍රපට නිළියක වන සනී ලියෝන් පවා ඉන්දීය සිනමාව තුළ මෙතරම් සරාගී දර්ශනවලට මේ වනතෙක් පෙනී නොසිටි බවයි. කෙසේ වෙතත් බොලිවුඩ් සිනමාවට පා තැබීම හෝ ජනප්‍රියත්වය උදෙසා නොව තිරපිටපතට අවශ්‍ය නිසා අදාළ නිරුවත් දර්ශනවලට පෙනී සිටිය බව පූනම් පාණ්ඩේ අනාගතයේදී පවසනු ඇත. සුරූපී නොවුවත් සරාගී බවෙන් කිසිදු අඩුවක් නොමැති පූනම් පාණ්ඩේ මෑතභාගයේ සරාගී දර්ශන හරහා සිනමාවට එක්වූ බිපාෂා බාසු, මල්ලිකා ෂෙරාවත් වැනි නිළියන්ද අබිබවා ගව් ගණනක් ඉදිරියට ගොස් ඇති බව ඉන්දීය විචාරකයන්ගේ මතයයි. කෙසේ වෙතත් නෂා චිත්‍රපටයට ලැබෙන ධන සහ ඍණ ප්‍රතිචාර පූනම් පාණ්ඩේගේ බොලිවුඩයේ අනාගතය තීරණය වනු ඇත.
0 comments:
Post a Comment