
බෝල්ඩ් බොලිවුඩ් චිත්‍රපටයේ කතාව ගොඩනැඟී ඇත්තේ සිනමා නිළියක වීමේ නොතිත් ආශාවෙන් මුම්බායි නුවර වෙත පැමිණෙන සුරූපී යුවතියන් තිදෙනකු කේන්ද්‍ර කර ගෙනයි. මෙහි ප්‍රධාන චරිත සඳහා මේ වන විට නළු නිළියන්ද තෝරා ගෙන තිබෙනවා. සන්දීපා දාර්, ශ්වේතා භාරද්වාජ්, රාජ්පාල් යාදෙව් සහ මනෝජ් ජෝශිප් යන යොවුන් නළු නිළියන් මෙහි ප්‍රධාන චරිත රඟනවා. බෝල්ඩ් බොලිවුඩ් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා තම කුලුඳුල් සිනමා පටය ගැන මේ අයුරින් අදහස් දැක්වූවා. 'ජියා ගැන පහුගිය දවස්වල පළ වූ නොයෙකුත් ප්‍රවෘත්ති මම කියවා බැලුවා.
ඉන් පස්සේ තමයි, මේ විදියේ චිත්‍රපටයක් කරන්න මට හිතුණේ. බොලිවුඩ් සිනමාව තුළ රැඳී සිටින්න, ජනප්‍රිය වෙන්න පහසු නැහැ. ඒ තුළ අනන්තවත් යටි උගුල් ක්‍රියාත්මක වෙනවා. මම මේ චිත්‍රපටයෙන් උත්සාහ කරන්නේ බොලිවුඩ් සිනමාවෙ මතුපිටට නොපෙනෙන අසුන්දර පැත්ත විවරණය කරන්නයි. චිත්‍රපටයේ එන තරුණියන් තුන්දෙනාගෙන් එක් කෙනකුගේ ජීවිතය ජියා ඛාන්ගේ ජීවිතයට සමානයි. ඇය, ඇගේ කෙටි ජීවිත කාලයේදී මුහුණ දුන් නොයෙකුත් බාධක, හැලහැප්පීම් වගේම ඇය ලැබූ ජයග්‍රහණද මේ චිත්‍රපටයෙන් විවරණය කෙරෙනවා.'අධ්‍යක්ෂ රික්ෂිට් මට්රාගේ මේ වෑයමට දස අතින් කෙබඳු අන්දමේ ප්‍රතිචාර හිමිවේදැයි සඳහන් කිරීමට තවම අපහසුයි.
0 comments:
Post a Comment